(රේඛා තරංගනී ෆොන්සේකා)
සති දෙකක් පුරා අතුරුදන්ව සිටි බව කියන වයස අවුරුදු 15 වයසැති බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය සිදු කිරිම සහ එයට ආධාර අනුබ දුන් බව කිය පියපුතු දෙදෙනකු මොරටුව කොරලවැල්ලේ දී අද අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.
බාල වයස්කාර දැරිය ආගිය අතක් නැති බව මිත්තනිය ගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකාර පියපුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අතුරුදහන් වූ බව කියන තරුණියගේ නිවස අසල මාර්ගයේ නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ යමින් සිදුකළ විමර්ශනයේදී වයස අවුරුදු 25 සැකකාර තරුණයා සමග දැරිය පිටව යන ආකාරය විමර්ශනය වූ බව පොලිසිය කියයි.
මේ පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයේදී තරුණයා හා දැරිය ෆේස්බුක් සමාජ ජාලයේ දී හඳුනාගන ඇති බව පොලිසිය පවසයි.
ඒ ඔස්සේ ගොඩනැගුණු මිතුරුකම පසුව ආදර සම්බන්ධතාවක් බවට පත්ව ඇතිබව පොලිසිය කියයි.
ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියගේ මව විදේශගතව සිටින අතර පියා හෙරොයින් පානයට ඇබ්බැහි වී සිය පවුල අතහැර ගොස් සිටින බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් පියාගේ වයස අවුරුදු හතළිස් දෙකක් බව පොලිසිය කියයි.
අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරියක දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර සැකකාර පිය,පුතු දෙදෙනා මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
15 දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු
Nishan herath Saturday, 24 July 2021 11:38 PM
තාත්තාට වයස 17 දී මේ පුතා ඉපදිලා තියෙන්නේ...? මාර කතා මේවා... පව් අහිංසක ගෑණු ළමයා.. නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි...
ගිජුලිහිණි සංදේශය Sunday, 25 July 2021 07:13 AM
පිරුවට දමා සිඹ දැරිවිය ගෙට ගත්ත නිවසට සිරිකතය ඇය හෙට දිනු සුරත මවකට දියණියට හිමි විය යුතු අරුත රටකට අහිමි වූ වින්නැහියක මහත...