
(අමදෝරු අමරජීව)
ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා මානූෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් "INS Gharial" නැමැති නෞකාව ඊයේ(08) ත්‍රිකුණාමල වරාය අධිකාරියට අයත් "අශ්රොප්" ජැටියට සේන්දු වූහ.
දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට මෙරටට පැමිණි මෙම නෞකාව තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය විසින් ජාත්‍යන්තර ආපදා කලාපීය රාජ්‍යයක් වෙත මානූෂීය ආධාර රැගෙන මෙරටට පැමිණි පළමු නෞකාව ලෙස මෙම මානූෂීය ආධාර රැගත් නෞකාව ලෙස සැලකේ.
ලංකාවේ බලපෑ ආපදා තත්ත්වය මත මානූෂීය සහන සැලසීම සඳහා ඉන්දීය රජය ආරම්භ කළ "සාගර් බන්දු" මෙහෙයුමට (Operation SagarBandhu) එක්වෙමින් තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය මෙම මානූෂීය ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා දී තිබුණි.
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ යාපනයේ ස්ථාපිත උප කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් සායි මුරලි මහතා විසින් මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වෙත නිල වශයෙන් ත්‍රිකුණාමල වරායේ දී භාරදීම සිදුකළහ.

2025 දෙසැම්බර් මස 04
406
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය ආධාර නැවක් ත්‍රිමලේට සේන්දු වෙයි