(ඉන්දිකා රාමනායක)
කළහකාරි පිරිස් ගාලුමුවදොර “ගෝඨා ගමට” පහර දීමට පැමිණීම වැළැක්වීම සදහා ගෝල්ෆේස් වටරවුමේ දී පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ පිරිසක් කැඳවා කඳුළු ගෑස් විදින නිලධාරීන් සමග පොලිස් අධිපීඩන ජල ප්‍රහාර රථ දෙකක් ද යොදා තිබු බවත්, අවසානයේ ඉහළින් ලැබුණ දුරකතන ඇමැතුමකට අනුව අවසාන මොහොතේ කඳුළු ගෑස් හා ජලප්රහාර එල්ල කිරීම වැළැක්වුණු බව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ ජී ජේ චන්ද්‍රකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මහතා පෙරේදා (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබු අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පැමිණි පිරිස ට ජනාධිපති ලේකම්කාර්යලය වෙත ගමන් කිරීමට අවශ්‍යතාවක් තිබේ නම් ඔවුන්ට කොම්පඤ්ඤවීදිය හරහා ගමන් කරන ලෙසට කල් තියා එහි සංවිධානකයන් දැනුවත් කළ බවත්, ඔවුන් ඒ සදහා එකඟව සිටි බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සංවිධායකයන් පළමුව එම ඉල්ලීමට එකඟ වුවද අවසානයේ ඔවුන් එම ඉල්ලීම පිළිනොගෙන ගාලු පාර ඔස්සේ පැමිණ අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන්ට පහර දී ගාලුමුවදොර දක්වා පැමිණීමේ අවස්ථා තුනකදී වැලැක් උත්සහ ගත් බවත්, පසුව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කදු`ථ ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට ක්‍රියා කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එසේ කිරීම හේතුවෙන් ගෝඨා ගෝ ගම ඉදිකර තිබු ඉදිකිරීම් රැසක් මෙන්ම අරගලකරුවන් රැසක් ආරක්ෂා කිරීමට හැකි වු බවද හෙතෙම ප්‍රකාාශ කර ඇත.
සංවිධායකයින් පොරොන්දු වු පරිදි ක්‍රියා නොකළේ නම් සහ දුරකතනයෙන් නිලධාරීන්ට බලපෑම් නොකරේ නම් ගෝල්ෆෝස් වටරමුමේ දී ඉහත කළහාකාරි පිරිස වළක්වා ගැනීමට හැකි වු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මෙම ප්‍රකාශ සනාථ කිරීම සදහා අවශ්‍ය ලියකියවිලි, ඡායාරූප, සහ වීඩියෝ පට රැසක් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝඨා ගමට පහර දෙන්න ආ අයට කඳුළු ගෑස් ගහන්න හැදුවත් ඉහළින් ඕඩර් ආවා