IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ආපදා සහනය වැඩි කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැන නැඟී ඇති හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, 2025-11-21 දින සිට නැවත දැනුම් දෙනතුරු විස්තීරණ ආපදා තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් සහන සහ පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රම වේදය පිළිබඳව ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ එකඟතාව ද සහිතව දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරමින් අයවැය චක්‍රලේට 05/2025 සහ අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත බලය පවරමින් අයවැය චක්‍රලේඛ 06/2025 භාණ්ඩාගාරයේ ලේකම් විසින් නිකුත් කරනු ලැබ ඇත.

ආපදා සහන සේවා සහ හදිසි ප්‍රතිචාර වෙනුවෙන් 2025 අනුමත අයවැය ඇස්කමේන්තු මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 550 ක අතිරේක ප්‍රතිපාදන දැනටමත් සලසා තිබේ. එමෙන්ම, ආපදාවට පත් ජනතාවට වියළි ආහාර සඳහා පවුලක සාමාජිකයින් ගණන මත පදනම්ව සතියකට මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 1,800 සිට රුපියල් 3,600 දක්වා වූ මුදල, රුපියල් 2,100 සිට රුපියල් 10,500 දක්වා වැඩි කිරීමට ද අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා සහ ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අවශ්‍ය වන අනුමැතින්, මාර්ගෝපදේශ සහ අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ආපදා සහනය වැඩි කරන්න කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6080 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 271 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 313 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site