IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ )

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර  අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා  සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට  ඒ බව ලිපියකින් දැනුම් දුන් බවද ඇය කීවාය.



අදහස් (25)

සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි

යෝගා Saturday, 22 January 2022 12:44 PM

ඇත්ත. කරපු දේ හරි. බලමු දැන් හොරු ටික එලියට දායිද කියලා.

:       4       77

Surain Saturday, 22 January 2022 12:57 PM

මේ ආණ්ඩුව නාඩගම් මඩුවක් වෙලා තියෙන්නේ...

:       9       82

sujeewaSaturday, 22 January 2022 02:31 PM

ආණ්ඩුව නාඩගම් මඩුවක් ‌වෙලා නැහැ. ආණ්ඩුව නාඩගම් මඩුවක් කරලා ඒකෙන් දේශපාලන වාසි ගන්න උත්සාහ කරන කණ්ඩායම් පිස්සු නටනවා තමන්ගෙ අරමුණු ඉටුකරගන්නා තෙක්. සුළු සේවකයාට අවශ්‍ය විදිහට ආයතන පාලනය කරන්න නම් පාලකයො ඕනේ නැහැ. මම හැමදාමත් කියන විදිහට රජයේ සේවයේ මිනිහෙක්ව රාජ්‍ය සේවයට නොගැලපෙන විට ඔවුන්ව පහසුවෙන් ඉවත් කර ඒ් වෙනුවට රැකියා විරහිත අයට අවස්ථා සැලසිය හැකි පරිදි නීති සකසන්න. රාජ්‍ය ආයතන වල යාවජීව සාමාජිකත්වය ඇති සෑම නිලධාරි කණ්ඩායමකටම මෙම විධිවිධාන අදාල කරන්න. පත්වීම ගන්නකොටම තමන් ඉවත් කිරීමට හැකි හේතු කටවචනයෙන් නොවේ නීතියෙන්ම ඔවුනට පහදා දෙන්න.

:       18       92

ravin Saturday, 22 January 2022 01:55 PM

ඇත්තද? දැන් ආපහු යන්නේ ආපු පැරෂුට් එකෙන්මද? පරිසරය සම්බන්ධ වැඩ කිරීමේදී පරිසරය ගැන හොඳ අවබෝධයක් ඇති අයෙකුට තමයි ඕනේ. දේශපාලනයයි, පරිසරයයි කියන්නේ අන්ත දෙකක්... පරිසර හිතකාමියාට දේශපාලනය කරන්න පුළුවන් වුණාට දේශපාලුවාට පරිසරය ගැන දැනුම ඉතා අල්පයි..

:       46       35

පිටිගල මිලානෝ Saturday, 22 January 2022 02:27 PM

මම අදනේ දන්නේ අපි නොදැකපු සත්තුත් සත්තු වත්තේ ඉන්නවා කියලා...

:       12       46

සනත් ඉතාලිය Saturday, 22 January 2022 11:41 PM

මිලානො වලත් ඉන්නව පිටිගලින් පැනපු අමුතුම සතෙක් හරියට වදවීයන 3% නිට්ටෑවෙක් වගේ

:       7       8

පිටිගල මිලානෝ Sunday, 23 January 2022 02:42 PM

ඔබ ඉතාලියටම ගැලපෙන මෝඩ ශ්‍රී ලාංකිකයෙක්... නිට්ටෑවන් යනු මනක්කල්පිතයක් පමණයි. 3% දත්තය කොහෙන්ද හොයා ගත්තේ...? නමුත් ඔබ ඉතාලියට බෝට්ටුවෙන් පැන ආපු බහුතරයක් මෝඩයින්ගෙන් කෙනෙක් බව ඔබම ඔප්පු කර ඇත...

:       4       9

ලේක්කෝ ගලබඩSunday, 23 January 2022 03:36 PM

සනත් නිට්ටෑවෝ, රන්ජිත් පිටිගල අයිති වෙන්නේ ඔබවැනි මීගමු-වෙන්නප්පු බෝට්ටු කරවලයින්ගේ ගොඩට නෙවෙයි. ඔවුන් අයිති වෙන්නේ ඉතාලියේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවටයි. ඉතාලියේ මිලානෝවල පළමු ශ්‍රී ලාංකික කඩේ දැම්මේ රන්ජිත් පිටිගලයි.

:       4       4

Layan sathsara Saturday, 22 January 2022 02:31 PM

අවංකව සේවය කරන්න හදන ,වංචා වලට විරුද්ධ වන පුද්ගලයන්ට සේවය කරගෙන යාමට කොහෙත්ම ඉඩක් නෑ දැන් ලංකාවේ.මොනවා හරි කරලා ඒ අයට එම තනතරු දමා යන තැනට වැඩ කරනවා හොරු ටික එකතු වෙලා

:       3       79

Nimal fernando Monday, 24 January 2022 01:35 PM

සෞභාග්‍යයේ දැක්ම අනුව සාධාරණ ලෙස සේවය කරන අයට පැවැත්මක් නෑ .හොර හැතිකරය ආරක්ෂා කරනවා මෙම හොර රජය විසින්

:       0       3

චන්දිම Saturday, 22 January 2022 03:11 PM

පත්වීම දීපු මිනිහයි, පත්වීම ගත්තු කෙනයි දන්නේ නැද්ද සතුන් වත්තක පාලනය බාර ගන්න ඕනි animal husbandry and management කියන විෂයන් ගැන දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ කියලා. වරලත් ගණකාධිකාරිවරියක් යන්න තිබුණේ විශාල මූල්‍ය පාලනයක් කරන්න තියෙන ආයතනයකට... දෙන එකා තමන්ට හිතවත් එකාට දෙනවා. ගන්න කෙනා ඕනෑ දෙයක් වෙච්චාවේ කියලා ගන්නවා. අන්තිමට අර අහිංසක සත්තු ටික වද විඳිනවා.

:       56       30

sujeewaSunday, 23 January 2022 09:18 AM

ඕනෑම තැනක පාලනය භාර දිය යුත්තේ පරිපාලනය පිළිබඳ දක්ෂතා ඇති අයකුටය. ඇතැම් විට මෙම දක්ෂතා ස්වභාවයෙන්ම පිහිටන අතර ඇතැම් විට ශික්ෂාවෙන් ලබා ගත හැකිය. පරිපාලකයන් නොවන ඒහෙත් වෙනත් කේෂේත්‍රවල නියුතු වූවන් දක්ෂ පරිපාලකයන් වන්නේද, පරිපාලන කේෂේත්‍රයේ නියුතු වූවන් වුවද අදක්ෂ පරිපාලකයන් සිටින්නේද මෙම ධර්මතාවය හේතුවෙනි. කුමන කේෂේත්‍රයක වුවද පරිපාලනය යනු ඒම කේෂේත්‍රය පිළිබදවම පමණක් පාලනය කිරීම නොවන අතර එහිදී කේෂ්ත්‍රයට සෘජුවම බලපාන තවත් බොහෝ කේෂ්ත්‍ර ගණනාවක් තිබේ. ඔිනෑම ආයතනයක් සමබර වීම සඳහා අත්‍යාවශ්‍ය සෑම කේෂේත්‍රයක ප්‍රාමාණික දැනුමක් ඇති නිලධාරීගේ සංකලනයක් දැකිය හැකි බැවින් සැබැවින්ම අවශ්‍ය වන්නේ සියල්ල මැනවින් හසුරුවමින් සාධනීය තීරණ ගතහැකි පාලකයෙක් පමණකි. බොහෝවිට සංවෘත ආයතන වල ලිංමැඩියන් සිතනුයේ තමන් තරම් දන්නා අය ලොවෙහිත් නැතිබවයි. එයට හේතුව වන්නේ තමාට වඩා දක්ෂයන් ලිදෙන් පිට සිටිය හැකි බව එම ලිංමැඩියන් නොදැනීමයි. සංවෘත ආයතනවල බොහෝ වියවුල් වලට හේතුව එයයි. සංවෘත ආයතන පිහිටුවීමේ ආදීනවය එයයි.

:       5       8

චන්දිම Sunday, 23 January 2022 05:27 PM

හිටපු සත්ව උද්‍යාන අධ්‍යක්ෂක දොස්තර ලීන්ද අල්විස්, දුම්රිය සේවයේ හිටපු රම්පාල් වැනි මහතුන් අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් වගේම දක්ෂ පරිපාලකයින් වූවා... එකල ඔවුන් ජාත්‍යන්තරයේ පවා විශිෂ්ඨයින් ලෙස පිළිගනු ලැබුවා. අද අපේ රටේ එවැනි අයට තැනක් නැහැනේ...

:       0       4

C.K.Lankaputhra Saturday, 22 January 2022 03:36 PM

මේක හරියන්නේ නැහැ. සත්වෝද්‍යානයේ ප්‍රධානියා විදිහට චිම්පන්සියෙක් ඡන්දෙන් තෝරලා දාන එකයි දැන් කළයුතු වන්නේ. ඌ කියන කියන විදිහට වැඩේ හරියට කරයි. කවදාවත් බෑ කියන්නෙත් නැහැ, දාලා යන්නෙත් නැහැ...

:       4       37

ganegoda Saturday, 22 January 2022 04:28 PM

ලෝකයේ පළමු වතාවට ‘‘සත්තු සිවුපාවුන් වෙනුවෙන්‘‘ මනුෂ්‍යත්වය ඉදිරියේ..

:       2       16

sarath Saturday, 22 January 2022 05:50 PM

රාජපක්ෂ කෙනෙක් යුක්තිය ඉෂ්ට කර දෙන ලෙස ලියූ ඓතිහාසික ලිපිය මෙය වේවි..!.

:       6       39

naleen Saturday, 22 January 2022 10:27 PM

රටේ හැකි සියලු ආයතන පෞද්ගලීකරණය කලයුතුය .

:       1       6

Bandara Sunday, 23 January 2022 12:10 AM

ලංකාව අද ඉන්න තැනට වගකිවයුත්තේ දේශපාලුවන්ට වඩා දුපත් මානසිකත්වයක් ඇති මිනිසුන්ය.

:       1       5

Siri Sunday, 23 January 2022 04:03 AM

හරි පුදුමයි.

:       0       2

Siri Sunday, 23 January 2022 04:47 AM

සත්තු මෙල්ල කරගන්න බැරි කෙනෙක් වගේ.

:       0       5

මොට්ටපාල Sunday, 23 January 2022 06:09 AM

මෙයා දෙපාර්තමේන්තු ගත නිළධාරියෙක් නොවෙයි නම් පරිපාලන සේවයේ අයෙක් නම් මාරුවෙලා යන්න පුළුවන් කොහොම වුනත් මුන්දැ මේකටම කැමති අයෙක් . කෙසේ කිව්වත් රාජ්‍ය නිළධාරින්ට සේවයෙන් ඉවත්ව සිට පහසු අවස්තාවල සේවයට එන්න හැකියාව නැහැ මෙහෙම කලොත් එය රාජකාරි පැහැර හැරීමක් වෙනවා ආයතන සංග්‍රහය අනුව දඩුවමක් දෙන්න පුළුවන්.

:       2       6

Lakmal Sunday, 23 January 2022 11:37 AM

ඔයාගේ නමටම හරියන්න කොමෙට් එක දාලා තියෙනවා.

:       5       4

fairoos Sunday, 23 January 2022 02:34 PM

අලුත් නාඩගමක්... තවත් රාජපක්ෂ කෙනෙක්..!

:       1       6

sharm warnMonday, 24 January 2022 03:34 PM

ඔයාට තේරුණේ නැහැ!!! සල්ලි එන්නේ කොතැනටද? රාජපක්ෂ කෙනෙක් එතැනට...

:       0       3

Saman weerasekara Monday, 24 January 2022 01:35 PM

හොරු ටිකට හෙන ආතල් ඇති දැන් .හිතේ හැටියට වංචා කරන්න පුළුවන් රාජ දේපල

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1561 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 754 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 636 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 332 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 566 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 522 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site