IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


21 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය,

 නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේ සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය විසිනි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

 මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ.  ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි .



අදහස් (22)

21 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ

Rata Perata Thursday, 26 May 2022 11:16 PM

රාජපක්ෂලාට වාසි ඒවට 2/3 ඇති... එයාලට බලතල අඩුවෙන ඒවට ජනමත විචාරණ... කවද්ද අපේ මිනිස්සු හැදෙන්නේ..?

:       0       3

BamunuarachchiSaturday, 28 May 2022 06:58 AM

අපිට ඔහෙට තේරෙන භාෂාවෙන් කියන්න වෙන්නේ තමන්ගේ බුද්ධියට ගෝචර නැති වුණාම නොදන්නා දේවල් කතානොකර ඉන්න කියලා...!

:       1       1

BamunuarachchiSaturday, 28 May 2022 07:01 AM

ඔහේ පෙලෙන්නේ රාජපක්ෂ භීතිකාව හෙවත් රාජපක්ෂ ෆෝබියා කියන බෙහෙත් නැති ලෙඩෙන්... රාජපක්ෂලා හීනෙන් දැකලා බයවෙලා නැගිටිනවා නේද?

:       1       1

Nimnaz Friday, 27 May 2022 12:24 AM

රටේ හොඳ දෙයකට ඔය ගුණදාස නැමැත්තා කවදාවත් හිටගෙන නැහැ.. මෙයාලාව රකින්නේ රාජපක්ෂ නඩයයි..

:       0       3

Wasala Friday, 27 May 2022 01:40 AM

ලංකාවේ පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරන කිසිම දෙයක් වලංගු නැත. හොරු ටිකක් ඔවුන්ගේ සුඛවිහරණය වෙනුවෙන් නීති වෙනස් කරනවා මිස රටට, ජනතාවට කිසිඳු සෙතක් නෑ...

:       0       2

20 හොදයි කියන එකද? Friday, 27 May 2022 03:35 AM

ආචාර්ය අමරසේකරට ඔය පෙත්සම 20 වැනි සංශෝධනයට යවන්න තිබ්බේ නැද්ද? මෙයත් රජ කෙනෙක්ට එන්න ඉඩ ඇරපු කෙනෙක් වගේ...

:       0       2

ලුම්බිණි Friday, 27 May 2022 05:04 AM

20ට ජනමත විචාරණ නැහැ.. 21ට ඕනෑ. මේකෙන් පෙනෙන්නේ 21 එන්නේ නැති පාටක් තමයි.

:       0       3

BamunuarachchiMonday, 30 May 2022 11:40 AM

ජේ. ආර්. උන්නැහේ ව්‍යවස්ථාව හැදුවේ බොහොම ඈතට හිතලා. හැඳිමිටේ නුවනින් ඒවා වෙනස් කොරන්න බැරි බව තේරුම් ගන්න ඕනේ.

:       0       0

මාස්ටර් මහත්තයා Friday, 27 May 2022 06:14 AM

මේ පෙත්සම් කරුවාට ජනතා මතයක් නැහැ... රට ගැන නොසිතන තමන්ගේ පක්ෂය රැකීමේ යෙදෙන අයෙක් කියලා පැහැදිලියි. ජනාධිපති බලතල අඩුකිරීම අනිවාර්යයෙන් කළ යුතුමයි. ගරු සිරිමාවෝ මැතිණිය ලෝකයේ පළමු අගමැති වුණේ ජනතා ඡන්දය ලබා පාර්ලිමේන්තුවට පැමිණ නොවෙයි., එතුමිය රටට කොතරම් සේවයක් කළ උත්තමාවියක්ද? මේ පෙත්සම් කරු කියන ලෙසට ජාතික ලැයිස්තු හරහා උගත් බුද්ධිමත් අයෙක් පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීලා වැඩිදෙනෙකුගේ කැමැත්තෙන් අගමැති වුණොත් ඔහුට ජනාධිපති තනතුර නොදීම හරිද? බලන් කඩතුරා හැර දෑසේ....!!!

:       2       4

උමෙශ් Friday, 27 May 2022 07:26 AM

එය කිරීම ඉතාම හොඳ දෙයක්.. එහි කරුණු ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව විද්වත් මහජන කමිටුවක් හරහා අවශ්‍ය සංශෝධන සිදුකොට මහජන මතය විමසිම කළයුතුයි.

:       0       5

.එන් එම් ගුනසේකර, Friday, 27 May 2022 08:27 AM

19, 20 සංශෝධන සිදුකිරිමේදී ජනමතයක් අවශ්‍ය නොවීමට හා 21 සංශෝධනය සඳහා ජනමත විමසීමේ අවශ්‍යතාව පැනනැගීම අපැහැදිලියි...

:       4       23

J M D Jayawardane Friday, 27 May 2022 08:28 AM

රට විනාශයට යන්නට නොදී නියමාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. ආර්ථික පද්ධතියම සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. කාලයත් අපතේ. සාමය සහ ස්ථාවරත්වයට මුල්තැනක් දිය යුතුයි.

:       0       6

janahitha Friday, 27 May 2022 08:50 AM

21 එපා.. දූෂිත 225 ත් එපා..

:       3       8

අයි ගාමිණී ඉහලගේ Friday, 27 May 2022 12:04 PM

වහාම ජනමත විචාරණය තියන්න..

:       1       4

Prabha Friday, 27 May 2022 12:05 PM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනේ කිව්වලු.

:       0       3

Igamini ihalage Friday, 27 May 2022 12:17 PM

රනිල්ම-හින්ද-ගෝටා- බ්‍රැසිල්මල්ලී- මෛත්‍රී ජුන්ටා එලවීම සදහාත් පොලිස් ත්‍රිවිධ බලහමුදාවේ ජුන්ටාවත් වෙනස්කිරීමට මේසියලු රෙජීමයම වෙනස්කර ගතයුතුි වහාම. සර්වසාදාරනව ජනමතවිචාරණය ඉක්මනට තියපල්ලා අනේ පින්සිදුවෙයි. කැමතියි කැමතියි කැමතියි අනේකැමතියි.

:       3       4

ගාමිණී ඉහලගේ Friday, 27 May 2022 12:27 PM

රනිල්, මහින්ද, ගෝඨාභය, බැසිල්, මෛත්‍රීපාල පොලිස් ත්‍රිවිධ හමුදාවේ රෙජීමයම සුන්නත් දූවිලි කිරීම සඳහා 19 වෙනි ව්‍යවස්ථාව වහාම ආපසු ගේන්න මොවුන්ව අධිකරණයේ දණගැස්සිය යුතුයි.. නැත්නම් මේ රට කවදාවත් හදන්න බෑ. 20, 21 දෙකටම අකමැතියි. මම ඒ නිසා වහාම 19 ඕනෑමයි, හොඳ මිනිස්සුන්ට සුබසරණයි, නරක මිනිස්සුන්ට අබසරණයි..!

:       2       2

sam Friday, 27 May 2022 12:51 PM

ජනමත විචාරණයක් තියලද පිස්සෙකුට 20 සෙන් ඔක්කොම බලතල දුන්නෙ. ඔය 225 හේ ඉන්න ඉතාමත්ම සුලු පිරිසක් හැරෙන්ඩ අනික් එවුන් ඔක්කොම කාලකන්නි එපා.

:       4       7

Ayyo Sirisena Friday, 27 May 2022 03:11 PM

19, 20 දෙකම අත් උස්සලා සම්මත කළේ ජනතාවගෙන් අහලා නෙවෙයිනේ.. මෙතන කල් මරන්නයි හදන්නේ. ගෝඨාභයගේ කාලේ ඉවර වෙනකන්. අනික ජනමත විචාරණ තිබ්බට වැඩක් තියෙනවද? රටේ බහුතර ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන කිසිම අවබෝධයක් නැහැ.

:       1       3

පරාකම රන්දෙනිය Friday, 27 May 2022 03:32 PM

මේ අවස්ථාවේ මිනිස්සු බලාපොරෙත්තු වන්නේ ඉන්ධන, ගෑස් හා පොහොර... මේ ව්‍යවස්ථා දෙවනුව තිබිය යුතූයි. මෙය සාදන විට පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පඩිනඩි පහසුකම් හා රටේ වත්කම් සම්බන්ධයෙන් පිටරට සමග කටයුතු කිරිමට වෙනම මහජනතාව නියෝජනය කරන ස්වාධීන මණ්ඩලයකට දියයුතුයි.

:       0       4

de silva Friday, 27 May 2022 04:09 PM

ජනමත විචාරණ අවශ්‍ය නෑ කරුණාකර පාර්ලිමේන්තු චන්දයක් තියන්න. මේ ප්‍රශ්න ඔක්කොම විසදේවි ජනතාව කැමති ‌කෙනෙක් පත්කරාවි.

:       1       2

sampath Saturday, 28 May 2022 05:50 PM

ජනමත විචාරණ හෝ ඡන්ද පැවැත්වීමට තරම් හැකියාවක් මේ වෙලාවේ නැහැ. ඒවා ප්‍රායෝගික නෑ. කෙසේ හෝ ඉන්න අයටම බලකරලා මේ අසීරු තත්වයෙන් ගොඩ එන්න මේ හැමෝම දායකත්වයක් දිය යුතුයි. අනෙක ඡන්දයක් තිබ්බාම ඔය කියන විදිහේ පැහැදිලි බහුතරයක් කාටවත් එන්නේ නෑ. සභාග සහ සංධාන විතරයි. ඒ නිසා මේ නරාවලෙන්, බුද්ධියෙන් ගොඩඑන්න ඕනේ.. හැඟීම්වලින් ඔය දේ වෙන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 993 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 973 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1153 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 449 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4877 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1303 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site