IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


’’මෛත්‍රීපාල පක්ෂයෙන් පැන්නිය යුතුයි’’

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වන හෙයින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිවිටකත් එකතු නොවන්නැයි තමා වසර දෙකක් තිස්සේ  කළ ඉල්ලීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇහුම්කන් නොදුන් බවත් එම ඉල්ලීම   නිසා  තමා පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවත් කුමාරතුංග මහත්මිය කීවාය.

තමා අවුරුදු දෙකක් තිස්සේ පැවසූ දේ දැන් මෛත්‍රීපාල සිරිසේන කියාගෙන යන්නේ යැයිද හිටපු ජනාධිපතිවරිය පැවසුවාය.

යුද්ධයක් පැවති කාලයක පවා  රටේ ආර්ථිකය තමා නිවැරදිව  සකස් කළ බව පැවසූ කුමාරතුංග මහත්මිය අද රට යන දිහා බැලුවම අඬන්නද හිනාවෙන්නද කියා  සිතාගත නොහැකි බවද සඳහන් කළාය.



අදහස් (33)

’’මෛත්‍රීපාල පක්ෂයෙන් පැන්නිය යුතුයි’’

සෑම් Thursday, 20 January 2022 10:40 AM

අපි ඔබගේ දේශපාලනය මුළුමනින් අනුමත නොකලත් සිරිසේනය පක්ෂයෙන් විතරක් නෙමෙයි රටිනුත් පන්නා දැමිය යුතු බව එකහෙළා අනුමත කරනවා

:       3       157

gunarathnaFriday, 21 January 2022 05:38 AM

ඔබතුමියව තමයි මුලින්ම මේ රටෙන් යවන්න ඕනේ.. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2ම විනාශ වුණා. මෛත්‍රීපාල සිරිසේන, මහින්දගෙන් ගැලවිලා රනිල් ළඟට ගෙනිච්චේ කවුද? ඒකෙන් වුණේ ශ්‍රී ලංකා එකත් විනාශ වුණා. එජාපය සහමුලින්ම විනාශ කළා. රනිල්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න පාර කැපුවේ ඔබම තමයි. දැන් වෙල්ගමට ලණු ගිල්ලවන්න හදනවා. ගිල්ලොත් එයත් ඉවරයි.

:       3       6

de silva Thursday, 20 January 2022 10:57 AM

දෙන්නම එක වල්ලේ පොල්

:       22       135

Senarath Thursday, 20 January 2022 12:09 PM

විනාශ වෙන්න පටන් ගත්තේ 2015 දී ගත්තු තීරණය නිසා .ඒ වගේම 1994 සිට 2004 දක්වා රටේ සිදු උණු විශේෂ සංවර්ධනයකුත් නැහැ

:       91       181

saliThursday, 20 January 2022 08:02 PM

එතුමියගේ කාලයේ නෙවෙයි, පස්සේ තමයි කට්ටියම සංවර්ධනය වුණේ... ඕක 2015දී නැවැත්තුවා අපරාදේ... නැතිනම් සහමුලින්ම කොළනියක් දැන්...

:       73       26

RamaSaturday, 22 January 2022 01:28 PM

එතුමියගේ කාලයේ සංවර්ධනය වුණේ එතුමිය සහ මිතුරන් පමණයි. එතුමිය එංගලන්තයේ මාලිගාවක කොටසක් ගන්න තරම් සංවර්ධනය වුණා. එතකොට වසන්ත රාජා, තාරා ද මෙල්, හඟුරන්කෙත මාලිගාව. ඔය දේ ගැන පරණ සන්ඩේ ලීඩර් පුවත්පතක් අරන් බැලුවා නම් හරි...!

:       0       3

පිටිගල මිලානෝ Thursday, 20 January 2022 12:39 PM

අස් කරන්න ඔනේ එයාගේ කාලේ ලන්කාවේ ආර්ථිකයම හොරාකාපු පවුලම හිරේ යවන්න තිබුන අවස්ථාව නැති කරපු එකට.

:       162       178

wimal Thursday, 20 January 2022 12:42 PM

තොපි සේරම එකයි. තොපි සේරම කරපු දේවල් වල ප්‍රතිපල තමයි මේ රටේ අහිංසක මිනිස්සු අද භුක්ති විඳින්නේ .

:       17       233

Bamunuarachchi Thursday, 20 January 2022 12:46 PM

කවද මේ කියන්නේ? චෞරය රැජින රටට වැඩක් නොකළ ඔක්කොම අවුන් පන්නෛය යුතුයි. පල මුව ජෙප්පො. ජෙප්පෝ රටට වැඩක් කරන්න දෙන්නේ නැත.

:       156       320

චින්තක Thursday, 20 January 2022 01:23 PM

අතීතයේ සිටි ජෙප්පො පොතට අනුව රටේ බලය අල්ලගෙන පාලනය කරන්න ගොස් ලක්ෂ ගණනක් ජීවිත රටට අහිමි කිරීමට දායකත්වය දුන්නාට වත්මන් නායකයින් එහෙම නොකරාවි කියලා පැහැදිලියි.. ඒ නිසා 2024 හෝ 2025 දී දේවගති පෙන්වමින් ජෙප්පන් මෝඩයින්ට (බමුණන්ට) සමාව දේවි කියලා හිතෙනවා..

:       215       43

BamunuarachchiThursday, 20 January 2022 06:02 PM

ඕකට තමයි කියන්නේ කන්න හිතුණාම කබරගොයා තලගොයා කර ගන්නවා කියලා. මේ ගොල්ලන් ඉස්සර කොමියුනිස්ට් දැන් කොමියුනිස්ට් නොවෙයිද? කොමියුනිස්ට් පාලනය ක්‍රම ගැන ඔය ජෙප්පන්ට අවබෝධයක් තිබෙනවාද ජෙප්පෝ...?

:       16       97

BamunuarachchiThursday, 20 January 2022 06:29 PM

ඔහේ අලුතින් පත්වීමක් ඉල්ලනකොට දෙන CV නැතිනම් රෙසියුම් එකට දෙන්නේ කරපු වැඩටිකද? කරන්න යන වැඩටිකද? ඉන්ටර්වීව් එකේදී අහන්නේ.., මොනවද ඒ කාලේ කලේ කියලා මිසක් කරන්න යන දේවල් නොවෙයි. ජෙප්පන්ටත් ඒ ටික අයිතියි. ජෙප්පන් අපි අහන ප්‍රශ්න මගහරිනවා. මොකද ජෙප්පන්ට පත්වීම දෙනකොට ඔවුන් කරපු වැඩ ගැන හොයන්න එපා කියන්නේ? මොකද ඒ කාලේ ඔහෙත් ත්‍රස්තවැඩට සම්බන්ධ වුණාද?

:       12       79

සමරේ Thursday, 20 January 2022 12:55 PM

තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? 1983 වනවිට තමාට බලය නොලැබී තමන්ගේ සහෝදරයා වන අනුරට එරෙහිව පක්ෂය කඩාගෙන ගිහින් ශ්‍රී ලංකා මහජන පක්ෂය හැදුවා. 1988 විජය මැරුණාට පස්සේ එංගලන්තයට ගිහින් එහේ පුරවැසිකම අරන් 1993 විතර වනතුරු ලංකාව පළාතේ ආවේ නෑ. ඒ අතරේ කඩා වැටී තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාදයාත්‍රා වැනිදේ මගින් ගොඩගත්තේ මහින්ද රාජපක්ෂ මූලික වෙලා. මෙයා 1993 ප්‍රේමදාස මියගියාට පස්සේ ලංකාවට ඇවිත් රාජිත සේනාරත්න එක්ක එකතු වෙලා මහජන පක්ෂයත් කඩලා (ඔසී අබෙගුණසේකර තමයි චන්ද්‍රිකා නැති නිසා මහජන පක්ෂය ගෙනිච්චේ) බහුජන නිදහස් පක්ෂය කියලා එකක් හැදුවා. ඊට පස්සේ ඒකේ සාමාජිකයන් ටිකත් අතරමං කරලා ආපහු අම්මා ළඟට කිට්ටුවෙලා මල්ලිවත් පක්ෂයෙන් එළවලා මහින්දලා අමාරුවෙන් ගොඩගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලුවා. ඔන්න ඔහොම තමයි චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. මේවා කටකතා නොවෙයි. 1990 ගණන් හොඳට මතක තිබෙන මම වගේ අය කියවපු පුවත්... මහින්ද රාජපක්ෂ හොඳ වුණත්, නැතත් සත්‍යය ඒකයි...

:       9       138

Pradeep KumaraThursday, 20 January 2022 09:49 PM

කතාවට 100%ක්ම එකඟයි. වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය කෙසේවෙතත් ඔය කියන අවධියේ පක්ෂය රැකගන්න පාද යාත්‍රා පවත්වමින් ජනතාව අවදි කරමින් කටයුතු කලේ ඔහුයි. කොටින්ම චන්ද්‍රිකා නෝනාට වේදිකාව සැකසුවේ මහින්දයි. නමුත් ඔහුගේ වත්මන් ක්‍රියා කලාපයට නම් මම විරුද්ධයි.

:       0       5

fairoos Thursday, 20 January 2022 01:15 PM

පඹයෙක් වගේ... ගිය තැන විනාශයි.

:       59       27

BamunuarachchiFriday, 21 January 2022 07:12 AM

ඉස්සා උගේ ඔලුවේ අසුචි තියාගෙන මම සුදනා කියනවලු... ඒ වගේ තමයි මේ කතාව... හම්බයෝත් ගිය තැන ගියරට විනාශයි.

:       1       4

fairoosSunday, 23 January 2022 05:37 PM

නුඹවගේ වහල්ලු ඉන්නකන් රටට අබසරණයි බමුණා...

:       1       1

BamunuarachchiMonday, 24 January 2022 09:58 AM

ඒකයි අපි හම්බයින්ගෙන් රට මුදවා ගන්න හිතන්නේ..

:       1       1

Chris Thursday, 20 January 2022 01:16 PM

සියලුම දූෂිත දේශපාලුවන් රටින් නෙරපා දැමිය යුතුයි. ශ්‍රී ලංකාව යනු පුද්ගලික බූදලයක් නොවේ..

:       0       81

SuddaThursday, 20 January 2022 05:05 PM

උඩ ඉඳන් පල්ලෙහාම ඉන්න ප්‍රාදේශීය දේශපාලන කරන අය සහ ඔවුන්ගේ අතකොලු එළෙව්වොත් රටේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අඩු කරගන්න පුළුවන් වෙයි. මොකද, ජාතියක් ආගමක් නැතුව ඔයින් 90%ක් වත් හොරු....

:       0       64

Surain Thursday, 20 January 2022 01:22 PM

පන්නා දැමිය යුත්තේ, රට විනාශයට පත්කළ සීනි, පොල්තෙල්, පොහොරවලින් ගසාකෑව පවතින රජයයි.

:       87       41

ravin Thursday, 20 January 2022 01:29 PM

ඇයි පක්ෂයෙන් විතරක්..? පිළිලයක් නොවේද? සියලු දේ රාජසන්තක කොට ජීවිතාන්තයව දක්වා හිරගේ දාන්න ඕනෙ කෙනෙක්...

:       9       28

sujeewa Thursday, 20 January 2022 01:34 PM

1. පළමුව කිව යුත්තේ එකල යුද්ධයක් නොතිබුණු බවයි. එවකට තිබුණේ මායිම් රැක ගැනීමක් පමණක් වන අතර, නාමිකව විනා ත්‍රස්තවාදය අවසන් කිරීමේ සැබෑ අරමුණු සහිත මෙහෙයුමක් නොතිබුණි. එබැවින් සැබැවින්ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනක් පැවති කාල සීමාවට සාපේක්ෂව ආර්ථිකයට බලපාන මහා පරිමාණ හමුදා මෙහෙයුම් නොතිබූ අතර පැවතියේ ජනතාව හා දේපල විශාල වශයෙන් විනාශ වූ ත්‍රස්තවාදී ප්‍රහාර පමණකි. විශාල ප්‍රමාණයේ විනාශකාරී ත්‍රස්තවාදී ප්‍රහාර ගණනාවක් රටේ මර්මස්ථානවලට එල්ල වී විශාල හානි සිදුවිය. 2. එකල මෙරට ස්වාධීනත්වයට එරෙහි බෙදුම්වාදී මතවලට බොහෝ පිළිගැනීම් හා ධනාත්මක ප්‍රතිචාර රාජ්‍ය අනුග්‍රහයෙන් පවා ලැබීම්වල වර්ධනයක් දක්නට ලැබීමය 3. එම පක්ෂය ඇය විසින් ගොඩ නැගුවා යැයි මෙහි සඳහන්ව තිබීම කොතරම් වැරැදි අදහසක්ද යන්නයි. 4. සැබැවින්ම ත්‍රස්තවාදය පරාද කිරීමේ මෙහෙයුම් පැවති 2005-2009 කාලයේදීද ආර්ථිකය ඉතා යහපත්ව පැවතීම අමතක කර දැමීම සහ අප දැන් ගතකරන්නේ ලෝකයම අඩපණ කළ ව්‍යසනයක් හමුවේ සමස්ථ ලෝක ආර්ථිකයම කඩා වැටී ඇති කාලයක් බව අමතක කර දැමීමයි... ඉහත කාරණා එකල ජීවත් වූ මාගේ අදහස් ගොන්නකින් ස්වල්පයක් පමණි...

:       10       182

Rohana Thursday, 20 January 2022 01:50 PM

සිරාගෙ කට විතරයි. නීතියක් රීතියක් දන්නැති තමන්ගේ වාසියට වැඩකරපු කෙනෙක්. ඒ වගෙම වත්මත් පාලනය අන්ත දූෂිත හිතුවක්කාර නිවැරදි තීන්දු තීරන ගන්න බැරි රට විනාශය කරා ඇදගෙන යන ආණ්ඩුවක්....

:       29       34

de silva Thursday, 20 January 2022 01:54 PM

පරණ වයසක දේශපාලකයින් සියල්ල පන්නලා දමන්න ඕනේ...

:       57       31

ganegoda Thursday, 20 January 2022 02:40 PM

සිරිසේනට පුළුවන්නේ ඥාණසාර හාමුදුරුවන්ගේ පන්සලේ ඇබිත්තයා වෙන්න.

:       62       31

Kumara Thursday, 20 January 2022 03:11 PM

රටේ සල්ලි හොරාකාපු අයව ගෝල්ෆේස් එකට ගෙනැල්ලා අල්ලවා කිව්වා. එදා ඒක කළා නම් මේ රට මෙතරම් හිඟන රටක් වෙන්නේ නැහැ.

:       51       31

chandima Thursday, 20 January 2022 08:39 PM

අපිනම් හිතාගෙන ඉන්නේ එදා මෙදා තුර රට කාපු හැතිකරේ සේරම පන්නන්න. ඒත් හොරකම් කරපු සල්ලි රටට ගෙනාවට පස්සේ, ඒ කියන්නේ එංගලන්තයේ බංගලාගත්තු සල්ලිත් ඇතුළුව...

:       2       78

Willow Drive Friday, 21 January 2022 06:01 AM

බණ්ඩාරනායක නැති ශ්‍රීලනිපය පරිප්පු නැති හෝටලයක්... මැතිණියනි, වහාම පක්‍ෂය බාරගෙන රට බේරගන්න.

:       5       1

madushanka Friday, 21 January 2022 09:03 AM

දැන් ඔයා හොඳයි කියලද කියන්න ඕනෑ...? අපිට නම් ඔය හැමෝම එකයි. ඉන්න කාලේ මොකුත් නොකර පස්සේ කියවනවා. කාටවත්ම ඡන්දෙ නොදී ඉන්න ඕනෑ...

:       1       2

o Friday, 21 January 2022 09:19 AM

රට ගොඩ ගැනීමට න්‍යෂ්ඨික බලාගාරයක් හැදිය යුත්තේ දූපතක.. රටට අවශ්‍ය බලශක්තිය සැපයීමට. එකිනෙකාට බැනගෙන රට ගොඩනැගිය නොහැක...

:       2       0

Sudda Friday, 21 January 2022 05:01 PM

මේ ගොඩාක් කමෙන්ට් සහ ඒවාට තිබෙන කැමැත්ත සහ අකමැත්ත බැලුවාම තේරෙනවා චන්ද්‍රිකා නෝනා ගැන මිනිසුන්ගේ තිබෙන අප්‍රසාදය... ඒ නිසා මේක යොමු කරන්න පුළුවන් නම් හොඳයි. 2019 දී ගෝඨාභය ගැන ලාංකිකයින්ගේ තිබුණු ප්‍රසාදය වගේ කැමැත්තක් තමයි 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ගැනත් තිබුණේ. නමුත් එයත් සෑහෙන්න හෝදාපාලු කරගත්තා මෙහෙම වසංගත කාලයක් නොවීත්. ඒ ගැන වික්ටර් අයිවන් ඔහුගේ චෞර රැජින පොතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ වගේම 1990 ගණන්වල සන්ඩේ ලීඩර් පුවත්පතේ පුදුම විදිහට චන්ද්‍රිකා සහ සගයින්ගේ කෙරුම් එළිකළා. චන්ද්‍රිකා දැන් හිතනවා ඇති මේවා මිනිසුන්ට අමතක වෙලා කියලා. නමුත් එහෙම නෑ.

:       0       4

Oshini priyankara Monday, 24 January 2022 01:15 PM

එහෙමද ආස?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 135 0

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 463 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 149 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 261 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1440 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 277 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1658 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site