IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


17 දරුවා මෝටර් රථය තුළ මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවකු මෝටර් රථයෙන් එළියට ගෙන  රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ මදම්පෙරුම ආරච්චිගේ සඳුන් නින්සර සිසුවෙකි.

මියගිය සිසුවාගේ මව අනෙක් නිවුන් දරුවා සමග ජයවර්ධනපුර රෝහලට  ගොස් ඇති අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය වූ දින නිවසේ සිට ඇත්තේ මියගිය දරුවා පමණක් බවත් පොලිසිය කියයි. දහවල් යාබද නිවසක පදිංචි පාසලේ මිතුරකු නිවසට පැමිණ ඇති අත පසුව එස මෙම සිසුවා  කෙටි සටහන් ටික ඇති බව පවසා මම දවල්ට එන්නම් පාඩම් කරන්න ගොස් ඇත.

පසුව එම යාළුවා දවල් 2.45ක් පමණ නිවසට පැමිණීමේ දී නිවසේ ඉදිරිපස ගේට්ටුව වසා තිබී ඇති අතර නිවසේ දොර විවෘත කර තිබූ හෙයින් නිවස තුලට ගොස් කාමරය තුල සොයා බැලීමේදී රූපවාහිනිය ක්‍රියාත්මක හා විදුලි පංකාව ද ක්‍රියාත්මකව තිබී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි

නිවෙසේ සෑමතැනමක ඔහු සොයා බැලුවද නොසිටීම හේතුවෙන් අවට පදිංචිකරුවන්ට ද පවසා සිසුවා සොයා ඇති අතර පසුව පියාට ද දුරකථන ඇමතුමක් ලබාදී පැවසීමෙන් අනතුරුව පියාද නිවසට පැමිණ දරුවා සොයමින් සිටියදී මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ දොරට හේත්තු වී ඒ තුළ සිහි විසඥව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි

සිසුවා ගේ පාද දෙක රියැදුරු අසුන මත තිබී ඇතැයි පොලිසිය කියයි

ඒ වන විට මෝටර් රථයේ සියලුම දොරවල් ස්වයංක්‍රීයව වැසි තිබී ඇතැයි පොලිසිය කියයි

වහා ක්‍රියාත්මක වූ පියා යකඩ ඉන්නක් ගෙන වීදුරු කැඩීම උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වීම හේතුවෙන් මෝටර් රථයේ යතුර මතක් වී දොර විවෘත කර ඇතැයි පොලිසිය කියයි

එම අවස්ථාවේදී සිසුවා ගේ මුවින් සෙම වැගිරී ඇති අතර අදික ලෙස දහඩිය ශරීරය පුරා තිබී ඇති අතර සිරුර අධික රස්නයෙන් යුතු ව තිබී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි

පසුව සිසුවා වහාම පිලියන්දල දිසා රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබාදී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ 1 සවස මියගොස් තිබූ බව පොලිසිය කියයි



අදහස් (6)

17 දරුවා මෝටර් රථය තුළ මරුට

Muthu Friday, 02 December 2022 01:47 PM

මොන විදියට ස්වයංක්‍රීයව දොරවල් ලොක් වුණත් ඇතුලෙන් ඇරියාම දොර ඇරෙනවා... හැබැයි පිටිපස්සේ දොරවල් ඇතුලෙන් අරින්න බැරි විදියට ලොක්කරලා තිබුණොත් බෑ. ඒ වුණත් ඩ්‍රයිවර් සීට් එක පැත්තෙන් අරින්න පුළුවන්.... මේ ළමයා 11වැනි පන්තියේ නම් මේවා දැන නොගෙන ඉන්නේ කොහොමද? අසනීපයක් හරි වෙන සීන් එකක් වෙන්න ඕනේ...

:       0       60

සුරංග Friday, 02 December 2022 01:58 PM

මෙම කතාව පිළිගන්න අමාරුයි... වාහනයේ දොර ඇරගෙන ඇතුළට ගියානම් එළියට එන්න බැරිවුනේ ඇයි? අපි වාහනය ගනෙනවිට අපේ පුතාටත් 17යි. නමුත් වාහනය ගෙනා දිනට පසුදා මම නිවසේ නොමැති වෙලාවේ වාහනය පදවා තිබුනේ කිසිම පුහුණුවක් නැතුව... එහෙම කරලා තිබුණේ පාසල් යද්දී පාසල් වෑන් එක පදවන ආකාරය දැක පුරුදු හින්දා... එහෙනම් ගෙදර වාහනයක් තිබුණා. මේ දරුවාට මොකද වුනේ..?

:       7       23

Sirisena Friday, 02 December 2022 02:07 PM

අනිවාර්යයෙන්ම 17 ළමයෙකුට ඕකෙන් එළියට එන්න බැරි වුණා කියන එක පිළිගන්න අමාරුයි. ඇතුළට ගියානම් ලොක් කරගන්න ඇත්තේ... මේ ළමයමනේ.

:       0       23

de silva Friday, 02 December 2022 02:07 PM

මමත් ඉහත දක්වා ඇති අදහස අනුමත කරනවා. සමහරවිට ළමයාට මීමැස්මොර වැනි රෝගී තත්වයක් හෝ සිහි නැතිවීමක් වුණා වෙන්න පුළුවන්...

:       0       33

කිරි පුතා Friday, 02 December 2022 05:03 PM

මේක වෙනත් සිදුවීමක්. වයස 17 ක පිරිමි ළමයෙක් මේ විදිහට මැරෙන්න බෑ. එයාට වෙන ලෙඩක් තිබුණාද දන්නේ නෑ...?

:       0       12

sampath Monday, 05 December 2022 12:12 AM

වාහනයේ යතුර එළියේ තිබුණා නම් එයා ඇතුළට ගියේ කොහොමද? මට නම් හිතෙන්නේ ඔය ළමයා වීදුරුව කඩන් එනවා අනිවාර්යයෙන්ම.. එහෙම නැතිනම් වාහනේ AC දාගෙන ඉන්න ඇති.. සයිලන්සර් දුම ඇතුළට ඇවිත් කාබන් මොනොක්සයිඩ් වැදුණොත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. වාහන ඇතුළේ AC දාගෙන ඉන්න එකේදී ඔක්සිජන් සම්බන්ධවත් සයිලන්සර් දුම කාන්දු වීමක් සම්බන්ධවත් සැලකිලිමත් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 11 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 664 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 248 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 307 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 280 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 28 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site