(විමුක්ති එස් රුද්‍රිගු)
වසර 20 කට වැඩි කාලයක් කෝමා තත්වයෙන් පසුවූ සෞදියේ අල් වලීඩ් බින් කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරු ඊයේ(20) අභාවප්‍රාප්ත වූවේය.
2005 වසරේදී දරුණු රිය අනතුරකට මුහුණ දීමෙන් පසුව අල් වලීඩ් කුමරු වයස අවුරුදු 15දී කෝමා තත්වයට පත්වුණු අතර දීර්ඝ කාලයක් කෝමා තත්වයෙන් පසුවීම හේතුවෙන් "නිදා සිටින කුමාරයා" යන අන්වර්ථ නාමයෙන් ඔහුව හැඳින්වූවේය.
අල් වලීඩ් කුමරු 1990 වසරේ අප්‍රේල් මාසයේදී උපත ලබා තිබූ අතර,ඔහු බිලියනපතියකු වන අල් වලීඩ් බින් තලාල් කුමරුගේ ඥාති පුත්‍රයා වූ අතර ප්‍රමුඛ සෞදි රාජකීයයෙකු වන කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා විය.
රිය අනතුර හේතුවෙන් අල් වලීඩ් කුමරුගේ මොලයට දැඩි හානි සිදුව තිබූ අතර අභ්‍යන්තර ලේ ගැලීම්ද සිදුව තිබිණි. ඇමරිකානු සහ ස්පාඤ්ඤ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබාගත්තත් තම වැඩිමහල් පුත්‍රයා වූ අල් වලීඩ් කුමරු කොමා තත්වයෙන් මුදා ගැනීමට කලීඩ් කුමරු උත්සාහ ගත්තත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූවේය.
කීපවතාවක් අල් වලීඩ් කුමරුට සවිකර ඇති ජීවිත ආධාරක උපකරණ ක්‍රියා විරහිත කිරීමට වෛද්‍යවරුන් යෝජනා කර තිබුනත් කලීඩ් කුමරු දැඩිව එයට විරුද්ධ වී තිබිණි. වසර 20 ක කාලයක් තම වැඩි පුත්‍රයාගේ ජීවිතය රැකගැනීමට සටන් කළ කලීඩ් කුමරු අවසානයේ ඊයේ(20) එම සටනින් පරාජයට පත්වූවේය.
අල් වලීඩ් කුමරුගේ මරණය ප්‍රසිද්ධ වීමත් සමග සමාජ මාධ්‍ය තුළ මෙන්ම ලෝක ධනවතුන් ශෝක පණිවුඩ රාශියක් නිකුත් වී තිබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සෞදියේ ’’නිදා සිටින කුමාරයා’’ මිය යයි
Tiran Sunday, 20 July 2025 06:16 PM
ඒ රටේ මිනිස්සු කිව්වේ නෑ බටේ ගලවපන් අපේ තෙල් සල්ලි කියලා. ලංකාවේ වුණා නම් සතියෙන් ගලවනවා. පාහර ජෙප්පන්ට විතරයි මේ රටේ ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ. නීතියත් නවලා, තවලා ජෙප්පන්ට ක්‍රියාත්මක වෙන්නේ නෑ. කන්ටේනර් 323ක් පන්නපු ඇමැතිලා තාම එළියේ. වාහනයක කොටසක් වෙනස් කරා කියපු විපක්ෂෙ එකා හිරේ. හොරකම කවුරු කරත් නීතිය එක වෙන්න එපැයි. මහ හොරා එළියේ ඉද්දී හාල්මැස්සෝ ඇතුලේ.