IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආදාහනාගාර තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මළසිරුර ඉහළ ආ නියෝගයකින් පිටතටගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළ සිරුරක් ආදාහනය කිරීමේ පුවතක් මතුගම පාන්තිය ආදාහනාගාරයෙන් වාර්තා වේ

( සිද්ධිය  මෙසේය )

කොරෝනා වෛරසය ආසාධිතව මතුගම ගල්මත්ත නිවසක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 93 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ සිරුර ආදාහනය සඳහා  මතුගම රෝහලට අයත් ගිලන් රථයකින් පාන්තිය ආදාහනාගාරය වෙත සෞඛ්‍ය අංශ විසින් රැගෙන එන ලදි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවකයන් විසින් රැගෙන ආ එම මළසිරුර ආදාහන කටයුතු සඳහා ආදාහන කුටියේ තැන්පත් කර මද වේලාවක දී මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල්‍ය රථයකින් තවත් මළ සිරුරක් රැගෙන ආදාහනාගාර ඉදිරිපිටට පැමිණ තිබේ.

ආදාහනාගාරයෙන්  තැන්පත් කර තිබූ 93 හැවිරිදි මවගේ  කොරෝනා ආසාදිත මළ සිරුර ඉහළ නිලධාරියකුගේ නියෝගයකින් නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන්ට සිදුවිය.

ඉහළින් ආ නියෝගය නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  අසරණ වී තිබූ බව සෞඛ්‍ය සේවකයෝ පවසති

මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් කොරෝනා ආසාදිත මළසිරුර ගිලන් රථයේ තැන්පත් කර තිබීමෙන් දැඩි සෞඛ්‍ය තර්ජනයක් පවතින බැවින් විසබීජ නාශක දියර ඉසීමෙන් අනතුරුව  එම තත්වය මග හැරීමට අවම වශයෙන් තවත් පැයක් හමාරක් තිබිය යුතු යැයි සෞඛ්‍ය සේවකයෝ පවසති.

පැය දෙකකට අධික කාලයක් ගිලන් රථයේ මෘතදේහයක් තබා තිබීමෙන් තවත් රෝගීයකුගේ ජීවිතයක් බේරා ගැනීමට ගිලන් රථය යොදා ගැනීමට තිබූ අවස්ථාවක්  හේතුව ක් වන්නට තිබූ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ සෞඛ්‍ය සේවකයෝ පවසති

 



අදහස් (46)

කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනයට

සුද්දා Monday, 14 June 2021 07:39 AM

නියෝගය දුන් ප්‍රභූවරයාවත් ඒ එක්කම ආදාහන කුටියට දැම්මා නම් හරි.

:       0       33

Hafeel Monday, 14 June 2021 08:57 AM

දැන් එක රට එක නීතිය නොවේ ක්‍රයාත්මක වෙන්නේ. එක රට ප්‍රභූ නීතිය. (වරප්‍රසාද). කුරුනෑගල නගරාධිපතිටත් දෙවතාවක් ප්‍රභූ නීතිය නේ ක්‍රයාත්මක වුනෙත්.

:       0       31

kasun Monday, 14 June 2021 09:19 AM

ඇයි මිනිසු මේ වගේ වැඩ කැත වැඩ කරන්නේ

:       0       13

Ruhunu Monday, 14 June 2021 09:23 AM

එහෙම කරපු එක හොදයි. මොකද ප්‍රභූ මරණවල විසබීජ වැඩියි.

:       0       22

හසිත Monday, 14 June 2021 09:28 AM

මේ වෙලාවට විරුද්ධ වෙන්න කොන්ද පණඇති කරගමු..

:       0       25

පප්ප Monday, 14 June 2021 09:29 AM

මේ අපේ ලස්සන රට හුරා කෑ දේශපාලුවන් අපට ලබා දුන් දායාදයයි.

:       0       434

SrilaMonday, 14 June 2021 12:06 PM

එහෙම තමයි.. අම්මා තාත්තා රට පාලනය කලානම් පුතාට දුවට රට පාලනය කරන්න දුන්න , පාර්ලිමේන්තු යැවුවා.. පළාත් සභා යැවුවා.. ඒ උන්තමයාගේ උගත්කම හැදියාව බැලුවද අපි ..

:       0       21

Rohitha Monday, 14 June 2021 10:15 AM

ජනපතිතුමනි, අගමැතිතුමනි, පොලිසිපතිතුමනි, මේ ගැන සොයා බලන්න.

:       0       16

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 June 2021 10:34 AM

මෙහෙමත් අමන මිනිසුන් සිටිනා රටක්. අනිවාර්යයෙන්ම මේ ප්‍රභූ කිව්වේ දේශපාලකයෙකු හා සම්බන්ධ මරණයක් විය යුතුයි. කෙහෙල්මල් ප්‍රභූ පැලැන්තිය. හිතාගෙන ඉන්නේ එහෙමයි. මරණයක් අවසන් කටයුතු කිරීමේදීවත්, කිසිම සංවරයක් හෝ හැදිච්චකමක් ගෑවිලාවත් නැහැ. දැන් ප්‍රභූ කියලා දිව්‍ය ලෝකයේ ද්වාරය හැරේවි කියලා හිතන් ඉන්න ඇති. ඔක්කොම දේවල් මෙතනින් ඉවරයි කියා තේරුම් ගන්නට බැරි ප්‍රභූ නම්, සැබෑ ප්‍රභූ පැලැන්තිය වෙන්නට බැහැ. මේ ලෝකල් ප්‍රභූ පැලැන්තියේ අය වෙන්නම ඕනෑ. හොඳ ඒ වගේම වැදගත් ප්‍රභූ පැලැන්තියේ අය මෙසේ හැසිරෙන්නේ නැහැ. මේ නම්, ලෝකල් ප්‍රභූම තමයි. අර කොරෝනා වලින් මියගොස් සිටි මාතාව තමයි සැබෑ ප්‍රභූ.

:       0       488

jayath Monday, 14 June 2021 10:35 AM

මේ සිද්ධිය, අද මේ රටේ තත්වය සහ මේ රට යමින් තිබෙන විනාශය පිළිබිඹු කරන හරස්කඩක්...! ජයවේවා කියල පතනවා කාටකාටත්...!!

:       72       134

aseMonday, 14 June 2021 12:59 PM

කමුද කිරිබත් පොජ්ජ්ක්...? නන්දේ වන්දෙ ගෝ...!

:       110       243

රසික් Monday, 14 June 2021 10:51 AM

මරණයකට අවසාන ගෞරවයවත් දක්වන්න දෙන්නේ නැහැ. මැරුණාට පස්සේ කොහෙද දුප්පත් පොහොසත්, කුල මල බේද, ජීවත්ව ඉන්නා එවුන්ගේ පුහුමාන්නය නිසා මියගිය අයටත් නිවනක් නැත. එසේනම් ප්‍රභූවරුන්ටයි කියා වෙනම අාදාහනාගාරයක් හදලා වෙන් කරගෙන තියාගන්න එකනේ තියෙන්නේ. ඕනෑනම් කම්බි වැටකුත් ගහාගන්න තියෙන්නේ...

:       0       75

69lakshaya Monday, 14 June 2021 10:53 AM

මේක ප්‍රභූවරුන්ගේ රට... වහල් ජනතාව ප්‍රභූවරුන්ට මුල් තැන දිය යුතුය.

:       0       163

සෙනෙවිරත්න Monday, 14 June 2021 02:31 PM

ඇත්ත මේ නුඹලා ලබා උපන් හැටියි... පෙර භවයේ තමත් ඔවැනිම අකුසල කර්මයක් කර ඇති බැවින් මේ භවයේ එය පඩිසන් දී ඇත. එබැවින් කුසලයේම යෙදෙන්න, තමන්ගේ හැම සබ්බ සකලමනාවම පන්සල් වලට දෙන්න... රන් වැටවල් හදන්න. ඝණ්ඨාර කුළුණු, බෝ කොටු, හදන්න, චෛත්‍යය වටා සිවුරු ඔතා කප්රුක් පූජාව කරන්න. පිච්චමල් පූජාව, අබ තෙල් පූජාව, පලතුරු පූජාව කරන්න... එවිට ලබන ආත්මයේ ආදාහනය වෙලාවට සිදු කරගත හැකිවනු ඇත.

:       2       29

Jayantha Jayaweera Monday, 14 June 2021 11:07 AM

කවුද ඔය?

:       0       18

Wipula Monday, 14 June 2021 11:11 AM

,,මේ රටේ මිනිසුන්ට නිදහසේ වැලලෙන්නත් නිදහසක් නැහැ වගෙයි. මේක තමයි සෞභාග්‍යයේ දැක්ම කියන්නේ. සල්ලිවලට සහ බලයට ගිය රට...

:       1       119

Shahiwal Monday, 14 June 2021 11:39 AM

නියෝගය දුන්නු ප්‍රභූන්ව ඕකෙම දාලා ආදාහනය කරන්නයි තියෙන්නේ. බල්ලට ගිය රට. මේ හැතිකරය එලවන්න පාරට බහින්න කාලේ හරි වගේ....

:       1       65

Anil Monday, 14 June 2021 11:41 AM

මේ වචනය දැන් ජනතාවගේ ශබ්දකෝෂයෙන් ඉවත්කරන්න කාලය ඇවිත් තියෙන්නේ.

:       0       58

nandasiri Monday, 14 June 2021 12:23 PM

දැන් දේශපාලනය ආදාහනාගාරත් ආක්‍රමණය කරන්න පටන් අරන්...

:       0       12

kumarage Monday, 14 June 2021 12:26 PM

සමිතගේ කතාව හරියටම හරි. මේ පාරම්පරික ප්‍රභූ අය නොවෙයි. ඒ පැත්තේ රට විනාශ කළ දේශපාලකයින්ට හේත්තු වෙලා හොර කාලා ළඟදී පොහොසත් වෙලා ප්‍රභූ වූ පවුලක්... ඔවුන්ට හොඳ නරක, ගුණධර්ම තේරෙන්නේ නැහැ. මැරිලාවත් අනිත්‍යය මෙනෙහි කරන්න තරම්වත් දැනුමක් නෑ..

:       0       29

Asanga Monday, 14 June 2021 12:27 PM

රටේ විනයක් නැති කාලකණ්ණි දේශපාලකයන් පත්කර ගැනීමේ විපාකය ගෙවමින් සිටියි.

:       0       43

Swarna Monday, 14 June 2021 12:27 PM

ආගම්, ජාති, කුලබේද, දුප්පත්, පොහොසත්කම් තියෙන අපේ රට වගේ ලොකයේ කොහේවත් වෙන රටක් නැති තරම්... මේවා තියෙන තුරු තව අවුරුදු දහස් ගණනකටවත් රට දියුණු වෙන්නේ නැහැ. මේවා අහන්න, දකින්න ලැබීම ගැන හරිම කණගාටුයි.

:       0       25

Rata Perata Monday, 14 June 2021 12:31 PM

රාජපක්ෂලා අපේ රටේ තිබුණු අභිමානය, එකිනෙකාට තිබුණු ගෞරවය වැනි දේවල් නැති කරලාම දැම්මා. මේ පවුල අපේ රටට සාපයක්. අවමඟුල් අවස්ථාවක කරන වැඩක්ද මේ කරලා තියෙන්නේ. හරිම කණගාටුයි රට ගැන.

:       362       1066

තුන්වරක් පෙරාMonday, 14 June 2021 03:43 PM

මේ වැඩේ කරපු එවුන්ගේ නම නොකියා රාජපක්ෂලාට බැනලා වැඩක් නැහැනේ. ඒ නිසා නම කියන්න එතකොට කාගේ කවුරු වුනත් බණිමු. මොකද ඔය පැත්තේ පහුගිය අවුරුදු ගාන ඇතුලේ පෝසත් වුණු පවුල් ගානක්ම වෙනත් උදවිය...

:       44       121

fairoos Monday, 14 June 2021 12:33 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ. සර්ව පත්කරලා කළ මෝඩකම ..

:       129       221

Dilshan Monday, 14 June 2021 12:48 PM

පාදෙණියගේ කවුරුහරි වෙන්න ඇති...

:       62       25

Thushara Monday, 14 June 2021 01:04 PM

අනේ දෙවියනේ, මෙහෙමත් කාලකන්නි පාලකයින් ඉන්න රටක අපිටත් ඉපදෙන්න වුණානේ. හේතුව තමයි නූගත් පාලකයින් රට පාලනය කිරීම.

:       124       214

janaka Monday, 14 June 2021 01:38 PM

ඔය ප්‍රභූවරයෙක් කියල කියන තැනැත්තාගේ නම දාන්න​. මේකට දැන් අහක ඉන්න මිනිස්සු දොස් අහනවා.

:       0       88

de silva Monday, 14 June 2021 01:50 PM

දැන් ඉවසුවා ඇති කොරෝනා පැත්තකට දාලා මේ ප්‍රභූ කියාගෙන අපිව යටකරගෙන පාරෙ යන, අපිව පාගාගෙන යන අපේ රීරි මාංශය කන හැත්තට විරුද්ධව පෙළ ගැසෙන්න කාලෙ ඇවිත්...

:       44       327

Ruhunu Monday, 14 June 2021 01:52 PM

ඒක නරක් වෙච්ච මරණයක්ලු...

:       0       7

lal Monday, 14 June 2021 01:57 PM

මේ අයට පිස්සු...

:       0       5

Santha Monday, 14 June 2021 02:16 PM

ඒ වගේ මරණ ඉක්මනින් පුච්චන එක හොඳයි. ඒවායේ විෂබීජ වැඩියි.

:       0       13

dasun Monday, 14 June 2021 02:21 PM

උකුස්සා මතුගමට යන්න පාර දන්නේ නැද්ද?

:       0       15

සෙනෙවිරත්න Monday, 14 June 2021 02:31 PM

ඇත්ත මේ නුඹලා ලබා උපන් හැටියි. පෙර භවයේ තමත් ඔවැනිම අකුසල කර්මයක් කර ඇති බැවින් මේ භවයේ තට එය පඩිසන් දී ඇත. එබැවින් කුසලයේම යෙදෙන්න, තමන්ගේ හැම සබ්බ සකලමනාවම පන්සල් වලට දෙන්න, රන් වැටවල් හදන්න. ඝණ්ඨාර කුළුණු, බෝ කොටු, හදන්න, චෛත්‍යය වටා සිවුරු ඔතා කප්රුක් පූජාව කරන්න. පිච්චමල් පූජාව, අබතෙල් පූජාව, පලතුරු පූජාව කරන්න.

:       18       11

69 lakshe Monday, 14 June 2021 02:40 PM

අපේ බඩ බුරුල් වුණා මේවා දැකලා...

:       0       15

සනත් Monday, 14 June 2021 03:35 PM

ජයන්ත සමරවීරගේ නෑදෑකෙනෙක්ගේ මලගෙයක් කියලයි. මට දැනගන්න ලැබුණේ. කලුතර ඉන්න ඇමති කෙනෙක් ගෝඨාභය සර්ගේ ගෝලයෙක්...

:       0       19

සෙනෙවිරත්න Monday, 14 June 2021 04:03 PM

එයාගෙ නෝනද එම පක්ෂයේ මහත්මයෙකුගෙ නෝන කෙනෙක් නේද පෝලිමේ ගොස් එන්නත විදගත්තෙ, ඒකට වාක්‍ය රචනා කීපයක් දැක්ක.

:       0       4

සුද්දාMonday, 14 June 2021 04:11 PM

ජයන්ත සමරවීර. කරුණාකර මේ කතාව ඇත්තක් නම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න. මෙය කොරෝනා අවදානම විතරක් නෙමෙයි අපේ සංස්කෘතියත් කාපු වැඩක්. ඔබ සම්බන්ධ නැත්නම් ඒ බවත් කියන්න. මොකද, මේ කරපු අයට හූ කියන්න ඕනෑ නිසා.

:       0       18

de silva Monday, 14 June 2021 03:48 PM

කවුද මේ කියන ප්‍රභූවරයා..? තොණ්ඩමන් උත්තමයාගේ කෙනෙක් වෙන්න බැහැ. එහෙම වුණා නම් කොරෝනා තබා ගංවතුර ගැලුවත් රට වටේම උස්සගෙන ගොස් ලොකු උත්සවයක් තබනවා. වැඩ බැරි විරුවාගේ කවුරුහරි කෙනෙක්ද?

:       0       14

Kumara Monday, 14 June 2021 04:10 PM

එහෙනම් 69 ලක්ෂය පැත්තටම ඇදලා විසිකරන්න ඇති..!!!

:       0       4

ලුම්බිණි Monday, 14 June 2021 04:30 PM

මේකත් අපි ලබපු ජයග්‍රහණයක් කියල හිතා ගන්නකො.

:       0       14

Lakvidu Tuesday, 15 June 2021 06:12 AM

මේ හොර තන්කඩියන්ට ප්‍රභූන් කියලා අමතන්නේ මහජනතාව නම් නෙවෙයි...!

:       0       0

Chandima Priyadarshani Tuesday, 15 June 2021 07:46 AM

කුමන මළ සිරුරක් වුවත් ආදාහනාගාරයට ඇතුළු කළ පසු පිටතට ගැනීම සදාචාරවත් නැත. පසුව ගෙන ආ මළ සිරුර ආදාහනාගාරය කල් ඇතිව වෙන් කරගත් වේලාවට නම් ගෙනත් තියෙන්නේ ඒ අයට මෙය අපහාසයක්.

:       0       0

sampath Wednesday, 16 June 2021 12:54 AM

මේ නියෝගය රාජකාරියට බාධාවක් නෙවෙයිද? රාජකාරිය කරන්න දීලා නැහැ මෙයාලත් රාජකාරිය පැහැර හැරලා හඳට ගල්ගහපු කට්ටියගෙන් පැවතගෙන එන කෙනෙක්ගේ කවුරු හරිවෙන්න ඕනෑ. කරුණාකරලා කවුද කියලා කියන්න. ජනතාව ඊළඟපාර සලකයි.

:       0       3

de silva Wednesday, 16 June 2021 09:33 AM

මේ වගේ අසමජ්ජාති වැඩනම් කරනනපලුවන් වෙන වැඩ බැරි වුනාට කට්ටයට

:       0       0

Siri Friday, 18 June 2021 05:19 AM

රටේ විනයක් නැති කාලකණ්ණි දේශපාලකයන් පත්කර ගැනීමේ විපාකය ගෙවමින් සිටියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 22 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 98 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 903 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 219 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1900 2

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 835 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site