( රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 1,172 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ශිලාවතුර සාවාරිපුරම් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සාවාරිපුරම් මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් ලුහුබැඳ ගොස් පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ උර 18 ක වියලි කහ කිලෝ 679 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු සමගින් ඩිංගි යාත්‍රාවද ඊයේ (9) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ .
තවද එම ප්‍රදේශයේ සිදුකරන ලද වැඩිදුර සෝදිසි කිරීමකදී අදාල යාත්‍රාවෙන් මුහුදට දමා තිබූ තවත් උර 13 කට අයත් වියලි කහ කිලෝ 493 ක් තිබී නාවික සෙබලුන් විසින් සොයාගන්නා ලදි.
මෙම වියලි කහ තොගයන් ඉන්දියාවේ සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් රැගෙනවත් ඇති අතර සැකකරුවන් ශිලාවතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වයස්හි පසුවන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ශිලාවතුර පොලීසියට භාර දීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.
මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල
මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කහ කිලෝ1,172ක් සමඟ දෙදෙනෙක් මන්නාරමෙන් අල්ලයි