IMG-LOGO

සනත් නිශාන්තට නොතීසි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය අද  (08) නොතීසි නිකුත් කළේය.

ඒ අනුව මෙම පෙත්සම් දෙක ලබන 13 වැනිදා යළි කැඳවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සැලකිල්ලට ගැනිණ.

නිතීඥ විජිත කුමාර සහ නීතිඥ ප්‍රියලාල් සිරිසේන  යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත .

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, සාලිය පීරිස් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා ලබා දෙන ලෙසය.



අදහස් (5)

සනත් නිශාන්තට නොතීසි

achini Thursday, 08 September 2022 03:08 PM

මොනවද ඔට්ටු මෙ නඩුව ඉදිරියට් ගෙනියන්න නිතිපති ඉඩ ඩෙන්නෙ නෑ.

:       0       1

Bamunuarachchi Thursday, 08 September 2022 04:33 PM

ඔක්සිජන් දෙන්න වෙයිද?

:       0       3

BamunuarachchiSaturday, 10 September 2022 07:43 AM

එල්ලුම් ගස් ඇරියත් අපිට කමක් නැහැ.

:       0       2

Athula Friday, 09 September 2022 10:50 PM

මුන්ට අදිකරණ දඬුවම් සුමට වැඩියි ඕකුන්ට දඬුවම් කරන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෙ... ගෝල්ෆේස් එකට ගෙනත්

:       0       0

Athula Friday, 09 September 2022 10:54 PM

මුන්ට අදිකරණ වලින් දඬුවම් කරලා වැඩක් නැහැ ගෝල්ෆේස් ගෙනත් ජනතාවට දෙන්න ඕනෙ ප්‍රසිද්දියේ දඬුවම් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 454 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site