
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇතැම් මන්ත්‍රීවරුන් උත්තරීතර සභාවේ ගෞරවයට හානි වන ආකාරයේ අශෝභන වචන නිතර පාවිච්චි කරන බව නිරීක්ෂණයවී ඇති හෙයින් එවැනි වචන භාවිතයෙන් වළකින ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (14) ඉල්ලීමක් කළේය.
ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මෙම හැසිරීම පාර්ලිමේන්තුවේ ගෞරවයට බරපතළ හානියක් මෙන්ම අවමානයක් බවද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
කතානායක ජගත් වික්‍රමරත්න මහතා මෙසේද පැවසීය
ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයේ අසෝබන වචන නිරන්තරයෙන් භාවිතා කරන අවස්ථා නිරීක්ෂණය වෙලා තියෙනවා.එවැනි වචන භාවිතා කිරීම මේ සභාවේ ගරුත්වයට හානියක්. ඒවගේම මෙය ඉතා කණගාටුදායක තත්වයක්
මෙවැනි නුසුදුසු වචන යොදාගෙන කරන ආමන්ත්‍රණ කිරීම්වලින් දෝෂාරෝපණවලින් වැළකී සිටිය යුතු බව දැඩිව අවධාරණය කරමි. පාර්ලිමේන්තුවේ කටයුතු විනයානුකූලව සහ ආදර්ශවත්ව පවත්වාගෙන යෑමට මහජන නියෝජිතයන් වශයෙන් ඔබගේ සහය උදක්ම බලාපොරොත්තුවෙමි.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කතානායකගෙන් මන්ත්‍රීලාට අවවාදයක්