IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උඩුදුම්බර පිහි ඇනුමකින් 7 ක් තුවාල

(ජේ  ඒ  එල්  ජයසිංහ)

උඩදුම්බර පොලිස් වසමේ මැදමහනුවර ගලේකැලේ  ප්‍රදේශයේදී  රොටී කඩේකදී ඇතිවූ බහින් බස් වීමකින් පසුව ,  පුද්ගලයෙකු  විසින් එහි සිටි කාන්තාවන්  සිවු දෙනෙකුට සහ පිරිමි තිදෙනෙකුට පිහි ප්‍රහාර එල්ල කිරීම නිසා බරපතළ තුවාළ ලද එම තුවාළකරුවන්  මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව උඩදුම්බර පොලීසියේ  නිලධාරියෙක් කීය.

අද  (14) දහවල් ඇතිවූ මෙම සිද්ධියෙන් පසු , පිහි ප්‍රහාරය එල්ල කල 33 හැවිරිදි සැකකරු  ප්‍රදේශවාසීන්ගේ සහාය මත උඩදුම්බර පොලීසියේ  නිලධාරින් විසින්  සැකපිට  අත් අඩංගුවට ගෙන  තිබේ.

සහකාර පොලිස් අධිකාරී ක්‍රීෂාන්ත ලොකුගේ මහතාගේ අධීක්ෂණ මත ,උඩදුම්බර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. ඒකනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති. 



අදහස් (0)

උඩුදුම්බර පිහි ඇනුමකින් 7 ක් තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site