(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය අරමුදලේ සමාලෝචන හතරක් අවසන් වී පස්වන වාරිකය මේ වන විට නිදහස් කර තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේද වැටුප් වැඩි විය යුතු බවට වන සාකච්ඡා අප පැවැත්වුවා. රට වට්ටලා තිබෙන තැනින් ඉදිරියට ගෙන යන විට ඒ කාර්ය කළ යුතුයි. එමෙන්ම උද්ධමනයකට මුහුණ දීමෙන් පසු මුදලේ අගය පහළ බැස තිබුණා. දැනෙන වැටුප් වැඩිවීමක් කරන්න අපට අවශ්‍ය වුණා.අපට තිස් දහසක් ලෙස වැටුප් වැඩි කරන්න අවශ්‍යවී තිබුණා.ඒ ගණන අදියර දෙකකින් වැඩි කරන්නට සේවා යෝජකයන් එකඟ වුණා.
සේවකයන්ගේ මූලික වැටුප ඉහළට ඔසවනවාට වඩා යම් යම් දීමනා ලබා දීම මීට පෙර කර තිබුණා.නිෂ්පාදන සහ ආයෝජන වැඩිකර වැටුප් මට්ටම් තවදුරටත් ඉහල නැංවීමට අප අදහස් කර සිටිනවා. ආයෝජන වැඩි කිරීම සඳහා වන ආණ්ඩුවේ වැඩ පිළිවෙල වේගෙන් සිදුවෙමින් තිබෙනවා. මූල්‍ය අරමුදලේ සමාලෝචන හතරක් අවසන් වී පස්වන වාරිකය මේ වන විට නිදහස් කර තිබෙනවා.රාජ්‍ය පාලනය පරිවර්තනය කිරීමේදී ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම පිළිබඳව මූල්‍ය අරමුදලේ ප්‍රශංසාව හිමි වී තිබෙනවා.වංචාව දූෂණය නැති ව්‍යාපාරික ආර්ථික යාන්ත්‍රණයක් අප අරඹා තිබෙනවා. ඒ නිසා ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ කටයුතු අප හොඳින් කරමින් සිටිනවා. ඉදිරියේදී විදේශීය මෙන්ම දේශීය ආයෝජන පැමිණීමට නියමිතයි.
ඇමරිකාවේ තීරු බදු සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.රට ඇතුලේ අපට තිබෙන අභියෝගය වන්නේ එකට එකතු වී ජනතා විශ්වාසය ගොඩ නගනවා වෙනුවට විපක්ෂයෙන් රට පසු පසට ඇදීමේ ව්‍යායාමයයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයි.එම්.එෆ් පස් වන වාරිකයත් නිදහස් කළා