IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් මරණ වාර්තා කිරීමට නව ක්‍රමවේදයක්

(නිමන්ති රණසිංහ)

කොවිඩ් ආශ‍්‍රිත මරණ වාර්තා කිරීමේදී මින් ඉදිරියට නවතම ක‍්‍රමවේදයක් අනුගමනය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව, පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ අදාළ දිනයේ දීම වාර්තා කිරීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

කොවිඞ් මරණ සම්බන්ධයෙන් මින් ඉහතකදී වාර්තා කළ ‘පසුගිය දිනවල සිදුවූ මරණ’ මෙම නව ක‍්‍රමවේදය යටතේ වාර්තා නොකරන බවද හෙතෙම පැවසීය.

මින් ඉහතදී දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ සංඛ්‍යාව වශයෙන් වන අතර, මෙම නවතම ක‍්‍රවේදය පැය 48ක් තුළ සිදුවන මරණ පමණක් අදාළ දිනයේදී නිල වශයෙන් ලබා දෙන බව ඔහු සදහන් කළේය.

ඒ අනුව, පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලූම මරණ අදාළ දිනයේදී නිල වශයෙන් ලබා දිමට කටයුතු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

කොවිඩ් මරණ වාර්තා කිරීමට නව ක්‍රමවේදයක්

සඳුන් Monday, 14 June 2021 01:15 PM

ඒ කියන්නෙ සර්... එන්නතටත් වඩා මේ ක්‍රමයෙන් සෑහෙන මරණ ගණනක් අඩුකරගන්න පුළුවන් නේද? උපදෙස් ගත්තේ ගෑස් කම්පැණියෙන්ද?

:       0       44

fairoosMonday, 14 June 2021 02:32 PM

කොහොමද සර්ගේ ටිකිරි මොලේ

:       0       4

ජයන්ත Monday, 14 June 2021 02:00 PM

ඒ කියන්නේ අද දක්වා කලින් සතිවල වුණා කියලා 67, 101,... ලෙස කොටස් වශයෙන් ඉදිරියට කීමට නියමිතව තිබුණු මරණ සියල්ල හංගලා අද සිට අලුතින් මැරෙන අය පමණක් කියනවා. මම හිතන්නේ දැනටමත් මුල් ක්‍රමයට කීමට තව බොඩි 500ක් විතරවත් ඉතිරිව ඇති. ඒ සියල්ල අද සිට හංගලා දානවා. මේ මොන පාලකයෝද? රටම කාලකණ්නි කළා....

:       0       10

නිරීක්ෂකයා Monday, 14 June 2021 02:28 PM

කලින් හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා සමඟ බලන විට එතුමාට තීන්දු ගැනීමට කිසිදු ශක්තියක් නැති බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුව ඇත...

:       0       15

Sri Lanka Monday, 14 June 2021 05:29 PM

නුඹලා කරන්නේ කොරෝනා වවාගෙන කනඑක. රුපියල් කෝටි 7600ක් වියදම් කරලත් මැරිලා තියෙන්නේ අවුරුදු දෙකටම 2000ක් මිනිස්සු මේ ගැන අහන කොට සිස්ටම් එක වෙනස් කරනවා. නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ...

:       0       4

de silva Monday, 14 June 2021 07:43 PM

නිවේදක කටයුතු තවදුරටත් කරන්නේ ෆ්‍රෙඩී සිල්වාද? නැතිනම් අජිත් රෝහණ මහත්තයාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 259 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 314 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 85 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1072 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 275 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 332 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site