(විමුක්ති එස් රුද්‍රිගු)
මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් 42 ක ජනතාවට පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට මෙම වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා සිදුවීම් උපුටා ගනිමින් මෙම වාර් තාව සකස් වී ඇත.
එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහ ලේකම් වාර්තාව මගින් එම රටවල් 42 කට අයත් ප්‍රධාන වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් සහ මාධ්‍යවේදීන් එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ සමග කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට ලක් වූ ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කර තිබේ. එම පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට පුද්ගලයින් රඳවා තබා ගැනීම, එම පුද්ගලයන් සීමාකාරී නීති මගින් ඉලක්ක කිරීම, ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ නිරීක්ෂණය කිරීම ඇතුළත් වන බව එම වාර් තාවේ දැක්වේ.
මෙම වාර්තාවේ දක්වා ඇති සියලුම බිය ගැන්වීමේ සහ පලිගැනීමේ සිදුවීම් පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට මෙම වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජනයන් සඳහා තොරතුරු, සාක්ෂි හුවමාරු කර ගැනීමට හෝ සහන සෙවීමට එක්සත් ජාතීන්ගේ ක්‍රියා පටිපාටිය භාවිතා කළ පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් සම්බන්ධ ඒවා වේ.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එක්සත් ජාතීන් සමඟ කටයුතු කළැයි ලාංකික ජනතාව පළිගැනීම්වලට ලක්වෙලා