IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජපන් රැකියාවලට යන්න පාසල් අවදියේම භාෂා පුහුණුව

(ඩයනා උදයංගනී)

මෙරට දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක තාක්‍ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් අනුව එරට ක්‍ෂේත්‍ර 14ක රැකියා සඳහා අයදුම්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව පවතින බවත් ඒ සඳහා අයදුම් කිරීමට ජපන් භාෂා ප්‍රවීණත්වය අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි වසර 5ක කාලයේදී ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 3,45,000ක් බඳවාගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් ජපානය සමඟ ගිවිසුම්ගත වී ඇති බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එම රැකියා සඳහා අවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණතාව මෙරට වැසියන්ට ලබාදීමේ ආරම්භයක් ලෙස ජපන් භාෂාව ඉගැන්වීම සඳහා පියවර ගන්නා බවත්, මීට අමතරව එරට රැකියා ඉලක්ක කරගත් සාත්තු සේවා, ආගන්තුක සත්කාර, ගොඩනැගිලි පිරිසිඳු කිරීම්, කෘෂිකාර්මික කටයුතු, මෝටර් රථ කාර්මික ආදී ක්‍ෂේත්‍රයන්හි කුසලතා වර්ධනය කිරීමටත් පියවර ගැනීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.



අදහස් (9)

ජපන් රැකියාවලට යන්න පාසල් අවදියේම භාෂා පුහුණුව

ලක්සිරි පැරිසියේ Tuesday, 09 August 2022 04:11 PM

ඔව් අපිව රටවල යවලා උඹලා හොරකම් කරපියව්.

:       52       26

සෑම් Tuesday, 09 August 2022 05:30 PM

ලැජ්ජයි යකෝ, පිටරට වහල් සේවයට යවන්න ලංකාවේ පාසල් ළමයි කුඩා අවදියේ ඉඳන් පුහුණු කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න කම්බා හොරු බංකොලොත් කරපු රටේ ණය ගෙවන්න පොඩි කලේ ඉඳන් ළමයි වහල් සේවයට හුරු කරනවා. පුළුවන්නන් හදපන් වෘතිකයෝ!! අඩු පඩි වලට වහල් සේවයට ළමයි යවන්නේ නැතුව.

:       32       13

KesaraTuesday, 09 August 2022 10:07 PM

ජපානයේ අඩුම වශයෙන් සේවකයන්ට වෘත්තීයමය පරිසරයසේම නීතියේ ආරක්ෂාව තියෙනවා. එම නිසා ජපානයේ සුලු සේවයත් මැද පෙරදිග ඇතුලු වෙනත් රැකියාවකට වඩා වඩා වටිනවා. මැද පෙරදිග අපේ මිනිසුන්ව බල්ලො ගානටවත් සලකන්නෙ නෑ. ඊටත් ජපානයේ වැටුපත් හොඳයි, හරිම ලස්සනයි තීරණය දරුවන් සතුයි.

:       1       3

chandimaTuesday, 09 August 2022 10:19 PM

භාෂාවක් ඉගෙන ගන්නේ පිටරට රැකියාවකට යන්නම නොවෙයි. ඇමරිකාව ඇතුලු දියුණු රටවල් වල දෙවෙනි ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගැනීම අනිවාර්යයි.

:       1       2

chandima Tuesday, 09 August 2022 06:31 PM

ඔය ගමන්ම ජර්මන් භාෂාව, නෝර්වේජියානු භාෂාව, යුදෙව් භාෂාව වගේ භාෂා ඉගැන්නුවොත් ඒ රටවලත් ඔය කියන රැකියා අවස්ථා එමට තියෙනවා

:       40       142

SenakaTuesday, 09 August 2022 10:03 PM

ජර්මන් භාෂාව නම් හොඳයි. නෝර්වේ භාෂාව ආසාවට ඉගෙන ගත්තට කමක් නෑ ඒත් වැඩක් නම් නෑ. යුදෙව් කියල භාෂාවක් නෑ. හීබෲ කියල එකක් නම් තියෙනවා. ඊට වඩා ප්‍රංශ, ජපන් භාෂා ඉගෙනීම වටිනවා. ඒ වගේම අසල්වැසි රටවලින් ආනයන හා ප්‍රතිඅපනයන ව්‍යාපාර අරමුණු කරගෙන ඉන්නවා නම් හින්දි චීන වැනි භාෂාවක් දැන සිටීම අතිශයින් ලාභදායකයි.

:       1       7

BamunuarachchiThursday, 11 August 2022 04:59 PM

භාෂාව ඉගෙන ගත්තා කියලා ඒ රටවල රැකියා ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ලංකාවේ අයට. ලංකාවේ අයට රැකියා ලැබෙන්න නම් විශේෂ සුදුසුකමක් තිබෙන්න ඕනේ.

:       0       0

Sayani thisera Thursday, 11 August 2022 10:27 AM

මං හිතන්නේ හොඳ ආරම්භයක් තමන්ගේ දරුවන් ඉහළට අරගෙන යන්න දෙමාපියන් විදිහට අපේ ලොකු හීනයක් අධිෂ්ඨානයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වුණොත් හොඳයි

:       0       0

menna Saturday, 13 August 2022 05:54 AM

ජාත්‍යන්තරය සමග සම්බන්ධ වී විදේශ වෙළඳාම සහ ඒ හා සම්බන්ධ කටයුතු සඳහා මෙවැනි කටයුතු උදව්වක් කරගැනීම හොඳ වැඩක්... ඒ වගේම මේ කටයුතු සිදුකළ යුත්තේ නියමාකාර විදේශ ප්‍රතිපතියක් සහ විශ්වවිදයාල හා සම්බන්ධ වූ අධ්‍යයන කටයුත්තක්ද සමගයි. ආර්ථික සමාජීය අධ්‍යයනයක් කරන ගමන්ම මේ වැනි කටයුතු ඉදිරියට කරගෙන ගියොත් හොඳයි. ඒ වැනි අධ්‍යයනයක් නොකඩවා කිරීමේදී ඒ ඒ කාලයට අවශ්‍ය නීති යාවත් කාලින කිරිමේදී එම අධ්‍යයන වල වාර්තාද උදව්වක් කරගනිමට පුළුවන් වෙයි කියලා හිතනවා. රටවල් දෙක අතර සම්බන්ධතා වර්ධනයට මානුෂිය ක්‍රියාකාරකම් අවශ්‍යයි. වෙළඳාම පමණකින් රටවල් සම්බන්ධ වෙන අවස්ථා තිබුණත්, ලංකාව විදේශ වෙළඳම වර්තමානයට ගැලපෙන විදියට යාවත් කාලීන වී නොමැත. බැලූබැල්මට සංවර්ධනය වූ වහල් වෙළඳාමක් හා සමානයි. නමුත් ලංකාව ලෝක ආර්ථිකයේ පසුගාමී රටක් බැවින්ද, ලෝකය සමග සටන් කළහැකි ආරක්ෂක හා තාක්ෂණික සවියක් නොමැති බැවින්ද මෙවැනි කටයුතු හරහා හෝ සම්බන්ධ වී ස්මාර්ට් ලෙස කටයුතු කළොත් "වින් වින්" තත්වයක් ඇතිකර ගැනීමට පුළුවන් වෙයි කියලා හිතනවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 56 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 41 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 48 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 97 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 228 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 1135 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1391 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site