(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වළක්වාලමින් විරෝධතා මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නිතිය දීර්ඝ කිරීම සහ නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඉකුත් අප්‍රේල් 2 වැනිදා සිට ශ්‍රී ලංකාව හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ඉකුත් ජූලි 17 වැනිදා හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ බවත් එම නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගනිමින් ඉකුත් ජූලි 27 වන දින වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කළ බව එහි සඳහන් වේ.එමගින් ඇඳිරි නීතිය පැනවීමට අවකාශ සහ ආරක්ෂක හමුදාවන්ට පුළුල් හා අභිමතය පරිදි බලතල ලබා දීමට හැකියාව ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
එවැනි බලතල ආරක්ෂක අංශවලට අධීක්ෂණයකින් තොරව විරෝධතාකරුවන් රඳවා තබා ගැනීමටත් වරෙන්තුවකින් තොරව පෞද්ගලික දේපළ පරික්ෂා කිරීමටත් ඉඩ සැලසෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.
හදිසි නීතිය අවභාවිත කිරීම පිළිබඳ අවස්ථා කිහිපයකදී රජයට දැනුම් දීමක් සිදු කළත් ඉන් ප්‍රයෝජනයක් නොවූ බව මානව හිමිකම් විශේෂඥයන් පෙන්වා දුන්නේය.එසේම සාමකාමීව රැස්වීමට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් මෑතකදී සහ දිගින් දිගටම හදිසි නීතිය අවභාවිතා කරමින් ගනු ලබන ක්‍රියාමාර්ග හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුක්ගැනවිලි කියන ජනතා විරෝධතා මර්දනයට හදිසි නිතිය දැමීම හෙළා දකිනවා
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 August 2022 01:33 PM
මේ රටේ ජනතාව පාරට බැස්සේ තවත් ඉවසිය නොහැකි වීම නිසයි.දෙතුන් ගුණයකින් හා නිතර නිතර බඩු මිල ඉහළ යෑම,ගෑස් ඉන්ධන පෝලිම් ආදී තවත් අනේකවිධ පීඩනය තවත් ඉවසිය නොහැකි තැන මිනිසුන් පාරට බැස්සා.එය මෙල්ල කළයුතු වන්නේ,ඒ ඒ ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා දීම තුළින් මිස හදිසි නීතිය දැමීමෙන් නොවේ.
sharm warn Tuesday, 09 August 2022 02:08 PM
දේශපාලන මැරයෝ සහ අසික්කිත හොරු රැළක් විසින් මුලු රටේම ජනතාවගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලන්ඝනය කරනවා මහ දවල් එළිපිට. හැබැයි ඒ ජනතාවගෙන් අඳ ගොළු බිහිරි වෙච්ච සෙට් එකක් ඒකට මල්වෙඩි පත්තු කරලා කිරිපත් කනවා.
Bamunuarachchi Tuesday, 09 August 2022 06:19 PM
දුක් ගැනවිලි යන්නෙන් අදහස් කරන්නේ රජයේ දේපළ මංකොල්ල කමින් ගිනි තියමින් හොරකම් කිරීමද?