IMG-LOGO

ශාඛ-සත්ව කොටස් සමඟ ජර්මන් ජාතිකයින් දෙදෙනකු දැලේ

(එස්. ඩී. කොඩිකාර )

සිංහරාජ රක්ෂිතයේ සත්ව හා ශාක කොටස් ඇතුළු වෙරළබඩ තීරයේ ජීවත්වන මුහුදු සත්වයින් අල්ලා හොර රහසේ  ජර්මිනියට රැගෙන යාමේ ජාවාරමක නිරතවූ බව  කියන ජර්මන් ජාතිකයන් දෙදෙනෙකු අද (27) දෙණියාය ,විහාරහේන කුරුලුගල  ප්‍රදේශයේ දී සිංහරාජ අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින්  දෙණියාය පොලීසියේ සහයෝගය ඇතිව අත් අඩංගුවට ගනු ලැබූහ .

අත්අඩංගුවට ගත් පිරිස සමඟ ඔවුන් ඒ සදහා යොදා ගන්නා උපකරණ තොගයක්  ද වනජීවී බාරයට ගෙන තිබේ.

ජර්මන්  ජාතිකයන් දෙදෙනා වයස අවුරුදු 47- 52 අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි පොලීසිය කියයි.

මෙම සංචාරකයින් දෙදෙනා දෙණියාය  සිංහරාජ කුරුලුගල මංපෙතේ සංචාරය කිරීමට පැමිණ ඇති අතර  එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත මාර්ග උපදේශකයකු සමග කැලෑවේ සංචාරය කරමින් සිටියදී මින් එක් ජර්මන් ජාතිකයෙකු  කැලෑවේ ගසක  සිටි කටුස්සෙකු හොර රහසේ අතින් අල්ලා බෑගයක දමා ගෙන   ඇත . 

පසුව එය දුටු   අදාල මාර්ගෝපදේශකයා ඒ බව   සිංහරාජ හරිත මිතුරෝ  සංවිධානයට දැනුම් දී ඇත .

ඉන් පසුව එම සංවිධානය විසින් දෙණියාය පොලීසිය ඇතුළු  අදාළ අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව  එම ස්ථානයට පැමිණි නිලධාරීන්  ඔවුන් ලැගුම්ගෙන සිටි අදාල සංචාරක නිකේතනයට පැමිණ හෝටල් හිමිකරුගේ ද සහයෝගය ඇතිව ඔවුන් දෙදෙනා ලැගුම් ගෙන  සිටි   කාමරයේ ඔවුන්ගේ බෑග් වල බහා සගවා තිබු  මෙම සත්ව හා ශාක කොටස් සොයා ගත් බව සිංහරාජ අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සත්ව හා ශාක කොටස් අතර මුහුදු කකුළුවන්, මුහුදු බෙල්ලන්,ලංකාවට ආවේණික මැඩි විශේෂ ,කැරපොත්තන්,දිමියන්,ආවේණික බීජ, කලාඳුරුවන්, කුහුඹුවන් , කඩොලාන විශේෂ ඇතුළු ඔවුන් ඇල්ලීම සදහා යොදා ගන්නා පිහි, විදුලි පංකා,බැටරි, අඩු,හිස පළඳින විදුලි පංකා, කැමරා දෙකක්, ජංගම දුරකථන තුනක්, ඇසුරුම් උපකරණ,  ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබුණි.මේ සඳහා සිංහරාජ හරිත මිතුරෝ සංවිධානයේ උපරිම සහයෝගය ද විමර්ශන කරන නිලධාරීන්ට ලබා දී තිබුණි .

අත් අඩංගුවට ගත් ජර්මන් ජාතිකයන් දෙදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ශාඛ-සත්ව කොටස් සමඟ ජර්මන් ජාතිකයින් දෙදෙනකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site