IMG-LOGO

සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මානුවන් රිමාන්ඩ්

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

සිංහරාජ වනාන්තරයෙන් කටුස්සන්, දිමියන්, කුහුඹුවන්, කලාඳුරුවන් ඇතුලු කෘමින් එකතුකළ  ජර්මන් ජාතික අයියා මලෝ දෙදෙනා අප්‍රේල් මස 08දා තෙක් රක්‍ෂිත බන්‍ධනාගාරයේ තබන ලෙස මොරවක මහේස්ත්‍රාත් අජිත් ලියනගේ මහ තානියෝග කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මෙසේ රිමාන්ඩ්භාරයට පත්කෙරුණේ ජර්මනියේ Hannover  හි Klumpp Daniel (52) සහ ඔහුගේ සහෝදරයා වන Klumpp Lars (47) යන ජර්මන් ජාතිකයන් දෙදෙනායි. ඔවුන් මාර්තු මස 17 දින ලංකාවට පැමිණ ඇති බවද අධිකරණයේ දී අනාවරණය විය.

සැකකරුවන් දෙදෙනා සිංහරාජ වාන්නතරය නැරඹීමට පැමිණ ඇත්තේ 27දාය. එසේ පැමිණ සිංහරාජ වනාන්තරයට අයත් දෙණියාය කුරුලුගල ප්‍රදේශයේ සංචාරය කර ඇත්තේ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත මාර්ගෝපදේශකයෙකු සමගය.

කැලෑවේ සංචාරය කරද්දී එක් සංචාරකයෙක් කැලෑවේ සිටි කටුස්සෙක් ඔහුගේ ගමන් මල්ලට දාගන්නා ආකාරය සංචාරක මගපෙන්වන්නා දැක තිබේ. ඔහු ඒ බව සිංහරාජ හරිත මිතුරෝ සංවිධානයට දන්වා තිබේ.

ඔවුන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු වනජිවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත්භාර සහකාර අධ්‍යක්‍ෂ චන්න සුරවීර මහතාගේ උපදෙස් මත සිංහරාජ වනජිවී අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශය අයත් මිරිස්ස වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරී පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යවා තිබුණි.

 



අදහස් (0)

සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මානුවන් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site