(ඩයනා උදයංගනී)
ගුරුවරුන්ට සහ පාසල් සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර මෙහිදී ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඉටු කර ගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා පැවසීය.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා ඇති පාසල් නැවත ආරම්භ කරන විට දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ද ලබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීය.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කළ යුතු බව කී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ අනාගත දරු පරපුර මෙන්ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ආරක්ෂා කර ගැනීමට රජය සෑම විටම කටයුතු කරන බව සඳහන් කළේය.
පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂීත ක්රවේදයක් ඔස්සේ පාසලට කැදවාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් විය යුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 හා 13 ශ්‍රේණිවල දරුවන්ට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.
මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන්, අධ්‍යනයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබාදීම වැදගත් බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගුරුවරුන්ට සහ සිසුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත දෙන්න අවධානය
de silva Monday, 14 June 2021 04:10 PM
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ආකාරයට ඉස්සෙල්ලා වයසක සහ රෝගී පුද්ගලයන්ට එන්නත ලබාදෙන්න. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. එහෙම නොකළොත් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපට ලැබෙන එන්නත් නොදී සිටීමට ඔවුන් කටයුතු කරාවි.