IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අගමැති කාර්යාලයෙන් ආදර්ශයක්

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ. රට මුහුණ දී සිටින ආර්ථික අහේනිය ගැන සලකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක මහතා මෙම පියවර ගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම වසරේ ජනවාරි මස රුපියල් මිලියන 92 ක් , පෙබරවාරි මස මිලියන 99 ක් , මාර්තු මස මිලියන 226 ක් , අප්‍රේල් මස මිලියන 75 ක්ද වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නඩත්තුව සඳහා වියදම් කර තිබේ.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අග්‍රාමාත්‍ය කාර්යාලය සිය වියදම් කපා හැර අනෙකුත් රජයේ කාර්යාලවලටද ආදර්ශයක් දිය යුතු බව අගමැතිවරයාගේද අදහස වී ඇති අතර අනෙකුත් රජයේ කාර්යාලද මෙම පියවර අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය කාර්යල ප්‍රකාශකයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙක් ආපසු මුල් ආයතනවලට යවා ඇති අතර වෙනත් රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16 ක් ආපසු බාර දී දුන් බවද කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කර වියදම් කපා හැරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ලේකම්වරයා කටයුතු කරගෙන යන බව ද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා කීය.

 



අදහස් (6)

අගමැති කාර්යාලයෙන් ආදර්ශයක්

kamal Tuesday, 17 May 2022 05:00 PM

පුතානෝට කනකොට හොඳයි.දැන් ඉතින් බර ඉංග්‍රීසි පැත්තකට දාලා තීරු කෝවිල් වත් ගිහින් බලන්න වෙනවා

:       0       0

රටවැසියා Tuesday, 17 May 2022 05:16 PM

පාර්ලිමේන්තු සැසිවාරය මසකට වරක් තියන්න... ඉන්ඳියන් සාගරයේ පාවෙන මුතු ඇටය .... ගිල්ලෙව්වේ ඔය දියවන්නාවේ පාවෙන 225 නේද..?? ඒ නිසා වියදම් 50% කින්ම කප්පාදු කරන්න...! රටම ගොඩ..!!

:       0       0

ඉතා හොදයි Tuesday, 17 May 2022 05:34 PM

මෙය හුගක් කලක සිට තිබූ අවශ්‍යතාවයක්. ඔබතුමාගෙ වැරදි කොතරම් අය කීවද මෙවැනි කාර්යයන් කිරීම ජනතාව අගය කරනු ඇත.

:       0       0

Nihal Tuesday, 17 May 2022 06:55 PM

කළින් නාස්තිය අවම කළා නම්..!

:       0       0

Nihal Tuesday, 17 May 2022 07:01 PM

කළින් දූරදර්ශීව වියදම් කළා නම් මේ තත්වය උදා වෙන්නේ නැහැ. අද දුප්පතා සාගින්නේ...

:       0       0

මුදියන්සේ.. Tuesday, 17 May 2022 09:00 PM

අග්‍රාමාත්‍යවරයාගේ හොඳ ආදර්ශයක්. මෙය අගය කළ යුතුයි. රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් බොහෝයි. පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයින්ට බෝනස් ගෙවන තත්වයකදී පසුගිය කාලයේදී සිදුවිය...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 246 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 776 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 402 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1327 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 610 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 690 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site