(විමුක්ති එස් රුද්‍රිගු)
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ආනයනය කරන ලද සුදු ලූනු තොගයකින් කොටසක් අයිතිකරුගේ අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශ්වයකට විකිණීමට ගිය සැකකරුවන් හතර දෙනකු සහ මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා සමග අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.
සැකකරුවන් ගෙන් එක් අයකු කන්ටේනර් රථයේ රියදුරු බවත් අනෙක් සැකකරුවන් 3 දෙනා සුදු ලූණු තොගය බෑමට පැමිණි අත් උදව්කරුවන් ඒ අතර වන බවත් රාගම පොලිසිය පවසයි.
වරායේ සිට ටොන් 10 ක පමණ ආනයනික සුදු ලූණු තොගයක් පටවා ගත් කන්ටේනර් රථය තම ගමන් මාර්ගයෙන් පිටත යමින් රාගම පේරලන්ද ප්‍රදේශයේ කන්ටේනර් නවතා තබන ස්ථානයකට විත් කන්ටේනර් පෙට්ටියට තබා ඇති මුද්‍රාවට හානි නොවන සේ විවෘත කරමින් සුදු ලූණු තොගයෙන් කොටසක් විකිණීමට උත්සහ දැරූ අවස්ථාවේ මෙම සැකකරුවන් 4 දෙනා සහ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බව රාගම පොලිසියේ ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේ ව්‍යාපාරිකයා සුදු ලූණු මිලදී ගැනීමට රැගෙන ආ රුපියල් 734000 ක මුදලක්ද පොලිස් බාරයට ගත් බව රාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා පැවසුවේය.
කන්ටේනර් රථයේ රියදුරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අත් උදව්කරුවන් තිදෙනා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් රාගම පොලිසිය සඳහන් කළේය.
රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක භවන්ත රාජකරුණා,පොලිස් කොස්තාපල් 78997 පෙරේරා,66443 නලින්ද,33250 අසංක,91034 ප්‍රියංකර,96802 ඉලුක්කුඹුර,80613 කුමාර යන මහත්වරුන් වැටලීම සිදු කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අයිතිකරුට හොරෙන් සුදු ලූණු විකුණන්න ගිහින් අමාරුවේ
ranjith Sunday, 07 August 2022 06:55 AM
කෝ අර පරණ සුදුළූණු වංචා ඉවරද? සීනි බදු වංචා ඉවරද? සර්ව පාක්ෂික මොන දේ ඇටෙව්වත් මේ හොරකම නතර කළේ නැතිනම් රට විනාසයි. අද ලෝකයෙන්ම ප්‍රසිද්ධ වෙලා රටේ නායකයෝ හොරු කියලා. පිටරට ගිහිල්ලා ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජයි ඒ රටවල අය අහන දේවල්වලට උත්තර දෙන්න ගියාම...!