IMG-LOGO

අස්වැන්න සරුවෙද්දි පුත්තලමේ ලුණු මිල පහළට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැසි හේතුවෙන් පසුගිය කාලයෙ පුත්තලමේ  අහිමි වි ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතින නමුත්   අහස උසට ගිය ලුණු  මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලුණු ලේවායන් වල කළ සංචාරයෙදි තහවුරු විණි.

ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් 50% ත් 55 % ක් පුත්තලම දිස්ත්‍රික්කයෙපුත්තලම,මුන්දලම,මන්ගලඑළිය,පාලවිය,දළුව,කල්පිටිය,වනාතවිල්ලුව, ප්‍රදේශ වලින් ලැබෙන අතර  අක්කර 10,000 කට ආසන්න භුමි ප්‍රමානයක මේ වන විට ලුණු වගාකරන අතර එහි වගාකරුවන් 1000 ක පමණ පිරිසක් එක්ව සිටිති.

පුත්තලම ලුණු වගාව ආරම්භය සිදුවන්නේ ශත වර්ෂ ගනනාවකට පෙර බව සාක්ෂී සහිතව සනාථ වෙති.

එහි එක් සාක්ෂීයක් ලෙස සදහන් කල හැක්කේ  මුස්ලිම් ජාතික ගවේෂකයකු වන මොරෝක්කෝ ජාතික ඉබ්න බතුතා 1304 සිට 1368 ලෝව වටා කල සංචාරය අතර තුර ශ්‍රී ලංකාවට පැමින ඇති අතර එහිදි පුත්තලම නගරය ඔහුගේ එක් නැවතුම් පලක් වි තිබු බවද කියයි.

එහිදි ඔහු විසින් පුත්තලමේ ලුණු කර්මාන්තය පිළිබදව තැබු සටහන් පිළිබදව රැසක් ඇති බව කියයි.

එලෙස පුත්තලමේ ලුණු කර්මාන්තයට ඇති ඉතිහාසය මනාව පැහැදිලි වෙති.ඒ නිසාම “සුකිරි වගේ පුත්තලමේ මිදුනු ලුණු,, කියමනක්ද ජනවහරේ තදින් බැදි පවති.

ඒ තරමට පුත්තලම ලුණු කර්මාන්තයට ඇලි ගිය අතිතයක් පවති.

ලුණු කර්මාන්තයට මේ වන විට අලුත් දායකත්වයක් ලැබි තිබේඒ  දශක කිපයකට පෙර පොකුණු ඉස්සන් ඇති කිරීම සදහා යොදා ගත් ඉස්සන් ටැංකි විශාල වශයෙන් ලුණු වගාවට යොමු කිරීමය.එලෙස පොකුණු ඉස්සන් වගාවට යොදා ගත් ඉස්සන් ටැංකි මෙලෙස ලුණු සදහා යොදා ගැනිම සිදුව ඇත්තේ ලුණු නිෂ්පාදනය සදහා වැය වන අඩු ප්‍රාග්ධනයත් ඉස්සන් වගාවෙදී විවිධ රෝග හා අධික වියදම හමුවේ එය දැරීමට ඇතැම් ව්‍යාපාරිකයින් මැලි විමත් සමගය.

එසේම අඩු ප්‍රාග්ධනයක් යොදවමින් නිසි  වියළි කාළගුණ තත්වයක් පවතින මාස වලදි සාරවත් ලුණු අස්වැන්නක් ලබා ගැනිමට හැකියාවත් හොද ආදායමක් ලබා ගැනිමට හැකිවිමත් මත ලුණු කර්මාන්තයට නැඹුරු විම දැක ගත හැකිය. කෙසේ නමුත් ගෙවි ගිය කාලයෙ නොනනත්වා පුත්තලම දිස්ත්‍රික්කයට ලැබුන වැසිත් සමග නිසි ලුණු අස්වැන්න සම්පුර්ණයෙන් නැවති ගොස් තිබුණි.

පුත්තලම දිස්ත්‍රික්කයට ලැබුණ වැසි දිවයිනේ අනෙක් ප්‍රාදේශ වලට ද ලැබිමත්  සමඟ රටපුරා ලුණු නිෂ්පාදනයට බාධා එල්ල තිබිම හේතුවෙන් ඉන්දියාවේ ගුජරාට් වල සිට මෙරටට ලුණු ආනයන කිරීමට රජය කටයුතු කර තිබුණි.

ඒ සදහා රජයෙ විවිධ නිතිගත සංස්ථාව  මගින් මෙට්‍රික් ටොන් 12000 ක් පලමුව රැගෙන ආ නමුත් එය නිසි ලෙස කළමණාකරණ කර ගැනිමට නොහැකි විම මත ලංකා සෝල්ට් ආයතතනය හරහා ලුණු ගෙන්විම සිදුව තිබේ.

පසුව ලුණු  ආනයනය කිරීමට ලුණු කර්මාන්තශාලා හිමිකරුවන් සමග  මහා පරිමාන ව්‍යාපාරිකයින්  විශාල පිරිසක් මෙරටට ලුණු රැගෙන ඒමට කටයුතු කර තිබු අතර ඒ අනුව මෙට්ට්‍රික් ටොන් 115,000 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ඒමට ඇනවුම් කරුවන් කටයුතු කර ඇති බව කියයි. කෙසේ නමුත් මේ වන විටත් එම ප්‍රමාණයෙන් තවමත් නිදහස් නොවු මෙට්ට්‍රික් ටොන් 20000 ක ප්‍රමාණයක් වරායෙන් නිදහස් කර ගනිමින් පවති.

කෙසේ වෙතත් මේ වන විට පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක ලුණු අස්වැන්න ලබා ගනිමින් සිටින අතර ලුණු නිෂ්පාදකයින් ඉන්දියන් ලුණු කිලෝ 50 බැගයක්   රුපියල් 4000 කට ලබා ගනිමින් සිටියදි පුත්තලමේ ලුණු කිලෝ 50 ක බැගයක  මිල රුපියල් 1800 ත් 2000 පහත වැටි ඇති බව කියයි.

මේ පිළිබදව අදහස් දැක්වු පුත්තලම ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ සභාපති රනිෂ් බදුර්දීන් මහතා මෙලෙස පවසන්නට විය. “මේ වෙද්දි පුත්තලමේ ලුණු අස්වැන්න ලැබෙමින් පවතිනවා.අපේ ලුණු වගාකරුවන් මේ දවස්වල ලොකු වෙහෙසක් ගන්නවා අස්වැන්න ලබා ගන්න.හොද අව් රශ්මිය අපිට සහනයක්.

හැබැයි ලුණු මිළ පහත වැටි තිබිම අපිට ලොකු පාඩුවක් වෙලා තියෙනවා.අපේ වගා කරුවන්ට මේ මීල ප්‍රමානවත් නැහැ.අපි හිතන්නේ මෙයට වඩා හොද මිලක් තිබුනොත් හොදයි.ඒ වාගේම අපිට ලුණු වගා සදහා ඉල්ලුම් ඉඩම් පසුගිය රජයන් වලින් ලබා ගන්න බැරි වුනා.මේ නිසා අලුත් රජයට අපි කියන්නේ මෙම කටයුතු සකසා දී පුත්තලමේ ලුණු නිෂ්පාදනය වැඩි කරන්න උදව් කරන්න කියලා  යනුවෙනි.

පුත්තලම ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ වගාකරුවකු වන එස්.එම්.රිස්වි මහතා මෙසේ පවසන්නට විය. “පසුගිය කාලයෙ වැසි එක්ක අපිට ලුණු නිෂ්පාදනය කරන්න බැරිය ගියා.ඒ නිසා මේ වන විට පවතින වියළි කාළගුණය අපිට යහපත් වෙලා තිබෙන්නේ .නමුත් මීල පහත වැටිම හමුවේ අපිට යන වියදම් එක්ක කර්මාන්තය ගෙනියන්න ටිකක් අමාරුයි.අපිට ගැලපෙන ලෙස යම් සහනයක් ලබා දීලා එය කරගෙන යන්න උදව් කරන්න කියලා තමයි ඉල්ලීම් කරන්නේ යැයි.

එම්.යු .අෆ්රුප් තරුණ වගාකරුවෙකි,තම පියාගේ ලේවායෙ කටයුතු බාරව සිටින්නේ මෙම තරුණ ව්‍යවසායකයාය මේ ඔහුගේ හඩයි.

“ලුණු නිෂ්පාදනය දකින කෙනෙකු හිතන්නේ එතරම් ලොකු වැඩක් නොවෙයි කියලා.නමුත් එය නිසි ලෙස කල යුතු කර්මාන්තයක් කම්කරු කුලිය ඇතුළු අනිකුත් වියදම් ගිහාම දැන් තියෙන මිලෙන් අපිට ලැබෙන්නේ පොඩි ගානක් විතරයි.ඒ නිසා අපිට මේ කර්මාන්තය පවත්වාගෙන යන්න ගැලපෙන මුදලක් ලැබිය යුතුයි.

පසුගිය කාලයෙ කිලෝ 50 රුපියල් 12000 ටත් ගියා ඒ තරම් විශාල මුදලක් අපිට එපා .කර්මාන්තයට ගැලපෙන මුදලක් තමයි ලැබිය යුත්තේ ඔහු පවසන්නට විය. වෙළද හා කර්මාන්ත ඇමති වසන්ත සමරසිංහ මහතාගෙන් මේ වන විට ලුණු සම්බන්ධව සිදුවන ක්‍රියා වලිය පිළිබදව මෙලෙස පැවසීය.

“රටතුළ ලුණු අවශ්‍යතාව අනුව පසුගිය කාලයෙ පැවති වර්ෂාව අනුව ඉල්ලුමට ගැලපෙන සැපයුම ලංකාවේ ලුණු නිෂ්පාදනයෙන් ලබා දීමට නොහැකිවිම මත තමා ඉන්දියාවේ ජුජරාට් වලින් ලුණු රැගෙන ඒමට සිදුවුනේ. ඇත්තටම අපි ඉන්දියන් ලුණු සදහා 40% ක වෙළද බද්දක් ගැහුවා.ඒ දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනිමේ අරමුනීන්.අනිත් කරුණ තමා රට තුළ ලුණු ලැබෙන වකවානුව කාලසිමා සකලා බලා පසුගිය ජුනි 10 වන විට ලුණූ ආනයනය නවතා දැමුවා.

කෙසේ නමුත් මේ වන විට දේශීය ලුණු වල මීළ පහත වැටි තිබේනවා.ඇත්තටම එය තමා රටතුළ පැවතිය යුතු මිල.මොකද නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දේපාර්ශවය අපි ආරක්ෂා කළ යුතුයි‘.

 



අදහස් (1)

අස්වැන්න සරුවෙද්දි පුත්තලමේ ලුණු මිල පහළට

ශුද්ධ වූ කොමිස් Sunday, 20 July 2025 06:21 PM

ආනයනයෙන් කොච්චර කොමිස් හම්බුණාද කියලා පේනවා බඩ පොත්ත ඇලිලා, හාල්මැස්සෝ වගේ හිටපු අය පිම්බිලා ඇවිත් තියෙන හැටි දැක්කාම.... වෙන අය කොමිස් ගහද්දී අවුල්, මේ අය ගහද්දී හොඳයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 634 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site