IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිට අමතක වූ දෙයක් මුජුබුර් මතක් කරයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයාට ප්‍රධාන කාරණයක් අමතක වූ බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දූෂණය නතර කිරීම ගැන සහ මෙතෙක්  සිදුවූ දුෂණයන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව කීමට ජනාධිපතිවරයාට අමතක වූ බව කී මුජිබුර් රහුමාන් මහතා  කතාවෙි එක තැනකවත් දූෂණය නතර කරන බවක් හෝ පසුගිය කාලයේ සිදු වූ  දූෂණ ගැන සොයා බලන වගක් කිව්වේ නැති බව පැවසීය.

දේශපාලකයන් ගැන සමාජයේ ලොකු වෛරයක් තිබෙන අතර දේශපාලකයන් එය තේරුම් ගත යුතු යැයිද  එම වෛරය ඇති වුනේ ඇයි දැයි තේරුම් ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.

අරගල කරන තරුණයන් නැගිට්ටේ කන්න ඕන වුනාම  කබරගොයාත් තලගොයා කර ගන්නා සම්ප්‍රදායට බවත් මෙය දේශපාලනිකව කියවා ගන්න බැරිනම්  වත්මන් දේශපාලකයන්  ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන බවත් මුජුබුර් රහුමන් මහතා කීය.



අදහස් (6)

ජනාධිපතිට අමතක වූ දෙයක් මුජුබුර් මතක් කරයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 August 2022 04:04 PM

දේශපාලකයන් හොරා කෑ නිසා රට බංකොලොත් වූ බව අමතක නොකළ යුතු දෙයක්.විශේෂයෙන්ම,පැන්ඩෝරා පේපර්ස් සිද්ධිය,විදෙස් සංචිත හා දේපළ ඇතුළු රටේ මුදල් සොරාගත් සියලු දේ ගැන නිසි විගණනයකට ලක්විය යුතුය.රටේ සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වූ අය රට පාලනය කිරීමට පැමිණි විට මේ තරම් වත්කම් හා දේපළ හිමිවූයේ කෙසේදැයි සොයා බැලිය යුතුය.පිටරටකට ගෙනගිය මුද්‍රිත කඩදාසි තොගය ගැන දැන් බොහෝ දෙනාට අමතකව ගියා සේ පෙනේ.මේ සඳහා සෙවීමට රහස් පොලිසියේ දක්ෂ නිලධාරීන් යොදාගෙන,ඔවුන් හට ජාත්‍යන්තර පොලීසියේ සහායද ලබා දිය යුතුය.රටේ ජනතාවගෙන් තොරතුරු හා පිටරට සිටින ශ්‍රී ලංකා පුරවැසියන් දුන් බොහෝ තොරතුරු හා විඩියෝ ලබාගෙන ඒ ඔස්සේ නිසි පරිදි කටයුතු කළ යුතුය.

:       2       18

GamageWednesday, 10 August 2022 03:03 AM

මේ කතාව YouTube වල තියෙනවා. ඉතාම වැදගත් කරුණු තමයි මේ මන්ත්‍රිනිය ඉදිරිපත් කරලා තිබෙන්නේ

:       1       2

Hafeel Tuesday, 09 August 2022 04:29 PM

මට නම් ඔය මුජිබුර් රහ්මානුත් එකයි රනිලුත් එකයි. වෙනසක් නැහැ. 2015 දී ඔයා ඇතුළු රනිල්ගේ ආණ්ඩුව දුෂිතයන්ට දඬුවම් දෙනවයි කියල බලයට ඇවිත්, එම දුෂිතයන්ව ආරක්ෂා කළා. පසුව ඔයාලා චෝදනා කලේ රනිල් තමයි දුෂිතයන්ව ආරක්ෂා කළා කියල. නමුත් රනිල්ට එරහිව විශ්වාස බංගයෙදී ඔයාත් රනිල්ට පක්ෂව ඡන්දය දුන්නා. ඒ නිසා "කබරගොයාත් තලගොයා" කතාව ඔයාටත් ගැලපනවා.

:       4       18

KULE Tuesday, 09 August 2022 04:55 PM

මෙයාත් ඉතින් හැරෙන හැරෙන පැත්තතේනේ

:       3       16

Lelwala Tuesday, 09 August 2022 05:21 PM

පාර්ලිමේන්තුවේ වල් පල් කතා කිරිම මිස මහජනයාට ඒකෙන් ඇතිවන සහනයක් නොමැත.

:       3       13

Bamunuarachchi Tuesday, 09 August 2022 06:08 PM

අපට දේශපාලකයින් කෙරෙහි වෛරය ඇතිවුනේ 1977 සිටයි. රටට වැඩක් සිදුකර හොරකම් කළා නම් අඩු වශයෙන් මේ හොරු රටට වැඩක් කළා යන හැඟීමවත් ජනතාවට එනවා. ඇපල් වතු ගත්තේ මහවැලිය කඩිනමින් ඉවර කරලයි. තව කෙනෙක් කොමිස් ගත්තේ, ප්‍රධාන වශයෙන් අවුරුදු 30 යුද්ධය දිනලා, යුගදනවි නොරොච්චෝලේ විදුලිබලාගාර ඇති කරලා, දකුණු අධිවේගී මාර්ගය කරලා. 2014-2020 කාලේ ඩොලර් බිලියන 7ක් ණයගත්තේ මොනවා කරන්නද? මහ බැංකුව කොල්ල කෑවේ කාව පොහොසත් කරන්නද? අපි ඒ වෛරය 2020 දී පෙන්නුවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 85 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 232 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 597 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 872 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 327 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 159 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site