(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා සමුද්‍රය දුෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (8) නඩු පවරන ලදී.
ශ්‍රී ලංකා සමුද්‍රයට ‘බොර තෙල්’ මුදා හැරීමෙන් සමූද්‍ර දුෂණ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව සඳහන් කරමින් ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
මෙලෙස නඩු පවරා ඇත්තේ එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයා වන ශ්‍රික ජාතික හිරෝස් ඉල්යාස් මහතාට එරෙහිවය.
2020 සැප්තැම්බර් මස 03 වැනිදාත් සැප්තැම්බර් මස 12 වැනිදාත් අතර කාලයේ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සන්ගමන්කන්ද තුඩුව සිට නැගෙනහිර දෙසට නාවික සැතපුම් 20ත් 62ත් අතර දුරින් පිහිටි ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපයේ දී බොරතෙල් මුහුදට මුසුකරන ලදැයි විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් නඟා තිබේ.
2008 අංක35 දරණ සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනතේ 26, 26 (අ) සහ 38 යන වගන්ති යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 55 දෙනකු හා ලේඛන 30 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා මහාධිකරණයට දැනුම් දී ඇත.
මීට පෙර අවස්ථාවක එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන් හිරෝස් ඉල්යාස් මහතා කොළම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුට රටින් පිටවීම තහනම් කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අධිකරණයට දැනුම් නොදී ඔහු නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් ඉවත් නොවන ලෙසද නියම කළේය.
නීතීපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරීස් මහතා අධිකරණය අමතමින් කුවේටයේ සිට ඉන්දියාව දක්වා බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාව ගිනි ගැනීමට ලක්වූ බව දැනුම් දුන්නේය.
එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවෙන් කාන්දු වූ ඛනිජ තෙල් මීටර් දෙකක ඝනකමකින් සහ මීටර් 400 ක පළලකින් යුත් තට්ටුවක් වශයෙන් මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණය කළ හැකි බවත් තෙල් කාන්දුව හේතුවෙන් නැව ගිනි ගත් ස්ථානයේ සිට මුහුදු සැතපුම් දෙකක් දක්වා ප්‍රදේශයක මුහුදු ජලය දූෂණයට ලක්වී ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවත් දිලීප පීරීස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං
රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගිනිගත් නෞකාවේ කපිතාන්ට මහාධිකරණයේ නඩු පවරයි
KK Thursday, 08 October 2020 11:01 AM
මේ මනුස්සයා මොනවා කරන්නද නැව ගිනි ගැනීමට. කපිතාන් නැවත ගිනි තිබ්බා.
WCA Friday, 09 October 2020 06:47 AM
මේක අනතුරක්නේ... කොහොමද නඩු දාන්නේ? අනෙක ඕකට රුපියල් 5000.00 දඩ ගහයි. මොකද ඔය මහ ලොකුවට නඩු දැම්මට ඕවාට තියෙන නීති පරණයි. ඉතින් තියෙන දඩත් පොඩි ගාණක්. නැත්නම් කියයි අර සම්මුතියට, මේ සම්මුතියට අත්සන් කරලා තියෙන හින්දා නඩු දාන්න බෑ කියලා. හොඳම වැඩේ කොම්පැණියෙන් ගානක් අරගෙන ඕක ඉවරයක් කරන එක...