(ඩයනා උදයංගනී)-
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වෙන සර්වපාක්‍ෂික සමුළුව ප්‍රෝඩාවක් බවත්, ඒ රැවටීමට සම්මාදම්වීමට නොහැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.
ජනාධිපතිවරයා ජාතිය අමතා කිව යුත්තේ පවතින අර්බුදය හා එයට විසඳුම කුමක්ද? ගැටලුව විසඳීමට කොපමණ කල් ගතවේද? යන්න හා ‘එතෙක් ඉවසා සිටිමු අපිත් කැපකිරීම් කරනවා.
ඔබත් කරන්න’ යන ඉල්ලීම බවත්, මේ දක්වා ආණ්ඩුව ජනතාවට මෙම අර්බුදයෙන් ගොඩයන ආකාරයක් කියා නැති බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය
පවතින අර්බුදයට විසඳුම් සෙවීම ගැන මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ හෝ සන්ධාන නායකයන් අතර සංවාදයක් ඇතිවී නැතැයි කී මන්ත්‍රීවරයා සර්ව පාක්‍ෂික සමුළුව කැඳවිය යුත්තේ නිසි යෝජනාවලියක් සකසා ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව ආණ්ඩුවේ නිල වැඩපිළිවෙලක් බවට පත්කරගැනීමෙන් පසුව බව ද කීවේය.
කෙසේ වුවත් මෙය කැඳවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් අනුව නිසා සන්ධානය තුළ බිඳීමක් ඇති නොවන ලෙස ආණ්ඩවේ හවුල්කාර පක්‍ෂ 10ක් නියෝජනය කරමින් පක්‍ෂ නායකයන් දෙදෙනකු පමණක් ඊට සහභාගී කරවීමට තීරණය කළ බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඒ අනුව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාත්, විජයධරණි ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියනුත් පමණක් ඒ සඳහා සහභාගී වන බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සර්වපාක්ෂික සමුළුව ගැන උදයගේ මතය
සලීම් Monday, 21 March 2022 07:05 AM
මොන සර්වපාක්ෂික සමුළුද... කිරිපිට් නැහැ තෙල් නැහැ ගෑස් නැහැ සිමෙන්ති නැහැ කරන්ට් කපනවා...අද වෙනකොට පොලින් වල වරු ගනම් හිටපු මිනිස්සු දෙන්නෙක් මැරිලා වැටිලා.අය්යෝ වෙච්ච අපරාදයක්.මුළු රටම වලපල්ලට යවපු රජයක් මේ රජය.තවත් පව් නොදී...තක්කඩි හොරු රැල විපක්ෂයට රට බාරදීලා ගෙදර යන්න.රට කාබාසිනියා කෙරුව.
Hafeel Monday, 21 March 2022 08:24 AM
මෙයාගේ සහ විමල්ගේත් කට කැඩිච්ච කතාවලුත් එක හේතුවක් තමයි වර්තමාන තෙල් අර්බුදයට. එදා චන්ද කාලේ මෙයා කිව්වා තෙල් සල්ලිවලින් තමයි ලෝකේ ත්‍රස්තවාදය මතු වෙනවා කියල. එහම කියල, මෙයා ලජ්ජා නැතුව එක්සත් අරාබ් රාජ්‍ය, ඕමානය සහ බිරිඳට බුර්කාවත් අන්දවලා ඉරානයෙනුත් ණයට තෙල් ඉල්ලුව. නමුත් කොව්රුත් දුන්න නැහැ. මෙයාගේ කට නිසා අද ජනතාව අපහසුතාවට පත් වෙලා. මෙයාගේ කල්ලිය මොන පක්ෂයෙන් හෝ ලාංචනයෙන් චන්දෙට අවොත් ප්‍රතික්ෂේප කලයුතුයි.