IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්ධන, ගෑස් ඉල්ලා ඇමතුම් දහස් ගණනක්

 

(සුජිත් හේවාජුලිගේ )

ජනතාව ඇතුළු විවිධ පාර්ශවවලින් ඉන්ධන, ගෑස්  ඉල්ලා දුරකතන ඇමතුම් සිය  ගණනක්  දෛනිකව ලැබීම හේතුවෙන්  මැති ඇමැතිවරුන් සහ  ඔවුන්ගේ ඥාතීන්  බොහෝ පිරිසක්  දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් මහජන හමුවලට සහභාගීවීමද  තාවකාලිකව නවත්වා ඇතැයි දැනගන්නට ඇත.

සමහර පුද්ගලයන්   සිය නිවෙස්වලට පවා පැමිණ ඉන්ධන   ඉල්ලා  කලබල කරන  බවත් තවත් සමහරුන්  ඉන්ධන පිරවුම්හල්වලට කතාකර  ඉන්ධන ඉන්ධන ලබා ගැනීමට උදව් කරන්නැයි ඉල්ලා සිටින බවත්  මැති ඇමැතිවරු පිරිසක් ලංකාදීපයට පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ   ඇමැතිවරුන්ගෙන් මෙයට පෙර ඉල්ලා සිටියේ රැකියාවක් උසස් වීමක් හෝ මාරුවීමක් වුවත්  දැන් ඉල්ලා සිටින්නේ  තෙල් ලීටර් දහයක් හෝ පහළොවක් බවයි.

මෙය විශාල කරදරකාරී තත්වයක්වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර  ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මේ දිනවල  දුම්රිය හා පොදු මගී බස් රථ  යොදා ගන්නා බව  වාර්තා වේ.

ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට  ඉන්ධන හිඟය සහ කොළඹට පැමිණීම සඳහා අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් ලොකු මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම  විශාල අභියෝගයක්වී ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය .



අදහස් (8)

ඉන්ධන, ගෑස් ඉල්ලා ඇමතුම් දහස් ගණනක්

Rexi Saturday, 02 July 2022 04:00 PM

ලොක්කා තාම පාඩම්කරනවා පාස් වෙන්න. එයාට මේවා පේන්නේ නැහැ.

:       1       34

Randula Saturday, 02 July 2022 04:33 PM

"මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඇමැතිවරුන්ගෙන් මෙයට පෙර ඉල්ලා සිටියේ රැකියාවක් උසස් වීමක් හෝ මාරුවීමක් වුවත් දැන් ඉල්ලා සිටින්නේ තෙල් ලීටර් දහයක් හෝ පහළොවක් බවයි." ඡන්දයක වටිනාකම මේ විදිහට ජනතා මුදලින්ම මිලදී ගන්නා දේශපාලකයෝයි, විකුණන/ විකිණෙන ඡන්ද දායකයෝයි අද ශ්‍රී ලංකාව මේ තත්වයට පත්වෙන්න එක හේතුවක්...!

:       0       44

ravin Saturday, 02 July 2022 04:47 PM

අනේ මන්දා කවුදෝ කියනවා වගේ ඇහුණා සමහර අය කොළොන්නාවේ ගබඩාවෙන් අපූරුවට හා උජාරුවට ගන්නවා කියලා. ඒවා තියෙන්නේ අත්‍යාවශ්‍යම වුණොත් ගන්න පමණක්ලු. අහවල්ලු කරන්නෙත් අත්‍යාවශ්‍ය හොරකම්මලු...

:       1       36

පුරවැසියා... Saturday, 02 July 2022 05:23 PM

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණීම පිණිස දුම්රිය බලපත්‍ර...

:       0       0

පුරවැසියා... Saturday, 02 July 2022 05:27 PM

පාර්ලිමේන්තුවට පත්කොට සිටින ජනතා නියෝජිතයින්ව, පාර්ලිමේන්තුවට පැමිණීම පිණිස අතීතයේ සිටම දුම්රිය බලපත් ක්‍රමයක් ක්‍රියාත්මක වන බැවින් සාමාන්‍ය ජනතාව මෙන් දුම්රියේ ගමන් කිරීම උචිතයි. මෙසේ ගමන් කරනා විට ජනතාවගේ ප්‍රශ්න ආදියද කතාකරමින් පැමිණිය හැකියි.

:       0       0

Sas Saturday, 02 July 2022 06:26 PM

අන්ධ, ගොළු සහ බිහිරි පාලකයින් සිටින රටක මෙවැනි දේ සාමාන්‍ය දේවල්ය...

:       0       0

fairoos Sunday, 03 July 2022 02:05 PM

කෝ රට රකින විරුවා? හෙනම වදිනවා...!

:       2       1

sharm warn Monday, 04 July 2022 10:53 AM

එතකොට ඉන්ධන ඉල්ලලා ගමන් ඔහෙලගේ මව්පියෝ එහෙමත් මතක් කරනවද? ජනතාවයි, මොවුන්ට දිගටම ඇමතුම් අරන් තියෙන ප්‍රශ්න කියලා පුළුවන් තරම් කරදර කරන්න. ඒකත් පොඩි අරගලයක්..!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 126 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 458 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 494 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1290 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2740 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1801 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1452 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site