IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 8.5 ක පෙරබදු ලාභයක්


 
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය ව්‍යාපාරික සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම පසුගිය මාස හයක කාලයේ දී රුපියල් බිලියන 8.5 ක වාර්තාගත පෙර බදු ලාභයක් පෙන්වා තිබේ. මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස 6 ක කාලය වෙනුවෙන් වාර්තා කරන ලද මෙම පෙර බදු ලාභය, පසුගිය වසරේදී එම කාලය වෙනුවෙන් අත්පත් කරගත් පෙර බදු ලාභය වන රුපියල් මිලියන 266.7 හා සංසන්දනය කිරීමේ දී ඉලක්කම් හතරක, සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමක් බව එම සමාගම සඳහන් කරයි.

මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා, පොලී වියදම්, බදු, ක්ෂය වීම් සහ ක්ෂයවීම් වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 17.0 කි. පසුගිය වසරේ මෙම කාලසීමාව වෙනුවෙන් පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්ෂයවීම්වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 4.6 ක් විය. ඒ අනුව මේ වසරේදී එය සියයට 272 කැපී පෙනෙන වර්ධනයකි.

මෙම සුවිශේෂී කාර්ය සාධනය සඳහා දායකත්වය සැපයූයේ එයිට්කන්ස් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් අංශ 16 කි. ඒවා රටවල් අටක විසිරී පැතිරී තිබේ.

පසුගිය වසරේ පැවති අඩු පොලී අනුපාතයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළ, ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකානු ඩොලරය වෙනුවෙන් වූ ඉහළ පොලී අනුපාත හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මූල්‍ය පිරිවැය සියයට 150 කට වඩා ඉහළ ගොස් තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් ගත වූ මාස හයක කාලය ඇතුළත මෙවන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම විශේෂත්වයකි.

මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සඳහා ආදායම රුපියල් බිලියන 43.3 කි. එය පෙර වසරේ එම කාලය තුළ වාර්තා කළ රුපියල් බිලියන 18.6 ක ආදායමට වඩා සියයට 133.3 ක වර්ධනයකි.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය පසුගිය මාස හයක කාලයක් සඳහා, පෙර බදු ලාභයේ ඉහළම පංගුව ලෙසින්, රුපියල් බිලියන 5.1 ක් පෙන්නුම් කර තිබේ. එය සියයට 188.6 ක ආකර්ෂණීය වර්ධනයකි. වැඩි දියුණු කරන ලද විදේශීය වරාය කළමනාකරණ මෙහෙයුම්, කර්මාන්තය පුරා දක්නට ලැබුණු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ විදේශ මුදල් ප්‍රකාශිත ආදායමේ ප්‍රතිලාභ මෙම අංශයෙන් සුවිශේෂී කාර්ය සාධනයක් සඳහා ප්‍රධාන හේතු විය. මෙම අංශයේ සියලු‍ම සමාගම්වල වැඩි දියුණු වූ කාර්ය සාධනය ප්‍රශංසනීය මට්ටමක පැවතිණ.

සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ පෙර බදු ලාභය රුපියල් බිලියන 4.4 කි. එය 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සියයට 703.3 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එයම වෙනත් ආකාරයකින් විග්‍රහ කරන්නේ නම්, පෙර බදු ලාභයේ දී පෙන්නුම් කරන්නේ ඉලක්කම් තුනක වර්ධනයකි.

ව්‍යාපාර සමූහයේ වැඩි දියුණු කළ කාර්ය සාධනය සඳහා එයිට්කන් ස්පෙන්ස් කණ්ඩායමට අයත් වැවිලි, මුද්‍රණ සහ ඇසුරුම් මෙන්ම ඇඟලු‍ම් නිෂ්පාදන අංශ විසින් ද විශාල දායකත්වයක් සපයනු ලබයි. එමෙන්ම සමාගම තුළ රැඳුණු සැලකිය යුතු විනිමය සංචිතය, උපායමාර්ගික ආයෝජන අංශ ලාභයේ වැඩිවීම සඳහා සුවිශේෂී දායකත්වයක් ඉසිලීය.

සමාලෝචනයට භාජන වන කාර්තුව තුළ සමූහයේ පුනර්ජනනීය බලශක්ති බලාගාර පුළුල් කරන ලදි. ඒ වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් සැලකිය යුතු ආයෝජනයක් කරමින්, දිවයිනේ විශාලතම සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක සියයට 100 ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගන්නා ලදී. ඒ වෙනුවෙන් කරන ලද සම්පූර්ණ ආයෝජනය රුපියල් බිලියන 1.4 කි.

සංචාරක කර්මාන්තයට සෘජුවම බලපෑ බහුවිධ අර්බුද මධ්‍යයේ වුව ද, 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සියයට 42.5 ක් වූ අලාභ අඩුවීමක් පෙන්නුම් කළේය. එමගින් සංචාරක ව්‍යාපාර අංශය සැලකිය යුතු ප්‍රගතියක් ප්‍රකාශිත වේ.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමත් සමඟ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් විදේශීය හෝටල් අංශයේ දිරිගන්වන ආකාරයේ යළි නැඟී සිටීමක් පෙන්නුම් කළේය. එයම ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශයේ කැපී පෙනෙන වෙනසකට පාදක වූ අතර මෙම අංශයේ දියුණුව වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ද ඇති කළේය.

2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා රක්ෂණ සහ දේපළ සංවර්ධන අංශ විසින් මෙහෙයවන ලද සමූහයේ සේවා අංශය, පෙර බදු ලාභයේ සියයට 7.9 වර්ධනයක් පෙන්නුම් කළේය.

“අඛණ්ඩව පවතින කැලඹිලි සහගත ආර්ථික අභියෝග මැද්දේ වුණත්, මෙම මූල්‍ය වසරේ පළමු මාස හය තුළ පෙන්වනු ලබන කැපී පෙනෙන වර්ධනය, පවතින තත්ත්වයට අනුගතවීමේ සහ ඔරොත්තු දීම සම්බන්ධයෙන් අපේ ව්‍යාපාර සමූහයට තිබෙන හැකියාව පෙන්නුම් කරනවා”

“තවමත් විශාල අවිනිශ්චිත තත්ත්වයක් තිබුණත්, අපේ ව්‍යාපාරික ආකෘතී තිරසාර වන අතරම අපගේ ප්‍රජාව සහ පරිසරය වෙනුවෙන් අප පෙනී සිටින බවත් අපි සහතික කරනවා” යැයි ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ද වන ආචාර්ය පරාක්‍රම දිසානායක ප්‍රකාශ කළේය.

කාබන් විමෝචනය සහතික වශයෙන්ම ශුන්‍ය (0.00) අගයක් සාක්ෂාත් කිරීම සඳහා විද්‍යාව පදනම් කරගත් ඉලක්ක කරා යමින්, මහජන කැපවීමක් කරන ශ්‍රී ලංකාවේ පළමුවැනි සමූහ ව්‍යාපාරය වන්නේ එයිට්කන් ස්පෙන්ස් සමාගමයි. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අවකාශයේ ප්‍රමුඛයා වෙමින්, පුනර්ජනනීය මූලාශ්‍ර හරහා රටේ උපරිම බලශක්ති ඉල්ලු‍මෙන් සියයට 1.2 ක් සැපයීමට ද එයිට්කන් ස්පෙන්ස් සමාගම සමත්ව සිටී.

1983 වසරේ සිටම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති එයිට්කන් ස්පෙන්ස්’ සමාගම වසර 150 කට වැඩි විශිෂ්ටත්වයේ උරුමයකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමාන්, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘති 16 ක් ඊට ඇතුළත් වෙයි. 12,500 කට අධික එයිට්කන් ස්පෙන්ස් පවුලේ සමස්ත සේවක සංඛ්‍යාව විසින් එහි කාර්ය සාධනය දිනෙන් දින වැඩි දියුණු කෙරෙනු ඇත.

595

දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන - සභාපති (එයිට්කන් ස්පෙන්ස් සමාගම)


ආචාර්ය පරාක්‍රම දිසානායක - නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (එයිට්කන් ස්පෙන්ස් සමාගම)



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 8.5 ක පෙරබදු ලාභයක්

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 460 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 92 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 742 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 741 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1164 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1065 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site