IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අනාගතයේ අභාග්‍යයට වැළළුණු සම්පත්

(හේමන්ත රණසූරිය)

කැබිතිගොල්ලෑව  අංක 26 කුංචුට්ටු තුලානේ දුටුවැව ගම්මානයේ මහා රූස්ස වනාන්තරයක් මැද ඩොලර් බිලියන ගණන් උපයා ගත හැකි ජාතික සම්පතක් වූ මිනිරම්පතල ප්‍රයෝජනයට නොගැනීම මහා අපරාධයක් බව දුටුවැව ගම්වාසීහු පවසති.

තලාතු සහ බ්යොටයික් මයිකා යන මිනිරන් විශේෂ දෙක මෙම පතලේ ඇතැයි එහි සේවය කළ ගමේ පැරැන්නෝ පවසති. 

වසර පනහකට එහා ගිය ඉතිහාසයක  වැදගත් සිදුවීම් රැසක් කාලයේ වැලි තලාවට වැසීයාමට ඉඩ හැර තිබීම බලවත් කනගාටුවට කරුණක් බවත් ඔවුහු කියති .

අක්කර 500 ක භූමියක් තුළ මෙම  මිනිරන් පතල පතල විහිදී පැතිරී ඇති බවත් ඒ තුළ තවත් මිනිරන් පතල් දහඅටක් පමණ තිබී ඇති නමුත් ,ඉන් බොහොමයක් මේ වන විට කැලය වැසී ගොස්   ඇතත් ,කළු පතළ සහ මහා පතල වශයෙන් ඔවුන් එකල හැඳින්වූ පතල්  දෙකක් සහ එම ප්‍රදේශය පුරාම විසිරී ගිය මිනිරන් කොටස් විශාල ප්‍රමාණයක් අප එහි කළ ගවේෂණයේදී අපට දැකගත හැකි විය .

දුටුවැව මිනිරන් පතල ආරම්භයේ සිටම එහි සේවය කළ කැබිතිගොල්ලෑව දුටුවැව පදිංචි ඩබ්ලිව් සේමසිංහ (68),කේ ලක්ෂ්මන් කොතලාවල (62),සහ ඩබ්ලිව් වික්‍රමසිංහ (70)යන අය මෙහි අලගිය මුලගිය තැන් හොඳාකාරවම දන්නා බව ඔවුහු පැවසූහ .

මේ ඒ පිළිබඳ අදහස් දක්වන එහි සේවය කර ඇති ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල කහටගස්දිගිලියේ සීවලී කියලා මහත්තයෙක් තමයි මේ පතල ඉස්සරලම පටන් ගත්තේ . එයා අවුරුදු දෙකක් විතර වැඩ කරගෙන ගියා .ඊට පස්සේ මේ පතල රාජ්‍ය මිනිරන් සංස්ථාව ට සංස්ථාවට අරගත්තා. මිනිරන් සංස්ථාවෙන් මේ පතල කරගෙන යනකොට යුද්දෙ පටන් ගත්තා .එතකොට එහි සේවකයන් 50ක් විතර හිටියා .අපේ පත්වීම් ස්ථිර කළා .දරුණුවට යුද්දෙ කැබිතිගොල්ලෑවට බලපාපු හින්දා මේ පතල වහලා දැම්මා. පස්සේ එතන වැඩ කරපු සේවකයන් කොටසක් එප්පාවල පොස්පේට් එකට යැව්වා .තව කොටසක් බෝගල පතලට යැව්වා .

අපි ගියේ එප්පාවල පොස්පේට් එකට.අවුරුදු කීපයකින් ආයෙත් මේ පතල වැඩ පටන් ගත්තා .ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පරිසර සහ මහවැලි ඇමති වෙලා හිටපු කාලෙ . එතුමා මේ පතල මාතලේ ප්‍රදේශයේ කෙස් මුරලිදරන් කියන කොම්පැනිකාරයෙකුට දුන්නා . මුරලි මහත්තයා මේකෙ මිනිරන් ඉන්දියාවට යවලා එහේ සුද්දකරලා ජපානයට අලවි කරා . එතකොට මේ පතලේ පතලේ ගලවන මිනිරන් හොන්ඩර  එකට රුපියල් එකසිය විසි හතක් 150 150ත් මුදලක් තමයි පතලේ කම්කරුවන්ට ගෙව්වේ .අපි 2009 අවුරුද්දේ විශ්‍රාම ආවා .මේ වගේ වටිනා සම්පතක් නිස්කාරණේ කැලේට හැරලා තිබීම ජාතික අපරාධයක් .

මේ සම්බන්ධයෙන් අප කැබිතිගොල්ලෑව අඩවි වන නිලධාරී ප්‍රදීප් වෛද්‍යසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙවැන්නකි මෙම දුටුවැව මිනිරන් පතල පිහිටි ප්‍රදේශය පදවිය අභය අභයභූමිය තුළ රක්ෂිත කලාපයක් වශයෙන් රජයේ විසින් වෙන් කරල තියෙන්නේ .

එකල කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට සොච්චම් මුදලක් ගෙවා ව්‍යාපාරිකයෙන් විසින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හම්බ කර ඇති කැබිතිගොල්ලෑවේ දුටුවැව මිනිරන් පතල අද දවසේ වන අලි ගහන මහා වනස්පතිය මැද නිසොල්මනේ සැඟවී ඇත්තේ කාගේ වරදින් ද දැයි විමසා බැලිය යුතු නොවේද .



අදහස් (3)

අනාගතයේ අභාග්‍යයට වැළළුණු සම්පත්

santhu Tuesday, 09 August 2022 05:12 PM

අපරාදෙ මෙහෙම වැළලෙන්නට හරින්නෙ. රජය ඉදිරිපත්වී මේ මහත්මයන්ගේ දැනුමත් මුසුව ආයෙත් ආරම්භ කරන්න පිළිවන් නේද. බලන්න එදත් කරල තියෙන්නෙ අපේ සම්පත් පිට අයට දුන් එකනෙ. කෙතරම් නම් අපෙ රටේ සම්පත් තියේද. මේ අය ඒවා පිට රටට විකුනා තම මලු පුරව ගත්තා. වැඩ කළ අහිංසක කම්කරුවා තාමත් දුප්පත්.

:       0       4

fairoos Tuesday, 09 August 2022 06:43 PM

රනිල් ජනාධිපතිතුමන්ට කිව්වා නම් අනිවාර්යෙන්ම විකුණනවා

:       0       2

වර්ණකුලසූරිය Wednesday, 10 August 2022 11:43 AM

හොඳ වෙලාවට මේක නාමල් බේබිට ඉව වැටිලා නැහැ. රාජපක්ෂ ලෑන්ඩ් සේල් එක දක්ෂ විකුණුම් කරුවෙක්ට බාරදී තිබෙනවා. පොඩි වෙනසකට තියෙන්නේ රාජපක්ෂලා සින්නක්කර විකුණනවා. නව විකුණුම් කරු බදුදීමට වගේ උත්සාහයක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2324 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 71 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 189 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 170 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 178 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 49 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site