'කොවිඩ් 19' ආසාදිතයන් සැලකිය යුතු අන්දමින් අඩුවීමත් සමඟ ඊයේ (15) සිට ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත කෙරුණි.
ඒ අනුව, අනුමත කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලබාගත් විදෙස් සංචාරකයන්ට සෞඛ්‍ය නීතිරීති යටතේ ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවෙයි.
ඊට අමතරව, රටට ඇතුළු වීමට පැය 72 කට පෙර, 'කොවිඩ් 19' සඳහා පරීක්ෂණයකට යොමු වී, 'කොවිඩ් 19' ආසාදිතයකු නොවිය යුතු වෙයි.
ඉන්දීය රජය, සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගනිමින්, විදෙස් සංචාරකයන් සඳහා රට විවෘත කෙරුණේ අධියර කීපයක් යටතේය. ඊයේ (15) ඉන්දියාවට ඇතුළු වීමට අවසර ලැබුණේ විශේෂයෙන් ආසන වෙන් කරවා ගනිමින් ඉන්දියාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ටය.
සාමාන්‍ය ගුවන් ගමන් මගින් පැමිණෙන විදෙස් සංචාරකයන්ට ඉන්දියාවට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ ලබන නොවැම්බර් 15 වැනිදා සිට යැයි ඉන්දීය සංචාරක කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඉන්දියාව විදෙස් සංචාරකයන් සඳහා වසා දැමීම සිදුවූයේ 2020 මාර්තු මාසයේ සිටය. ඉන්දියාව පළමු වරට මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණේ ද 2020 මාර්තු මාසයේය.
(එන්.ඩී.ටීවී.)
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාව විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි