IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අරගලයේ දෙවන රැල්ල ගැන සීරුවෙන්

(ඉන්දිකා රාමනායක)

“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.

ප්‍රබල දේශපානඥයකුගේ මෙහෙයවීමට යටතේ මෙම මධ්‍යස්ථනය අද පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරණ ස්ථානයේ ස්ථාපත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති පුද්ගලයා එම ප්‍රබල දේශපාලනඥයා සමග ක්‍රියාකාරි දේශපානයේ නිරත ඔහුගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරන්නකු බවට තොරතුරු හෙළි වී ඇති බව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ලිපියේ සඳහන් වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම නව සංවිධානයට නව සමාජිකයන් බඳවා ගැනීම සදහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය ලබා දී ඇති බවද එම ලිපිය මගින් තෙන්නකෝන් මහතා දැනුම් දී ඇත.

මෙම නව සංවිධානයට ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂ යටතේ ක්‍රියාත්මක සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරින්ගේ සහය හිමිව ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අරගලයේ නිරත ව සිටි පාර්ශව ඒකාබද්ධව නව සංවිධානයක් ආරම්භ කර නව සාමාජිකයන් බදවා ගැනීම සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණ වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

මෙම නව සංවිධානයේ අනුශාසකවරුන් වශයෙන් ජීවන්ත පීරිස් පියතුමා, කොස්වත්තේ මහානාම හිමියන් කටයුතු කරන බවත්, සම කැදවුම්කරුවන් වශයෙන් මාධ්‍යවේදී කැලුම් අමරසිංහ, සේනාධි චතුරංග ගුරුගේ, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් මංජුල සමරසේකර යන අය තෝරා පත්කිරීමට නියමිත බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

 



අදහස් (13)

අරගලයේ දෙවන රැල්ල ගැන සීරුවෙන්

තරුපති Wednesday, 24 August 2022 09:13 PM

ඔයා ආයිත් දෙවන රැල්ලෙන් ගුටිකාලා එහෙම ලෝකෙට පෙන්වනවා නොවෙයි හරිද..?

:       0       3

කිරි පුතා Wednesday, 24 August 2022 11:23 PM

ජ.වි.පෙ. දන්නවා කවදාවත් ඡන්දයකින් රටේ පාලනයට එන්න බැරි වග... මොකද එයාලා හොඳයි කතා පවත්වන්න. වෙනනම් වැඩක් නෑ. 71, 89 වගේ කැරලි ගහලා රජය පෙරලන්න හදනවා. මේවාට අහුවෙන තරුණ තරුණියන් තම කාලය නාස්ති කරගන්නවා. පටු ආකල්ප ඇති සිහින ලෝකවල ඉන්න උදවිය හදන්න බෑ...

:       2       0

Perera Thursday, 25 August 2022 12:36 AM

පාස්කු ප්‍රහාරයේ දෙවැනි රැල්ලට ගහගෙන යයි කියලා බයේද කොහේද?

:       131       168

C.K.Lankaputhra Thursday, 25 August 2022 06:59 AM

නීතියට ඉහළින් ක්‍රියාකරන නීතිගරුක නිලධාරියෙක්. ඒ හේතුව නිසයි මෙතුමා තවමත් අත්ඩංගුවට නොගන්නේ. අනේ මෙහෙමත් රටක්. අරගලය නිවැරදියි.

:       49       168

paksha bandu Thursday, 25 August 2022 08:54 AM

දූෂණයට එරෙහි ජනතා සංවිධානවලට විරුද්ධව කටයුතු කරන පොලිසියට නීතිමය බලයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පලකරන්න පොලිසියටද අයිතිය ඇත.

:       0       2

Akila Thursday, 25 August 2022 08:55 AM

මේ උන්දෑ තවම පොලිසියේ වැඩද? අරුම පුදුම ශ්‍රී ලංකාව..

:       0       2

Kumara Thursday, 25 August 2022 10:18 AM

ඔහොම යන්න.. පානුයි, පරිප්පුයි ලැබෙයි.

:       1       1

D. Kannangara Thursday, 25 August 2022 10:28 AM

දැන් මේ රටේ එහෙම දෙයක් කරන්න යනකොට මොකද මේ බයවෙලා? උබලා උබලගේ රාජකාරිය කරපල්ලා.. බයවෙන්න එපා... රටේ බැංකු හොරු නිදන්හොරු අදිවේගී මාර්ග හොරු ගැන හොයපල්ලා ටික දවසක් ඔය විදියට යටපත් කරන්න පුළුවන් වේවි... සත්‍යය නියම වෙලාවට සුනාමියක් වගේ පොලව යටින් මතුවේවි.. එදිනට ජනතාව පාලනය කරන්න කිසිම බලවේගයකට බැහැ... ලෝක උදාහරණ බලපල්ලා

:       5       32

Surain Thursday, 25 August 2022 12:17 PM

කර්මය පසුපස එනවා. එතකන් අපි නටමු.. ගේම් ගහමු.

:       0       0

fairoos Thursday, 25 August 2022 12:51 PM

එදා බේරුණා... ආපහු ඔලුව පලාගන්නයි යන්නේ..!

:       0       1

Athula Thursday, 25 August 2022 03:03 PM

සීරුවෙන් නොවේ උඹලා හතර ගාතෙන් හිටියත් අවසානය ඉතාම නුදුරේදීම එනවා හැබැයි ඒක කොහොම වෙයිද කියලා තමයි කලින් කියන්න බැහැ... කොහොමත් උඹ කමල් වගේ කිහිපදෙනෙකුට බඩුම තමයි

:       2       15

de silva Thursday, 25 August 2022 03:28 PM

මිනිස්සුන්ට අවිආයුධවලින් තොරව සාමකාමී උද්ඝෝෂණ කරන්න ඔයාලගේ අවසර අවශ්‍ය නැහැ. ලක්ෂ 10-15 එකවර කොළඹටත්, ලක්ෂය බැගින් අනෙක් ප්‍රධාන නගරවල තිබෙන පොලිසි, මන්ත්‍රීලගේ ඇමැතිලගේ නිවෙස් වටකළොත් ඔබ කුමක් කරන්නද?

:       0       2

Sam Gamage Sunday, 28 August 2022 01:32 AM

තවමත් නිල ඇඳුමින් සිටීම මේ රටේ පාලකයින්ගේ දූෂිත පාලනයකට සාක්ෂි දරයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 785 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 145 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 982 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1017 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1326 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1189 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site