
වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ.
ඉවත් කිරීමට නියමිත වූයේ 82 හැවිරිදි රෝගියාගේ වම් පාදයයි. එහෙත්, වෛද්‍යවරියගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය කපා ඉවත් කර ඇත්තේ දකුණු පාදයයි.
තමන්ට වැරදීමක් සිදුවුණු බව වෛද්‍යවරිය දැනගෙන ඇත්තේ ද සැත්කම සිදු කර දින 3 කට පසුව යැයි ඔස්ට්‍රියා මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලින්ස් නුවර අධිකරණයක් හමුවේ නඩු විභාගය පැවැත්වුණු අතර නොසැකිලිමත් බව හේතුවෙන් 43 හැවිරිදි ශල්‍ය වෛද්‍යවරියට යූරෝ 2,700ක (ඇමෙරිකන් ඩොලර් 3,060) දඩයක් නියම කෙරුණි.
සැත්කමට ලක් වුණු රෝගියා සැත්කමින් දින කීපයක් ගත වෙද්දී මියගිය අතර, නඩු විභාගය ඉදිරියට ගෙන ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ මැදිහත් වීමෙනි.
සැත්කම සිදුවී ඇත්තේ පසුගිය මැයි මාසයේය. රෝගියාගේ වැන්දඹු බිරිඳට යුරෝ 5,000 ක මුදලක් ලබා දෙන්නැයි ද අධිකරණය නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
631
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශල්‍ය වෛද්‍යවරිය වැරදි කකුල කපලා
ravin Thursday, 02 December 2021 05:30 PM
දෙකම කකුල්නේ
ජනතාව Friday, 03 December 2021 11:04 AM
මෙවැනි දෙයක් වසර ගණනාවකට පෙර ලංකාවේත් සිදුවුණා. තරුණ විශ්ව විද්‍යාල සිසුවියකගේ වැරදීමෙන් අතක් කපලා. බහුතරය වෛද්‍යවරුන් එසේ නූනත් අප වැනි දූෂිත රටවල ජීවත්වන පොදු ජනතාව තම අයිතිවාසිකම් ගැන දැනුවත් විය යුතුයි. කවුරු හරි උගත් ලේබලයක් ගහගත් පලියට දණ නැවීම නොකළ යුතුයි. සමාජ වගකීම නොමැති උගතුන්ට ගරු නොකළ යුතුයි....