IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජන අරගලයට ගෞරව දක්වන්නැයි පුරවැසි ආඥාවක්

(යොහාන් භාසුර)

වෘත්තිය සමිති සම්බන්ධීරණ මධ්‍යස්ථානය ජන අරගලයට ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා අද (9) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය.

එම විරෝධතාවට සහභාගි වූ පිරිස නිදහස් චතුරශ්‍රයේදී ‘මහජන ආඥාවක් නිකුත් කළහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ) 



අදහස් (25)

ජන අරගලයට ගෞරව දක්වන්නැයි පුරවැසි ආඥාවක්

යෝගා Tuesday, 09 August 2022 08:46 PM

100ක් 200ක් එකතු කරගත්තු NGO නඩ කිහිපයක් මහජනතාව කියල හඳුන්වන්න බැහැ.

:       33       77

ganegoda Tuesday, 09 August 2022 08:59 PM

අපගේ උපරිම සහයෝගය සහ ගෞරවය සහ ඔබ සියලු දෙනාට ශක්තිය ලැබීමට ප්‍රාර්ථනා කරනවා

:       99       41

ඇත්ත..!!Tuesday, 09 August 2022 11:05 PM

ගනේගොඩ මහත්තයෝ.... ජන අරගල කරමින් රටේ ආර්ථිකය ගොඩ ගන්න බැහැ..! දැනටමත් පේනවා නේද අරගලයේ ප්‍රතිඵල? හොඳයි කියමු බලන්න ඩයස්පෝරාව කීවොත් අපට උතුර දෙන්න ... අපි ආයෝජනය කරලා සංවර්ධනය කරලා පෙන්නන්නම් කියලා... ඔය අරගලේ අය ඒකට එකඟවෙයිද..?? මොකද කියන්නේ?

:       10       49

ganegodaWednesday, 10 August 2022 12:15 PM

හොරු එළවලා දාන එක තමයි අපේ රටට සිදුවිය යුතු එකම සුගතිය...!

:       0       3

NIMALWednesday, 10 August 2022 01:59 AM

මහජන දේපළ විකිණීම නැවතීමට නම්, පසුගිය දශක 3ක් තුල මහජන දේපළ විකුණමින් රටට සිදුකරන ලද පාඩු හෝ අලාභයන්ට වගකියන්නේ කවුද ?

:       2       17

Jagath Wickramasekara Tuesday, 09 August 2022 09:32 PM

Respect the true strugglers not the armed terrorists

:       23       42

BandaWednesday, 10 August 2022 02:43 AM

Exactly. They can assess their strength when there is a vote.

:       2       15

සමන්ත Tuesday, 09 August 2022 09:43 PM

මේ ජනතාව නොවේ. ජේවීපී පුද්ගලයන්. ජනතාවට සහන සලසන්නම ඕනේ. මර්දනය නවත්වන්නත් ඕනේ. හැබැයි කඩාකප්පල්කාරයන්, ත්‍රස්තවාදී මැරයන්ට එරෙහිව කැලෑ නීතිය නැතුව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ගෙවල් ගිනි තියපු, රටේ දේපල විනාශ කරපු, නීතිය බල්ලට දාලා ඩෙඟා නටපු උන් අල්ලන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. අපිත් රාජපක්ෂලාට විරුද්ධව තමයි අරගලේ කලේ. එහෙම කලේ ජ.වී.පී බලයට ගේන්න හෝ පෙරටුගාමීන්ගේ විප්ලව දිනා දෙන්න නොවෙයි. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගෝඨාභය විසඳුවේ නැති නිසයි.මිනිහා ෆේල වුනු නිසා. කවුරු හරි ඇවිත් රට ගොඩ දානවා නම්, ඒබව පේනවා නම් එකට විරුද්ධ වෙන්න තරම් මුග්ධයෝ වෙන්න හොඳ නෑ. හොඳයි ජේ.වී.පීට හෝ හරි පෙරටුගාමීන්ට හෝ රට බාර දුන්නොත් ප්‍රශ්ණ විසඳන්න පුලුවන්ද? බැහැ. අඩුම ගානේ රුසියාවවත් උදව් කරයිද? නැහැනේ. ඒ නිසා බයිලා වැඩක් නෑ දැන්.

:       18       124

සත්‍යපාල Wednesday, 10 August 2022 06:26 AM

ඔබ නිවැරදියි මෙතන තියෙන්නෙ 1971 සහ 1988/89 කාලයේ අරගල කල අයගේම වෙනස් ක්‍රමයක ක්‍රියාවක්. ජවිපෙ හා පෙරෙටුගාමීන් සිදු කරන උද්ඝෝෂණ මිස මෙය ජනතා අරගලයක් නොවෙයි. ඇත්තෙන්ම ජනතාව දැන් ඉන්නේ සත්‍ය දැනගෙන කියලා හිතෙනවා. මතක තියාගන්න 2024දී මොවුන්ට දුන්නොත් ගෝඨාභයට වඩා අන්ත වෙනවා ඒක සහතිකයි

:       5       67

වත්සි Tuesday, 09 August 2022 09:44 PM

අනේ ජෙප්පන් නොදුටු මොක්පුර

:       16       99

sharm warnWednesday, 10 August 2022 11:42 AM

ඒ කියන්නේ ඔය දැන් මොක්පුරේ දැකලා ඒකෙ තමයි ඉන්නේ... එහෙමද? පොඩ්ඩක් අනිත් අයටත් පාර කියන්න බැරිද?

:       5       2

chandima Tuesday, 09 August 2022 09:45 PM

ඉනිමග දිගේ නැග්ගට දැන් ඒකට පයින් ගහල ඉවරයි. දැන් මොන ගෞරවයක්ද? ඉනිමග පෙනෙන්නේ නිකන්ම නිකන් ලී කෑලි දෙකක් විදිහටයි

:       4       54

Hiran Tuesday, 09 August 2022 10:11 PM

ඇයි ගෞරවය බලෙන් ඉල්ලන්නේ. ලැජ්ජාවුනා නේද? ඕකට තමයි කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්නවා කියලා. ශ්‍රීලංකාවේ මෝඩ මිනිස්සු ඒකට හරිම දක්ෂයි. කරොත් ගොන් වැඩක්, කිව්වොත් ගොන් කතාවක්. ඉතිහාසයේත් මෙහෙම වෙලා තියෙනවා. ඒත් ඉතිහාසයේ ඉගැන්නුවේ නැහැනේ

:       3       71

ruwan Tuesday, 09 August 2022 10:41 PM

මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු. කෝ ෆීල්ඩ් මාර්ෂල් මොකද උනේ? එයා කෑමොරදුන්නා නේද මිනිස්සුන්ට එන්න කියලා. එයත් නැහැනේ

:       2       61

kasun Tuesday, 09 August 2022 10:43 PM

දැන් චීවරයට ගෙනදෙන්නේ පුදුම නිගාවක්. මෙවැනි අය නිසා තමයි මෙවැනි දේවල් සිදු වන්නේ. හැමදේටම රැකවරණය චීවරය මුවාවෙන් ගන්නවා කරුණාකර චීවරය පැත්තකින් තියලා ඕනෑ දෙයක් සිදු කරන්න

:       1       27

Lelwala Tuesday, 09 August 2022 10:47 PM

These idiots should be arrested and punish. They have wanted paralyzed the economy in the country.

:       1       59

Bamunuarachchi Wednesday, 10 August 2022 07:07 AM

අරගලයෙන් ප්‍රයෝජනය ගන්න හදන්නේ ජේවීපී අයයි.ඒත් අපේ කිසිම සහයෝගයක් නැහැ

:       4       61

චන්දන Wednesday, 10 August 2022 07:44 AM

පේනවා නේද? කන්දක් විලිලා මීපැටියෙක් වදපු ආකරය . නැවත අරගලයක් සිදු කිරීම ඇත්තෙන්ම බොරුවක්. මිනිස්සුන්ට ගෝඨාභය විසින් තෙල් ගෑස් ටික අඩුවක් නැතිව දුන්නා නම් අදටත් එයා ජනාධිපති . යථාර්ථය එයයි.

:       3       67

මහේ Wednesday, 10 August 2022 08:04 AM

දේශපාලනය වෙනුවෙන් සිවුර අවභාවිතය. පුළුවන් තරම් එක එක දේශපාලකයින්ට කඩේ ගියා. ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවටත් ගියා. අන්තිමට කූඩාරමක දෙන්නෙක් වස් වසනවා කියලා එකක් කරල වස් විසීම කියන උතුම් පිංකමත් අවභාවිතා කලා.

:       1       10

kumara Wednesday, 10 August 2022 08:05 AM

ඔබ ප්‍රවෘත්ති වාර්තා කරන විට එය සාමාන්‍ය ජනතාවට පිළිගත හැකි විය යුතුය. එසේ නොමැති නම් ඔබ නියැදියක් විසින් පිළිගත් දෙයක් ප්‍රකාශ කරයි, නැතහොත් ඔබ ඔබේ පුද්ගලික න්‍යාය පත්‍රය මත පදනම්වූ අතිශය සදාචාර විරෝධී විශේෂිත සංකල්පයක් ජනප්‍රිය කිරීමට උත්සාහ කරයි. නීති පද්ධතිය ගැන කතා කරන විට මෙම වචන “පුරවැසි ආඥාවක්“ යන්නෙහි තේරුම කුමක්ද? අලුත් කෙනෙකුට ඒක තේරුමක් නෑ. වාර්තාකරු කෝලාහලයට පක්ෂග්‍රාහී බව පෙනේ!

:       1       42

saman Wednesday, 10 August 2022 09:41 AM

මේ අරගල පඩංගුව හින්දා සිදුවුනේ ජන වරමක් නොමැති පුද්ගලයෙක් ජනාධිපතිවීමයි. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නට තිබුනු ඩොලර් මිලියන ගණනක් අහිමිවීම පමණයි සිදුවුනේ. තව ලංකාවේ කොච්චර මානසික රෝගියෝ ඉන්නවාද කියලත් දැන ගැනීමට ලැබුනා

:       4       37

sharm warnWednesday, 10 August 2022 11:48 AM

ගිරව් වගේ කවුරු හරි කියපු කුණුහරපයක් කියන්නේ නැතිව පොඩ්ඩක් මතක් කරල බලනවද වෙච්ච දේවල් ටික? මුලින්ම විදුලිය කපන්න ගත්තා. ඉන්පසුව විදුලිය කැපීම නිසා ආහාර කල් තබා ගැනිමේ ගැටලු මතු වුනා..එය සංචාරක කර්මාන්තයට හැම පැත්තෙන්ම බලපෑවා. . දෙවෙනියට ගෑස් නැති වුනා.. එයින් සංචාරක කර්මාන්තය තවත් අජුත වුනා.. අන්තිමට ගමනාගමනයට ඉන්ධන නැති වුනා.. සංචාරකයින් බයිසිකලයක් එහෙන් අරන් එන තත්වයට වැටුනා.. මිනිස්සු සංචාරකයින්ව ගෙනියන්න කලින් තමන්ගේ පුද්ගලික වැඩ වලට ඉන්ධන ගන්න ගෑස් ගන්න පෝලිම් වල තපින යුගය ආවා. අරගලය කියන එක පටන් ගත්තේ එතනින්.. ප්‍රභාකරන් කිව්වේ ඔයාලා වගේ මිනිස්සු ගැන අපිට දුකයි ඒ මිනිහා අපිවත් ඒ හරක් ගොඩේම දාපු එක ගැන..

:       5       3

samanWednesday, 10 August 2022 01:28 PM

ඊටපස්සේ මොකද වුණේ සීයේ...? ඊට පස්සේ තෙල්, ගෑස් එනකොටම අරගලය උග්‍රවුණා. රට ගිනිගත්තා. එන්න හිටිය සංචාරකයොත් ගමන කැන්සල් කළා. රටට ඩොලර් නැතිවුණා. රට තවත් වලපල්ලට ගියා.

:       3       1

BamunuarachchiThursday, 11 August 2022 04:53 PM

ඔය ඔක්කොම දේවල් නැති උනෙ රටට ඩොලර් නැතිවීම නිසයි. දැන් අරගල කලාම ඔක්කොම ලැබුනාද? අරගල කාරයින්ට අකුලාගේනයන්න ගුටි ලබුනා නේද? කෝ 9 වෙනිදා අරගලය?

:       0       0

Santhu Wednesday, 10 August 2022 12:48 PM

පෝලිමේ මුලින්ම ඉන්න අරගලකරුවන් අත්අඩංගුවට ගත යුතුයි

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 11 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 63 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1309 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 163 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 492 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 898 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1694 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site