
(අංජුල මහික වීරරත්න)
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ පවතින ප්‍රමාදය කඩිනමින් යළි යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරට අදාළව ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන්නේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව සිදු කෙරිණි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) සහ GovTech (Pvt) Ltd යන ආයතන වලට අයත් ඩිජිටල් සංවර්ධන ව්‍යාපෘති වල ඉදිරි වැඩපිළිවෙළ පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමට හේතු වන බාධක හඳුනා ගැනීම මෙන්ම, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ පරිපාලන තීරණ ගැනීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ, 2026 වසර සඳහා යෝජිත අයවැය ප්‍රකාශයේ කේන්ද්‍රීය සාධකය වූ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් කෙරෙන රජයේ ආයෝජන සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි.
තවද, දිවයින පුරා පිහිටි දුරකථන කුලුනු සහ අනෙකුත් ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික ආයෝජකයින් සහ වෙළඳපොළ හසුරුවන්නන් හට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

2025 දෙසැම්බර් මස 04
376
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැඳුනුම්පත් නිකුතුව කඩිනම් කරන්නැයි ජනපති නියෝග
sunil Wednesday, 12 November 2025 04:07 PM
ජනාධිපති තුමනි ඔබතුමාගේ අවධානය මේ ප්‍රශ්නෙට යොමුවීම ඉතා වැදගත් හැදුනුම්පත් කාර්ඩ් අවශ්‍ය ප්‍රමනෙට ගබඩාවල තිබෙනවා , රජයේ නිලධාරියොත් අවශ්‍ය ප්‍රමනෙට වැඩිය තුන් ගුණයක් ඉන්නවා , නමුත් තනි දවසෙන් හැදුනුම්පතක් ගන්න ගියොත් පැය 8 ක පමණ රස්තියාදුවක් කන්න වෙනවා , පැය 2-4 පෝලිමේ ඉඳල සාමාන්‍ය ක්‍රමයට ගාල්ලට හැදුනුම්පතක් හදන්න භාර දුන්නොත් හැදුනුම්පත මුද්‍රණය කලත් ඒගොල්ල තැපෑලට දමන්නේ නැහැ මාස ගණනක් යනකම් , හැදුනුම්පත් ඉල්ලුම්පත්රේ තමන් පදිංචි ප්‍රදෙශේ ප්‍රාදේශීය ලේකම් කර්යලේට දුන්නොත් මස 3-12 ගත වෙනවා , මේම කාර්යාලවල ඉන්න නිලධාරියෝ පගාව ගන්න සිතා මතාම නැති පෝලිම් සහ නැති ප්‍රශ්න නිර්මාණය කරනවා , රස්තියාදු වෙන මිනිස්සු බනින්නේ ආණ්ඩුවට , අපිට පාරේ බැහැල යන්න බැහැ මිනිස්සු දොස් කියනව අපි චන්දෙදි මලිමවට වැඩ කල නිසා , කරුණාකර චක්‍රලේකයක් ගහන්න වැඩ ඉවර වුන හැදුනුම්පත් සතියක් තුල තැපැල් කරන්න කියල , පාස්පෝර්ට් කන්තෝරුවෙත් වැඩ මිට අන්තය ,
Prabath Wednesday, 12 November 2025 04:25 PM
එයාලා ආයෙත් ජාතික හැඳුනුම්පත් එකතු කරන්න යනවද?
de silva Wednesday, 12 November 2025 04:25 PM
ජනාධිපති තුමනි පාස්පෝර්ට් කනතොරුව , හැදුනුම්පත් කනතොරුවත් එක ගොඩනැගිල්ලේ තිබුනත් තවම එකට ලින්ක් කරලා නැහැ උපන්න ස්කෑන් කරලා තිබුනත් රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවත් මේ සමග ලින්ක් කරලා , නැහැ මේවා කරන්නේ නැත්තේ නිලධාරීන්ට හොර පාස්පෝර්ට් , හොර රියදුරු බලපත් හොර හැදුනුම්පත් හදන්න බැරිවෙන නිසා , අර ඔබතුම කලින් කිව වගේ අල්ලස් පොකුරු මේ කාර්යාල වල තිබෙනවා , දිනෙක අල්ලස් අදායම එක කර්යලෙකින් ලක්ෂ 30-60 අතර වෙනවාලු , ලගකදී අල්ලස් කොමිසමෙන් ඇවිත් නිලධාරියෙක්ගේ ලාච්චුවක් පරික්ෂා කරහම එකේ එම වෙලාව වෙනවිට එදින එකතුව ලක්ෂ 41 ලු , මේවට JVP , මාලිමා, පොහොට්ටු , UNP , සජබ වුර්තිය සම්තිත් සම්බන්ධාලු , මේවා සමුපකාර ක්‍රමයට සේවකයන් අතර බෙදා ගන්නවලු , පගාව ගන්න මේගොල්ල මේවා නිවැරදි නොකර ඩිගිටල් ආර්ථික ගැන කතා කිරීම විහිළුවක් , වෙනත් නමකින් හොර හැදුනුම්පතක් රුපියල් 35000-100000 අතර මුදලකට හදන්න පුළුවන්ලු , මේවා භාවිතාකර පාතාල ක්‍රියා , වංචා සහ බදු වංචා පවා කරනවලු ,
sanath Wednesday, 12 November 2025 04:45 PM
ජනාධිපති තුමා වැඩ කරන්නේ නැති නම් නිලධාරියෝ ගෙදර අරින්න , මුන්ට සාමාන්‍ය ක්‍රමයට භාර දෙන හැදුනුම්පතක් පාස්පෝර්ට් එකක් නිකුත් කරගන්න මස ගණනක් යනවා , ප්‍රින්ට් කරලා කබඩ් එකේ දමාගෙන ඉන්නවා තැපැල් නොකර , පගාවක් ගන්න බලපොරෝතුවෙන් ,ලෝකේ දියුණු රටවල මෙන් පරිගණක AC කරපු නවීන ගොඩනැගිලි ඇතුළු සියලුම පහසුකම් දීල තිබෙනවා , මෙහෙම විකාර ලෝකේ කොහෙවත් නැතිව ඇති , ජනාධිපති තුමා මුන් රජපකෂලගේ කාලේ පත් කරගත්ත , රාජපක්ෂලාගේ අතකොලු උන් නිතරම බලන්නේ පගාව ගන්න ,ඉදිරියට මේක අවුල් වෙන බව පෙනුනහම , උන් බලන්නේ මිනිස්සු රස්තියාදු කරලා අනඩුවට විරුධව මතයක් හදල ඔහෙට ෂොට් එක දෙන්න , උන්ට කලින් ඔහේ ක්‍රියාත්මක වෙන්න ඕනේ , අවන්කවම කියන්නේ , උන් ඔහේව ගෙදර අරින්න කලින් ඔහේ දුශිතයන්ව ගෙදර අරින්න ඕනේ නැතිනම් යහපාලන ආණ්ඩුවට අත්වුණා ඉරණම ඔහෙටත් ලැබේවි