IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අනුරාධපුර වැනසුණු වී වගා යළි අස්වද්දන්න

(අංජුල මහික වීරරත්න)

ගංවතුරට විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ලබා දීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් අවශ්‍ය වාරි ජල සැපුම ලබා දීමටද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබා දෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (07) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. 

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි සිදු වූ ගොවීන් ප්‍රමාණය, ගොවි බිම් ප්‍රමාණය සහ අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් මෙම සිකුරාදාට පෙර ඉදිරිපත් කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ  වන්දි මුදල් සාධාරණ ලෙස  ලැබිය යුතු පිරිස් වෙතම ලැබිය යුතු බවත්, අසාධාරණ ලෙස එය කිසිවෙකුට හිමි නොවිය යුතු බවත් පෙන්වා දුන්නේය.

මෙම වන්දි මුදල් ස්ථීර ලෙසම ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු කරන බව කී ජනාධිපතිවරයා ගොවි ජනතාව තුළ විශ්වාසය ඇති කර ඔවුන් යළි වගා කටයුතු සඳහා දිරි ගන්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලි සහ ජල සැපයුම, වාරිමාර්ග, සන්නිවේදන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන් වශයෙන් අදාළ ආයතන වෙතින් කරුණු විමසීය.

අවහිර වූ මාර්ග යළි විවෘත කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා විමසු අතර මාර්ග සංවර්ධනයට ස්ථිර සැලසුම් ක්‍රියාත්මක කරන තෙක් තාවකාලික පිළිසකර කිරීම් කඩිනම් කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

 



අදහස් (0)

අනුරාධපුර වැනසුණු වී වගා යළි අස්වද්දන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site