IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


'මාධ්‍යවේදීන් පොලිසියට කැඳවා ප්‍රශ්න නොකළ යුතුයි'

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලියන  දේවල් ගැන  මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න  කිරීම නොකළ යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(25)  පැවැසීය.

ප්‍රශ්නයක් තිබේ නම් මාධ්‍යවේදීන් ළඟට ගොස් විමසීමක්  කිරීම සුදුසු බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය මාත්‍යාංශය සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය යන ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

තමන්ට ලැබෙන තොරතුරක් හෙළි නොකිරීමට මාධ්‍යවේදීන්ට  වගකීමක් ඇති බවත්  මාධ්‍යකරුවාට ඇති ඒ අයිතිය පිළිගත යුතු බවත්  යාපා මහතා කීවේය.

ජනමාධ්‍යකරුවා විවේචනය කරනවාට වඩා  ඔහු ඉදිරිපත් කර ඇති කරුණුවලට සාධාරණ ලෙස පිළිතුරු දීමේ හැකියාව වර්ධනය කළ ගත යුතු බව පැවසූ මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය නවත්වාලිය යුතු දෙයක් නොවන බවද ප්‍රකාශ කළේය. 



අදහස් (6)

'මාධ්‍යවේදීන් පොලිසියට කැඳවා ප්‍රශ්න නොකළ යුතුයි'

sharm warn Thursday, 25 November 2021 04:31 PM

පියතුමෙක්ව ගෙන්වලා පැය ගණන් ප්‍රශ්න කරාට කමක් නැද්ද එතකොට.?

:       0       0

Bamunuarachchi Thursday, 25 November 2021 07:25 PM

කොයි රටේ ද එහෙම වෙන්නේ?

:       0       0

BamunuarachchiSaturday, 27 November 2021 02:02 PM

මාධ්‍යවේදීන් කියන්නේ සුපර්මෑන්ලා කොටසක්ද?

:       0       0

Royfedricks Friday, 26 November 2021 03:25 AM

කිසිදු තර්කයක් නැහැ. එසේ නොකළ යුතුයි. ඔවුන්ගේ අදහස් සමග එක්ග විය නොහැකිනම් ඒවාට පිලිතුරු දියහැකියි.ඔය අදහස් දක්වන්නේ පිවිතුරු චේතනාවකින්නම් විය නොහැකියි. අප්‍රසන්න ආණ්ඩුවක කොටස් කරුවෙක් ජනතා ප්‍රසාදය ලබා ගැනීමට දරන උත්සාහයක් පමණයි. ලසන්තගේ මරණය ගැන අදවනතුරු වචනයක්වත් ප්‍රකශ නොකලේ මන්ද?

:       0       0

Bunny Preena Friday, 26 November 2021 08:54 AM

මේ රටේ නීතිය කාටත් පොදුයි.

:       0       0

de silva Friday, 26 November 2021 09:26 AM

වෙනදා මොලේ පැදෙන්නේ බලේ නැති උනාම. දැන් බලේ තිබෙනකොට මොළෙත් පෑදිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 234 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 303 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 84 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1019 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 270 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 317 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site