(සිතුම් චතුරංග)
කොවිඩ් -19 වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලෙකු හමුවීමත් සමඟ හුදකළාකර තිබූ මහකච්චකොඩිය ගම්මානය අද (02) සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලාගේ පවුලේ පිරිස හා ඔහු ඇසුරුකළ පිරිස් වවුනියාව, පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදුකළ පී.සි.ආර් වාර්තාවෙන් ඔවුන්ට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වීමෙන් අනතුරුව හුදකළා කොට තිබූ මහකච්චකොඩිය ගම්මානය විවෘත කර තිබේ.
නාවික හමුදා සෙබලා ඇසුරු කළ හා ඔහුගේ ඥාතීන් සමඟ සබධතා පවත්වා ස්වයං නිරෝධායනයට ලක්කළ පවුල් 29 කින් පවුල් හතරක් තවදුරටත් මහකච්චකොඩිය ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති අතර සෙසු පිරිසට ස්වයං නිරෝධායනය අවසන් කරන ලෙස උපදෙස් ලබාදුන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
අද දිනයේ සිට මහකච්චකොඩිය ගම්මානයවෙත ඇතුළුවීමට අවහිර වන සේ යොදවා තිබූ මාර්ග බාධක සියල්ල බවත් කිරීමට කටයුතු කළ බවද පොලිසිය සඳහන් කළේය.
පසුගිය 21 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නාවික හමුදා සෙබලෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනයවී ඇතිබවට තහවුරුවීමත් සමඟ මහකච්චකොඩිය ගම්මානය හා ඔහු ඇසුරුකළ පිරිස එළෙස ස්වයං නිරෝධායනයට ලක්කෙරිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හුදකළා කර තිබූ මහකච්චකොඩිය ගම්මානය යළි විවෘත කරයි