(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කිරීමට තමන් විරුද්ධ වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී රජයේ නීතිඥ නාවින්ද ද වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජීවන්ත පීරිස් පියතුමා ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.
මෙම පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සැලකිල්ලට ගැනිනි.
පෙත්සම්කරු දැනටමත් අධිකරණ නියෝගයකට යටත් කර ඇති බවත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පෙත්සම්කරු මේ වන විට සැඟවී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලන අධිකරණය නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සදහන් කර සිටියේ තම සේවදායකයා කිසිදු අයුරකින් නීතිවිරෝදී කටයුත්තක් සිදු නොකළ බවත් මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන සලසා දෙන ලෙසත් ය.
මෙම පෙත්සම සැප්තැම්බර් මස 01 වැනිදා කැදවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනිම වලකාලනවාට නීතිපති විරුද්ධ වෙයි
sharm warn Tuesday, 09 August 2022 01:47 PM
අපේ ජාතික ආදයම එළිපිට මංකොල්ල කාලා දාගෙන ශැපට ඉන්නා දේශපාලක හොරුන්ව අල්ලන්න නීතිපතිට බැරිද? මේ දාන සද්ද එයාලට දාන්න බැරිද?
mahesha Tuesday, 09 August 2022 03:58 PM
පියතුමෙක් නෙමෙයි කාදිනල් තුමා වුනත් මේ රටේ හින්දු මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි බෞද්ධ ඔය ඕනෙම පුජක කෙනෙක් නීතියට යටයි. ඇරෙස්ට් කරන්න පුළුවන් වෙන්න ඕන.
mrd Tuesday, 09 August 2022 04:03 PM
තමන්ගේ පල්ලියේ බුදු පිළිමයක් තියාගෙන ගෙවල් පුච්චන්න හමුදාවට ගහන්න නීතිය කඩන්න උගන්නන ඒ අපරාධකරුවන් අල්ලද්දී ඒවාට විරුද්ධ වෙන මනුස්සයයි බුදුසරණයි කියල ලොරියේ ගහල මරන්න හොරෙන් හරක් පටවන අප්පච්චිල අතරයි ලොකු වෙනසක් නැහැ.
බෞද්ධයා-ජිනීවා Tuesday, 09 August 2022 04:09 PM
ලොව සැම කිස්තු බැති වෙනුවෙන් කරන යාඤාවකි මෙය.....!!!! මේ අවස්ථාවේ හැටියට ජීවන්ත පීරිස් පියතුමා අත් අඩංගුවට නොගෙන අවවාදයක් පමනක් දී නිදහස ලබා දෙන්න..!
Bamunuarachchi Tuesday, 09 August 2022 06:22 PM
අත්අඩංගුවට ගන්නවා විතරක් නොවෙයි ඉල ඇට දෙක තුනක් කඩන්න ඕනේ. කතෝලික බලවේගය හෙමින් ඔලුව උස්සනවා වගෙයි. බෞද්ධයින් අවදි වෙයව්
sam Friday, 12 August 2022 08:54 AM
ඔක්කොම නීති දාන්න හදන්නේ රට හොරාකාපු කාලකන්නි සාටකයින්ට විරැද්ධව සාධාරණ අරගලයක් කල මේ ජාතික වීරයෙක් බදු පියතුමයි, ස්වාමීන් වහන්සේලයි, රට භාරගන ඉන්න අනාගත පරපුරයි. රාජපක්ෂ හොරැ රැලම නිදැල්ලේ. මෙන්න ලංකාවේ වැනෙන නීති. මේවා සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තරය දැනුවත් කලයුතුය. විශේෂයෙන්ම ලංකාවේ වැනෙන නීතිය.