IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජාතික ජන බලවේගය යනු සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නොගන්නා ආණ්ඩුවක් වන හෙයින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා:-(ජා.ජ.බ) අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය.

"පසුගිය ආණ්ඩු වල අයවැය ‍ලේඛන ආදායම් වියදම් ගැන අප අවධානය යොමු කළ යුතුයි.2015 වසරේ සිට අයවැය ලේඛන ගත්තොත් ආදායම වියදම අතර පරතරය තිබුණේ සෘණ අගයක්.විවිධ ඇස්තමේන්තු කළත් ඒ  ඇස්තමේන්තු අසලටවත් එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.2022 වසරේ සෘණ 200ක්,මේ විදියට සියලුම අයවැය පරතර තිබුනේ සෘණ අගයක.මේ වසරේදී ධන අගයක් තිබෙනවා.හැබැයි සමහරුන්ට අනුව මේ අයවැය හැදුවේ මොන්ටිසෝරි ළමයි. 

අනෙක මේ පරිපූරක ඇස්තමේන්තු දාපු නැති අවුරුද්දක්.සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ.ඒ නිසා බය නැතිව මේ රටේ ආයෝජන කරන්න එන්න පුළුවන් කියන මතය ජාත්‍යන්තරයේ හදා තියෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය



අදහස් (0)

අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site