IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගොදුරක් සොයා ආ කොටියා වතු නිවසක කාමරයට වැටිලා

(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)

සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුළ කොටු වි ඇති බව ලිදුල පොලිසිය පවසයි.

ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට (04) දින රාත්‍රි 10 ට පමණ කදුකර කොටියා වැටි ඇත.

කදුකර කොටියා නිවස තුළට වැටෙනවාත් සමග නිවසේ පදිංචිකරුවන් කලබල වි නිවසේ දොර වසා දමා එළියට දිවගොස් දිවිබේරාගෙන ඇත.

නිවාස හිමියා වන එස්.සුරේෂ් මෙසේ කියා සිටියේය. 

මා රූපවාහිනිය නරඹමින් සිටියදී ඊයේ රාත්‍රි 10.40 ට පමණ  එකවරම විදුලිය විසන්ධි වුණා. එම අවස්තාවේ දැඩි අයහපත් කාලගුණයක් පැවැතුණේ, එකවරම විශාල ශබ්දයක් ඇසුණා, පසුව ගොස් පරික්ෂා කිරිමේදි කොටියකු තමන් ගෙල දෙසට පැන්නා. එම අවස්තාවේ  කොටියාගෙන් මිදි බිරිය සහ දරුවා රැගෙන නිවසේ දොර වසා එළියට පැමිණි දිවිබේරා ගත් බවයි.

රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට පැමිණි නිවස තුල පැය 16 ක් කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කදුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන යන ලදි.

ලෝගි වතුයායේ තේ වත්තේ සැරිසරන කදුකර කොටින් රාත්‍රි කාලයේ ගොදුරු සොයා වතු නිවාසවලට පැමිණෙන බවත්, එසේ පැමිණි කදුකර කොටියකු වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයකු ගොදුර කර ගැනිම සදහා පැමිණි අවස්ථාවේ මෙම අනතුරට පත් වි ඇති බවයි ලිදුලි පොලිසිය සැකකරයි.

නිර්වින්දනය කර අල්ලා ගත් කදුකර කොටියා සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

(ඡායාරූප රංජිත් රාජපකෂ)



අදහස් (15)

ගොදුරක් සොයා ආ කොටියා වතු නිවසක කාමරයට වැටිලා

sharm warn Friday, 05 August 2022 02:57 PM

පශුවෛද්‍ය නිලධාරිතුමා, බොහොම ස්තුතියි... කරපු සත්ක්‍රියාවට... සත්වයා නිරුපද්‍රිතව මුදාහැරීම ගැන අපි ප්‍රශංසා කරනවා... ඔබ ඇතුළු සියලු දෙනාටම...

:       1       62

podi mole Friday, 05 August 2022 03:45 PM

ඕක මොකක්ද අප්පා..? පහුගිය දවසක අනාථ වෙච්චි කෙනෙක් ජනාධිපති පුටුව උඩට වැටිච්චි රටේ...?

:       30       69

reks Friday, 05 August 2022 04:00 PM

හය වතාවක් ගම් වැදිලා ගම විනාශ කරපු අලියෙක් හිවල්ලු 134 කගේ ආරක්ෂාව යටතේ ආපහු ගම් වැදිලා යටතේ ආපහු ගම්වැදිලා දැන් මුලු රටම අනතුරේ....

:       21       64

sharm warnFriday, 05 August 2022 04:48 PM

අපෝ... අර පණගහලා ඇවිස්සිලා ඉන්න අයගේ පපුව පැලිලා මැරෙයි...

:       23       26

namal Friday, 05 August 2022 05:11 PM

අන්න පරිප්පු, සීනි, අල, රට ළූණු අඩුවෙලා...

:       10       33

thilak Friday, 05 August 2022 06:13 PM

මේ දුප්පත් වතු කම්කරුවා සහ ඔහුගේ පවුල මේ අනතුරින් ගැලවීම හොඳ දෙයක්. මිනිසුන් වෙසෙන ප්‍රදේශවලට පැමිණෙන කොටින්ට වෙඩි තැබිය යුතුයි...

:       35       8

කොටියා Saturday, 06 August 2022 04:56 AM

" ග්ර්ර් ...චි චි එහෙම කියන්න එපා මාත්තියා...මමත් මේ රටේ මේ බිමේ ඉපදුන ශ්‍රී ලාංකිකයෙක්.පෙර ආත්මයක කරපු පවක් පලදිලාද කොහෙද මේ ආත්මයේදී මම කොටියෙක් වෙලා ඉපදිලා...එත් මටත් මේ බිමේ ඔනෑ තැනක ඇවිදින්න නිදහස තිබිය යුතුයි.කොටියා කියන්නේ මිනි මරණ, මිනිස්සුන්ව,සත්තුන්ව හපාකන භයානක සතෙක් විදිහට තමයි කවුරුත් හඳුන්වන්නේ.නමුත් " එක්සෙප්ශන්ස් " තිබෙන බව අමතක කරන්න එපා.මම වෙජිටේරියන් කොටියෙක්. මම ඔය මොනවාහරි එළවලු කෝස් එකක් කාලා , කුළු හරකෙකුගෙන් කිරි ටිකක් බිලා තමයි ජිවිතේ ගැටගහගන්නේ.ඊයේ රෑ මම පන්සල්ගියා. දවල්ට හැන්දෑවට පන්සලේ මිනිස්සු ඉන්න නිසා මම බයයි ඒ වෙලාවට පන්සල් යන්න.මිනිසා කියන්නේ සත්ව ලෝකයේ සිටින භයානකම සතා.මම පන්සලට යනකොට පාර මැද කසිප්පු ගහපු මිනිස්සු වගයක් මාව දැකලා පොලු මුගුරු අරගෙන මගේ පස්සෙන් එලවාගෙන ආවා ..උන් කතාවුනා " අද නියම බයිට් එකක්.." කියලා. පණ බේරාගන්න දුවගෙන යද්දී තමයි පය ලිස්සලා වහලත් කඩාගෙන ඔය ගෙදරට මාව වැටුනේ. මහත්තයෝ...මම මගේ නිදහසට යමක් කියාගන්න බැරි , කාටවත් වරදක් නොකළ වරද කාරයෙක්."

:       1       17

ටයිගර් කොටියා Saturday, 06 August 2022 07:52 AM

"..ග්ර්ර්ර් ..හලෝ ඕවට එන්න එපා හරිද..? මම ආවේ ඔයගොල්ලන්ව කන්න නොවෙයි. අර එහා ගෙදර ඉන්න තඩි බලු ගැටයාට වැඩක් දෙන්න. දෙවියන් බල්ලෝ හදලා තියෙන්නේ අපිට කන්න. බල්ලන් කෑම අපේ අයිතියක්. ඒක එජා සංවිධානයත් පිළිඅරගෙන තියෙන දෙයක්. වැඩේ හරි ගියේ නැහැ.මාව ඇදගෙන වැටුණා වහලය උඩට. අපිට මිනිස්සු කියන සත්තුත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මිනිස් මස් හරි විෂයි. ඒ ලෝකයේ තියෙන ඔක්කොම විෂජාති මිනිස් සතා කන නිසා. හැබැයි...ඔය තුවක්කුද මොකක්ද බටේ උස්සගෙන මට වෙඩි තියන්න ආවොත් ... මමත් අතහරින්නේ නැහැ. මට විෂවුණත් කමක් නෑ. කනවා මුළු ගමේම අයව. ග්ර්ර්ර්ර්..."

:       0       12

podi mole Saturday, 06 August 2022 08:10 AM

ඔයාගේ නීතියට අනුව එහෙනම් සත්තු ඉන්න අඩවිවලට යන මිනිස්සුන්ටත් වෙඩි තියන්න ඕනෑ.

:       1       11

Santhu Friday, 05 August 2022 07:50 PM

මේ දිවියෙක්නේ... කොටි නැහැ නේද අපෙ රටේ (දැන්?) මොන සතා වුණත් නොමැරූ එක හොඳයිනේ...!

:       0       1

ගමේ එකාලා Friday, 05 August 2022 11:12 PM

අල්ලාගත්තු කොටියා ගිහින් දාන්න තැනක් නැත්නම් මැදමූලනේ පැත්තට ගිහින් දාන්න, පින් අයිති වෙයි.

:       0       1

ලුම්බිණි Saturday, 06 August 2022 10:17 AM

සත්වයා නිරුපද්‍රිතව මුදාහැරීම ගැන අපි ප්‍රශංසා කරනවා..!

:       0       6

ටයිගර් කොටියා Sunday, 07 August 2022 08:10 AM

මොන නිරුපද්රිතවද නෝනේ..උන් මාව නොමරා මැරුවා. අර නිර්වින්දන ඉන්ජෙක්ෂන් එකද මොකක්ද මල ඉලව්වෙන් ඇනපු වේදනාව තවමත් තියෙනවා නෝනේ. මගේ නෝනා " කොටී " එතනට මොනවාද අවුෂධ කොළ වගයක් තිබ්බා.දැන්නම් ටිකක් හොඳයි .මම ලබන සුමානේ ආයෙත් එනවා අර බලු තඩියාව අරගෙන යන්න.බැරි වුනොත් ඔය වත්තේ ඉන්න බඩ තඩි මුරකාරයාව අරගෙන යනවා.ඌ ඕනවට වැඩියි - මිට ටයිගර් කොටියා .

:       1       7

විපරමා Saturday, 06 August 2022 05:19 PM

සුදුසු පරිසරයක් නම් තියෙනවා දකුණු පළාතේ ,මැදමූලනේ කියලා..

:       1       5

ටයිගර් කොටියා Sunday, 07 August 2022 08:46 AM

" අනේ මහත්තයෝ ඔයාලා මිනි මරණ තුවක්කු බටෙන් මට වෙඩිතියලා මරලා දමන්න.එත්...කවදාවත් මාව ඔබ කීව " මැදමුලන " කැලාවට ගිහින් දමන්න එපා.මැදමුලන ඉන්නේ මිනීමරු හොරු රංචුවක්.හොරුත් එක්ක ජීවත්වෙන්න මට බැහැ. මම කොටියෙක් වුනත් බොහොම රැස්පොට් පිට හිටපු කෙනෙක්. මැදමුලන හොරු එක්ක ජීවත්වනවාට වඩා වෙඩි කාලා මැරෙන එක මට රැස්පොට්..."

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 152 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1406 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 205 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 414 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 371 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site