IMG-LOGO

අලි පැටව් හයක් ’’ගෙදර’’ යති

(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)

වනජීවී නිලධාරීන්ගේ සෙනෙහස රැකවරණය ලබමින් උඩවළව ඇත්අතුරු  සෙවණේ සිටි  අලි පැටවුන් 06 දෙනෙකු උඩවලව මව්ආර ප්‍රදේශෙය්දී  වනාන්තරයට මුදා හැරියේය.

ඩොලා  , සේරා, රම්බරී යන ගැහැණු අලි පැටවුන් තිදෙනා සහ  බාලන් , තිස්ස, තමිල් යන පිරිමි අලි තිදෙනා තනිවම හැසිරෙමින් ආහාර ,ජලය ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන වයසට එළඹීමෙන් පසු නිදහස් කිරීමට වන නිලධාරීන් මෙලෙස පියවර ගෙන තිබිණි.

ඇත්අතුරු සෙවණේදි සුළු උත්සවයක් පවත්වා උඩවළව ජාතික උද්‍යානයට  නිදහස් කිරිමට නියමිත අලි පැටවුන්  වාහනවලින් රැගෙන ගියේය.

වාහන වලින් ගෙනා අලි පැටවුන් වනයට මුදාහැරීමට පෙර එතැනට වැඩම කළ මහා සංඝරත්නය සෙත්පිරිත් සච්ඡායනා කර සෙත් පිරිත් හඩ මැද අලි පැටවුන් හය දෙනා මව්ආර වැව ඉස්මත්තෙන් වනාන්තරයට මුදා හැරියේය.

නිදහස් කෙරුණ අලි පැටවුන් 06 දෙනාගෙන් තිදෙනෙකුගේ සඥා කරපටි පළඳනු ලැබ තිබිණි. ඒ ඔවුන්ගේ වනගත ජීවිතය නිරීක්ෂණය කිරීම සඳහා ය. මව අහිමි වූ අලි පැටවුන් 181ක් පමණ 1995   සිට 2025 දක්වා වු තිස් වසරක කාලය තුල වනයට මුදාහැර තිබේ.

ඇත් අතුරු සෙවණේ ආදරය රැකවරණ ලැබීමෙන් පසු ඔවුන්ගේ නිජබිම් වෙත මේ වනවිට නිදහස් කර ඇත. මෙවර නිදහස් කෙරුණේ 26වන කණ්ඩායමයි.

 

 



අදහස් (0)

අලි පැටව් හයක් ’’ගෙදර’’ යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 457 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site