IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැතිවරයා ලෙස වගකීම බාර ගන්න මම අදත් සූදානම්

(නිමල කොඩිතුවක්කු)

අගමැතිවරයා ලෙස වගකීම් භාර ගෙන පිරිසිදු පාලනයක් ගෙන යාමට තමන් අද දිනයේත්  සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද(25) පැවසීය.

බලය වෙනුවෙන් තමන් කිසිවිටකත් ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නොවන බැවින් විධායක ජනාධිපති ධුරය මෙන්න විධායක අගමැතිවරයෙකු නිර්මාණය නොවන පිරිසුදු විසිඑක්වන සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කර ගෙන රටේ වගකීම භාර ගැනීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මහබැංකු හොරු සිටින ආණ්ඩුවකට හොරු අල්ලන්න හැකි දැයි තමන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.
ජනතාවගේ ජීවිතත් සමග තවදුරටත් සෙල්ලම් නොකර වගකීම් සහගතව කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් තමන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.



අදහස් (24)

අගමැතිවරයා ලෙස වගකීම බාර ගන්න මම අදත් සූදානම්

යෝගා Wednesday, 25 May 2022 09:02 PM

සජිත් ඔයා කොහොමත් ෆේල්... දැන් උත්සාහ කරන්න ඕනේ විපක්ෂ නායකකම රැකගන්න..

:       13       109

nimalWednesday, 25 May 2022 09:45 PM

සජිත් හැමෝම ෆේල් නම් ඔබ අගමැතිවරයා ලෙස වගකීම බාරගන්න.

:       15       8

BamunuarachchiThursday, 26 May 2022 08:01 PM

මඥ්ඥන් වෙලාද?

:       1       3

Sarath Rambukwella Wednesday, 25 May 2022 09:12 PM

සජිත් මහත්තයෝ ගොන් කතා නොකියා මේ අවස්ථාවේදී රජය ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. හොඳ විසඳුම් තියෙනවා නම් කිසි අපහසුවක් නෑ.. ඔයාට ජනාධිපති/අගමැති හමුවී ඉදරිපත් කරන්න පුළුවනි... ඔබ කියන්න අයේමත් අරගොයියන් ටික ගෙනැල්ලා මහජනයාට “ආටක නාටක” පෙන්වන්න කියලාද? බොරදියේ මාළු බාන්නේ නැතිව ඔය පුටුව තවත් කෙනෙකුට දීලා ඔයාගේ ණයටික ගෙවාගන්න ක්‍රමයක් හොයාගන්න. විකටයෙක් වෙන්න එපා මහත්තයෝ... මේක ලෝක ප්‍රශ්නයක්...!

:       14       115

nimal j jThursday, 26 May 2022 10:00 AM

සරත් මහත්තයෝ, සජිත් මහත්තයා ගත්ත තීරණය හරි. ඔයත් බලන්නේ සජබෙ පිනෙන් ඔයාලගේ ආණ්ඩුව ගොඩගන්න. ඔක්කෝම කියන්නේ ආණ්ඩුවට යන්න කියලා. රනිල් අරන් කරපු දෙයක් නැහැ. ගෝඨා තමයි රනිල්ගේ පිහිටෙන් බොරදියේ මාළු බාන්නේ...!

:       16       4

Saththaya Wednesday, 25 May 2022 10:14 PM

ජනතාව නොකා නොබී මැරුණත් මෙයාට ඕන පට්ටම... මෙච්චරම ලැජ්ජා නහර කපපු කෙනෙක් දැක්කමයි. මේක බලය අල්ලන වෙලාවක්ද? උගතුන්, රණවිරුවෝත් මෙයාට හේත්තුවෙලා ඉන්න එක තමයි පුදුම හිතෙන වැඩේ...

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 May 2022 10:23 PM

අගමැතිකම දුන්නත් එවෙලේ බාරගන්නේ නැතිව ගණන් උස්ස උස්සා හිටියා. රනිල් මහතා තනි මන්ත්‍රි ආසනයක් තියාගෙන, මේ අභියෝගයට නොබියව තනියෙන් තීරණයක් ගත්තා. ඒ නිසා දැන් ආයෙත් තවත් අගමැතිකම් වලට සිහින මවන්නේ නැතිව, තනතුරු වරප්‍රසාද ඉවතදා රට ගොඩගැනීමට සහාය වෙන්න. එසේ නැති වුවහොත්, ඔබගේ කණ්ඩායමේ තවත් අය සුදුසු තීරණයක් ගනීවි. අනෙක් කාරණය වන්නේ, වීදුරු ගෙවල්වල සිටිනා අය අනිත් අයට ගල් ගසන්නේ බලාගෙනයි. එදා බැසිල් මුදල් ඇමැතිව සිටියදී කියවෙනවා ඇහුණා.. මහබැංකු බැඳුම්කර වංචාව වෙනුවෙන් රඳවා ගත් මුදල් වැඩිපුර ඒවාත් සමග රජයට පවරා ගත් බව... රනිල් මහතාගේ අඩුපාඩු ඇති. ඒත් එතුමා කිසිවෙකු බාර නොගත් රට ගොඩනැගීමට බාර ගත්තා. එවැනි කෙලින් තීරණයක් ගැනීමට නොහැකි වූ අය දැන් කියනා දේ පිළිගැනීමට ජනතාව සූදානම් නැහැ...

:       0       2

chandima Wednesday, 25 May 2022 10:28 PM

මෙයා අමුඩෙ ගහනකොට මුහුදත් හිඳිලා...

:       0       3

සමන්ති Wednesday, 25 May 2022 10:41 PM

කොල්ලෙක් කෙල්ලෙක්ව දාගන්න ගිහින් ලතවෙවී ඉන්නකොට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලුවුණාම පලවෙනි කෙනා කෙල්ලට කිව්වාලු මට තාමත් පුළුවන් ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් අයින් වෙනවා නම් ඔයා එක්ක යාලු වෙන්න කියලා. අපායට යතත් ඉස්සෙල්ලා යන්න කියන්නේ ඕකට තමයි...

:       0       3

Expat Wednesday, 25 May 2022 11:02 PM

සජිත් මහත්මයා ඔබට අගමැති කමට මේ අවස්ථාවක් නොවෙයි. ඔබ තීරණ ගැනීම සහ අර්බුද කළමණාකරණය පිළිබද පාඨමාලාවක් හැදීරිය යුතුයි. ඒවිට ඔබේ පසුබසින ගතිය ඉවත් කරගැනීමට හැකිවේවි.

:       0       2

Prabha Wednesday, 25 May 2022 11:57 PM

බොරු කයිය විතරයි.

:       0       6

Gomman Thursday, 26 May 2022 12:20 AM

ආයෙත් ඔය චාන්ස් එක එන්නේ නම් නැහැ. අතට ආපු අගමැතිකම අත හරියෙනේ. දැන් කරන්න දෙයක් නැහැ. රට ගොඩගන්න උදව් කරන්න. තවත් වැටෙනකම් බලාගෙන ඉන්නේ නැතිව. එළුවාගේ මොකද්ද වැටෙනකන් හිටියා වගේ නැතිව. හොඳ උපදේශකයෙක් හොයාගන්න...!

:       0       4

sakvithi rajapaksha Thursday, 26 May 2022 05:40 AM

පිස්සෙක් ජනාධිපති වුනත්, අගමැති වුනත් එකයි. දැන් ඔය කතා ඉවරයි. ඒ නිසා පැදුර ‌කොට්ටෙ අකුලගෙන විපක්ෂ නායකකම තරුණ ජවයකට දීල ගෙදර ඉන්න.

:       0       10

Lalith M Thursday, 26 May 2022 06:59 AM

තම්‍්‍ බෑ. ඔප්පු කලා. මැච් එක දිනන්න ඈතින් වැටෙන උඩ පන්දුව තනි අතින් අල්ලගන්න පුලුවන් විය යුතුයි. අත් දෙකටම දුන්න අගමැතිකම බෑ කියල, දැන් විරිත්තල බෑ. පුලුවන් කෙනෙකුට නායකත්වය දීල නම්බුකාර විදිහට ඉවත්ව යන්න. චම්පික හර්ෂ වගේ අය තව ඕකේ ඇති.

:       0       5

චන්දන Thursday, 26 May 2022 07:13 AM

අනේ පව්. දැන් අගමැතිකම ඉල්ලගෙන වැඳවැඳ යනවා. මෙහෙමත් පුතෙක් ලෝක දේශපාලන ඉතිහාසයටම දැකලා නැහැ. දැන් නම් ෂුවර් විපක්ෂ නායකකමත් නැතිවෙලා යනවා...

:       0       11

විරාජ් Thursday, 26 May 2022 07:33 AM

හීන මානෙන් ඉන්නවා වගේ... !

:       0       9

මහි Thursday, 26 May 2022 07:41 AM

මනමාලි පෝරුවට නග්ගන්න හදද්දී දෑවැද්ද වැඩියෙන් ඉල්ලුවම මනමාලිගේ ඇවැස්ස මස්සිනා කණට දෙකක් දීලා එලවලා තමන් පෝරුවට නැග්ගා වගේ...!

:       0       12

pj Thursday, 26 May 2022 08:40 AM

පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන අගමැති වෙන්න ඔබට කිසිදිනෙක නොහැකි වනඅතර ඒ සඳහා සාධාරණ අයිතියක් ද නොමැති බව මතක් කරදෙනු කැමැත්තෙමි. තම පියාගේ කාලයේ පියාගේ බලය අනිසි ලෙස යොදා ගනිමින් නුවර එළියේ තුරඟ තරඟ පිටියට යාබද රජයට අයත් වටිනා ඉඩම් අත්පත් කරගනිමින් පෞද්ගලිකව ගෙනගිය කානේෂන් මල් සහිත අපනයන ව්‍යාපාරයෙන් කෝටිගණන් ඩොලර් ඉපැයූ ඔබ මල් අපනයනය කළේද එයාර් ලංකා ගුවන්යානා සේවය යොදා ගනිමිනි. අද සජබයේ තරුණ මන්ත්‍රීනට පෙන්නාගෙන සිටින බබා වෙස් මුහුණ ගැලවෙන දිනය වැඩි ඈතක නොවේ.

:       0       11

කිරිපුතා Thursday, 26 May 2022 09:33 AM

ගන්න කියපු වෙලේ මග අරින්න, එක එක කොන්දේසී දදා ඉඳලා දැන් පිස්සු වැටිලා ඉන්නෙ . එතන තියෙන්නේ මෝඩ බල තන්හාව මිසක රටට දැයට ඇති ආදරයක් නම් නෙවෙයි.

:       1       14

San80 Thursday, 26 May 2022 09:43 AM

නැතුවට කමක් නෑ.

:       0       9

Surain Thursday, 26 May 2022 12:02 PM

ඔබතුමා ඉන්නේ ජනතාවගේ පැත්තේ..! ඔබතුමා හරි රට විනාශ කළ අය සමග මොන ගනුදෙණුද?

:       17       2

ravin Thursday, 26 May 2022 12:15 PM

ඉස්සෙල්ලාම හාවාගෙයි, ඉබ්බාගෙයි කතන්දරේ කියවලාම පටන් ගන්නකෝ... ඔයාගේ අප්පච්චිත් ඔය කියන පිරිසිදු දේශපාලනය කළා.

:       0       11

fairoos Thursday, 26 May 2022 01:02 PM

ඉන්න 225 සහ නන්දසේන ජනාධිපතිත් අයින්වෙලා ඡන්දයක් තියලා අලුත් ආණ්ඩුවක් පත්කරමු. නැතිනම් රට තවත් බංකොලොත් වෙන එක කාටවත් නවත්වන්න බෑ.

:       7       3

BamunuarachchiThursday, 26 May 2022 08:03 PM

තියෙන මස්කඩ හොඳටම ඇති...!

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 122 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 614 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 54 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 218 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 206 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site