SDTI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.
සියලු දකුණු ආසියානු රටවල නියෝජනය සහිතව බංගලාදේශයේ ඩකා අගනුවර දී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන ප්රදානෝත්සවය සඳහා අමාත්‍යවරු සහ තානාපතිවරු රැසක් සහභාගී වූහ.
SDTI කැම්පස් 2011 අග්‍රාමාත්‍ය සම්මානය, 2013-2014 එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන රන් සම්මානය, 2018 ජාතික විශිෂ්ටතා සම්මානය, 2021 ද. ආසියානු සම්මාන උළෙලේ දී විශිෂ්ටතා සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ඇත.
මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නිපුණතා සංවර්ධන අරමුදල හා අනුබද්ධිතව උසස් අධ්‍යාපන පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා රැසක්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම හැදෑරීමේ අවස්ථාව SDTI කැම්පස් විසින් සපයනු ලබන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් එම උපාධි පාඨමාලා සඳහා රාජ්‍ය බැංකුවලින් අධ්‍යාපන ණය පහසුකම් ද සැපයේ.
එසේම රැකියා කරන අතරතුර එම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ද සළසා ඇත. වෘත්තීමය විශිෂ්ටයෙකු වීමට මග පෙන්වන පරිදි ඉගැන්වීම් හා පාඨමාලා නිර්මාණය කර තිබීම SDTI කැම්පස්හි සුවිශේෂත්වයක් බව එහි සභාපති, නීතිවේදී, කීර්ති ශ්‍රී දේශබන්ධු, ආචාර්ය ශාන් බණ්ඩාර මහතා පැවසීය. උපදේශන මනෝ විද්‍යාව, කළමනාකරණ, බැංකුකරණ, ව්‍යාපාර පරිපාලන, ගුරු, හෙද, වෛද්‍ය රසායනාගාර, ඖෂධවේ දී, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, විලාසිතා, රංගන හා නිවේදන, භාෂා ආදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දිවයින පුරා විහිදී තිබෙන ශාඛා ජාලයක් හරහා මෙන්ම දුරස්ථ අධ්‍යාපනය හරහා ද අධ්‍යයන කටයුතු කිරීමට ද සිසුන්ට හැකිය.
595
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය