IMG-LOGO

‘ළඟදීම ජනතාවට සහන මල්ලක්‘

(සුජිත් හේවාජුලිගේ )

පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති  ජන හමුවකදීය.රටේ දුෂ්කර කාලයක් පැවතියද ජනතාවගේ සහන අඩු කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද  අගමැතිවරයා  සඳහන් කළේය.

ඕනෑම අයකුට විවේචනය කළ හැකි බව පැවසූ රාජපක්ෂ මහතා ඒ විවේචන අයට වගකීම් බාර දුන් විට  ඒවා කිරීමට අපොහොසත් වන බවද    සඳහන් කළේය. ඉතිහාසය පුරා මෙවැනි සිද්ධීන් දැකගත හැකි වූ බව  ඔහු වැඩිදුරටත් කීය.



අදහස් (32)

‘ළඟදීම ජනතාවට සහන මල්ලක්‘

කිරි පුතා Sunday, 27 March 2022 01:15 PM

සහන මලු සංස්කෘතිය අතහැරලා අතපය හතර හොඳට ඇති පුරවැසියන්ට හැකි රැකියාවක් කර ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන්නේ නම් වඩා සුදුසුවෙයි. නැත්නම් සහන මල්ලට ඡන්දෙ දීලා හැමදාම නිකම් බුදින්න පුරුදු වුණු ජනතාවක් බිහිවෙනවා...

:       4       268

Ruhunu Sunday, 27 March 2022 01:18 PM

අපරාදෙ කියන්න බෑ. රට රටවලින් ණය අරගෙන හරි පවුලේ අයට භාගයක් තියාගෙන ඉතුරු භාගෙ මුලු රටටම බෙදලා දෙනවා.

:       72       241

Ladi Sunday, 27 March 2022 01:20 PM

වඳින්නම් එපා...

:       1       197

Shan Sunday, 27 March 2022 01:24 PM

තමුන්ට මැණික් මලු ලැබුණා වගේ අපිට මලු ඕනැ නෑ.. අපි හම්බ කරගෙන කන්නම්. නිකන් මලු දීලා රටවැසියා තවත් දීන කරන්න එපා. කරන්න පුළුවන් එකම දෙය ඔක්කොම රාජපක්ෂලා ටික අරගෙන ගෙදර යන්න.

:       2       263

Pradeep Kumara Sunday, 27 March 2022 01:31 PM

දීපු සහන හොඳටම ඇති මහත්තයෝ, තවත් නම් එපා. පුළුවන් නම් ඔයාලගේ පවුල්වල අය හොරාගත් ජනතා මුදල් නැවත ජනතා සුභසාධනය වෙනුවෙන් යොදවන්න.

:       13       153

චමින්ද Sunday, 27 March 2022 01:54 PM

නිදහස ගත්තු දවසේ ඉඳලා මළු නැත්නම් පොට්ටනි බෙදීම නිසා අවුරුදු 74ක් වෙද්දී රට තියෙන්නේ (අතීත මිනිස්සු කියන ලෙසට මකර කටේ...) කොයි වෙලාවේ උගුරෙන් පහළට තල්ලුවේද කියන්න බැහැ. ඒ නිසා සුනාමි ආධාරවල සිට ණයට ගත් මුදල් ඇතුළුව විදේශවල තැන්පත්කළ මුදල් ආපසු ගෙන්නුවාම නිකම්ම සහන මලු ලැබේවි...

:       1       72

naleen Sunday, 27 March 2022 01:47 PM

සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකොට රට විනාශ වනවිට. එය වසා ගැනීමට මලු බෙදීමේ ක්‍රමවේදය දැන්වත් නවත්වන්න.

:       0       196

Bandara Sunday, 27 March 2022 02:04 PM

මෙන්න මේක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. හිඟාකාලා මිනිස්සුන්ට පරාදීන වෙන්න උගන්නනවා. දැන් මිනිස්සු ඒකට ඇබ්බැහි වෙලා ඉවරයි. ඔය බෝඩ් උස්සන් ගතමනාව වැඩිකරගන්න ඔක්කොම පරාදීන, ආත්මාර්තකාමී කුලකයට අයත්ය. ඔවුහු සිටිනාතුරු හොරු මාරුවෙන් මාරුවට ලක්මාතාව විනාශ කරති.

:       1       123

sena Sunday, 27 March 2022 02:08 PM

මේක ඡන්ද ගුණ්ඩුවක්... මලුවලින් නම් වැඩක් නෑ. අපිට ඕනේ කීයක් හරි හම්බකරගෙන ජීවත් වෙන්න විදිහක්...

:       0       154

සර් Sunday, 27 March 2022 02:16 PM

විකාර කියවනවා...

:       0       43

Hafeel Sunday, 27 March 2022 02:23 PM

දැන් තමයි තේරුණේ. එදා විමල් ඡන්දෙ කාලේ කියාගෙන කියාගෙන ගිය අර සහන මල්ල දෙන්න යන්නේ...

:       61       34

දර්ශන පෙරේරා Sunday, 27 March 2022 02:43 PM

මේ වෙලාවේ ණයට අරගෙන හරි සහනදීලා ඉදිරියට ඇතිවෙන්න යන කැරැල්ල නැවැත්විය යුතුයි. එහෙම නොවුණොත් කඩ සාප්පු, ව්‍යාපාරිකයින්, ඒ වගේම යමක් කමක් තියෙන මිනිස්සුන්ගේ ගෙවල් බිඳලා දේපල හොරකම් කරයි. මිනිස්සුන්ට වැරදිකාරයින් වගේ පේන්නේ පෝලිමේ තමන්ට ඉස්සරහ ඉන්න අය මිසක් රටට මේ තත්ත්වය ඇතිකරපු අය නෙවෙයි. පවතින තත්වය සමනය වුණාම සියලු දේශපාලන පක්ෂ, සියලුම ක්ෂේත්‍රවල විද්වතුන් එකතුවෙලා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුයි.

:       3       90

පිටිගල මිලානෝ Sunday, 27 March 2022 02:52 PM

හොරාකාපු සල්ලි නැවත රටට දුන්නා නම් සහන ඕනේ නැහැ.

:       125       101

ravin Sunday, 27 March 2022 03:08 PM

ආපහු අපේ සැප හොයා බලන්න වගේ හදන්නේ... දැන් අපි ඉන්නේ සැපෙන්... ඔහේලා...?

:       0       30

Gamini Sunday, 27 March 2022 03:12 PM

ඔබතුමා වේදිකාවල් වලට නැගලා ගෑස්ටික දෙන්න බැරි ආණ්ඩු මොකටද? දැන් සැපද කියලා ඇහුවා මතකද? අද අනුන්ගේ වැරැද් පෙන්නුවට තමාගාව තියෙන්නෙත් වැරැදිම තමයි.

:       1       61

සමීර Sunday, 27 March 2022 03:14 PM

පීඩාවට පත් නොකර ඉන්න තිබුණු බව අමතක වෙලාද?

:       1       24

Nandalal DE SILVA- France Sunday, 27 March 2022 03:17 PM

මෙයා කියන විදිහට ජනතාව ‘‘සහන මල්ලක්‘‘ වසරකට වරක් බෙදාදුන්නත්, රාජපක්ෂ පවුලේ අයටත්, එයාලගේ හෙංචයියන්ටත් වසර පුරාම ‘‘සුපිරි සහන ගෝනි ගණන්‘‘ ලැබෙන වග නම් මෙරටේ ඕනැම කෙනෙක් හොඳින් දන්නවා...!!! 

:       1       68

අසංග Sunday, 27 March 2022 04:11 PM

ආයෙත් ඉන්ධන මිල ඉහළ දමන එකත් මල්ලේ තියනවා නේද?

:       0       48

Adam Sunday, 27 March 2022 04:15 PM

අපේ රට කාලා ඉවරයි...

:       0       47

නලින් Sunday, 27 March 2022 04:22 PM

ලැජ්ජාවක් නැතුව තවමත් මේ වචන පාවිච්චි කරනවනේ...!

:       0       60

janabala asamagi Sunday, 27 March 2022 04:48 PM

සහන මලු අපිට එපා... කොල්ල කාපු මුදල් අපිට දියව්...!

:       34       99

de silva Sunday, 27 March 2022 06:31 PM

ඔබ සිතන්නේ අපි හිඟන්නෝ කියලද? සහන මලු අපට එපා. පෝලිම් නැති කරන්න බැරිනම් පව් නොදී ගෙදර යන්න. ඔය හදන්නේ සහන මල්ලෙනුත් ගසාකන්න.

:       18       20

mp Sunday, 27 March 2022 07:15 PM

තවත් නම් මුකුත් එපා. මේ ලැබිලා තියෙන හරිය හොඳටම ඇති. ඔය පව් ටික ගෙවන්න කොපමණ නිරයේ ඉන්න වෙයිද කියලද හිතන්නේ.?

:       26       17

ජනිත Sunday, 27 March 2022 07:29 PM

සහන? එතකොට අපි වහල්ලු. මල්ල!!! මරු වචනනේ තියෙන්නේ...!

:       23       16

චින්තක Monday, 28 March 2022 06:09 AM

ජනතාව දීන මිනිස්සු කරන මලු බෙදීම ගැන බමුණුආරච්චි කියන්නේ මොකද කියලා බලන්න ආසයි. තව කෙනෙක් හිටියා රවීන්ද්‍ර කියලා... මිනිහට කෝවිඩ් හැදිලා යන්න වුණාද බලන්න..?

:       0       0

Srinath Monday, 28 March 2022 06:55 AM

"ඕනෑම අයකුට විවේචනය කළ හැකිබව පැවසූ රාජපක්ෂ මහතා ඒ විවේචන අයට වගකීම් බාර දුන්විට ඒවා කිරීමට අපොහොසත් වන බවද සඳහන් කළේය. ඉතිහාසය පුරා මෙවැනි සිද්ධීන් දැකගත හැකි වූ බව ඔහු වැඩිදුරටත් කීය. "හරියටම හරි, 2015 සිට 2019 කලේම විවේචන, වගකීම් බාරගෙන අවුරුදු 2ක් වගවීම අපහසු වුණා..

:       0       0

nanda Monday, 28 March 2022 07:19 AM

දීපු සහන ටික හොඳටම ඇති... කපටි කමෙන් බොරු පොරොන්දුවලින් ඡන්ද අරන් බලේට එනවා වගේ පහසු නැ.. රටක ජනතාව ජීවත් කරවන එක... මෙවන් බැරෑරුම් තත්වයක් අභියස සිට තවත් මීළඟ මැතිවරණයෙන් ගොඩ එන්න කල්පනාව...

:       0       0

Anuruddha Monday, 28 March 2022 08:37 AM

අද කාලා ඉන්න එක නොවෙයි විය යුත්තේ.. අනාගත පරපුරටත් සුරක්ෂිත, පැහැදිලි දර්ශනයක් දෙන්න. සෑම වේලාවකම ඡන්දය බලාගෙන වැඩකළ නිසයි අද මගේ ආදරණීය රට මේ තත්වයට වැටුනේ...!!!

:       0       0

saman Monday, 28 March 2022 08:49 AM

දැන් පින්දහම් කරගන්න හොඳ කාලේ නේද?

:       0       1

Bunny Preena Monday, 28 March 2022 08:57 AM

එහෙමනම් ලංකාවේ මුළු ජනගහනයටම දෙන්න වෙයි.

:       0       1

a Monday, 28 March 2022 09:19 AM

තවත් පීචන් වෙයල්ලා... ජාතිවාදී රාජපක්ෂ ආණ්ඩුව දැන් අරාබි රටේ හිඟාකන්න යැව්වා නම් හරි...

:       0       1

Pp Monday, 28 March 2022 01:58 PM

අපි දෙනවා ළඟදීම ලොකු සහන මල්ලි ... ආණ්ඩුවේ ඔක්කොටෝම...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site