IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය දීපාල් ඩොලර් හොයන මඟක් කියයි

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ඩොලර් සොයා ගැනීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි.

විදේශයන්හි දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙනම වාට්ටුවක් ඇති කිරීම ඩොලර් සොයාගත හැකි හොඳම මාර්ගයක් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙයට අමතරව විදේශයන්හි රෝගී දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙනම රොහලක් කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ ඇති කිරීම හෝ දිවයිනේ සෙසු රෝහල්වල වෙනම වාට්ටු හා පහසුකම් ඇති කිරීමෙන්ද ඩොලර් සොයා ගැනීමට මග පෑදෙන බව ඔහු සඳහන් කළේය.

වෛද්‍ය සහ වෙනත් අධ්‍යාපනික කටයුතු සඳහා විදේශීය රටවලට මෙරට ශිෂ්‍යයන් ඇදී යෑම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමෙන්ද ඩොලර් රට තුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසෙන බව පැවසූ දීපාල් පෙරේරා මහතා උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙරට පහසුකම් වැඩ කිරීමද එක් විසඳුමක් බව පෙන්වා දුන්නේය.

මෙයට අමතරව විදේශීය ශිෂ්‍යයින් සඳහා මෙරට විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හෝ දේශීය විශ්ව විශ්වවිද්‍යාලවල විදේශීය ශිෂ්‍යයින් සඳහා වෙනම අංශ පිහිටුවීම මගින්ද ඩොලර් විශාල ප්‍රමාණයක් උපයා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

එසේම මෙරටට අවශ්‍ය කෙරෙන යම් යම් වෛද්‍ය උපකරණ මෙරටදීම නිෂ්පාදනය කිරිමට ව්‍යවසායකයන් දිරිමත් කිරීමද ඩොලර් ඉතිරි කර ගැනීමට තවත් හොඳම මාර්ගයක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (15)

වෛද්‍ය දීපාල් ඩොලර් හොයන මඟක් කියයි

ලුම්බිණි Saturday, 06 August 2022 10:21 AM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අපේ රටේ තියෙන්නේ පුදුම බයක්නේ... ඉතින් කොහොමද ඒවා පිහිටුවන්නේ...?

:       59       43

දේශමාමක Sunday, 07 August 2022 08:58 AM

ඇයි ලුම්බිණිගෙ අදහසට ඩිස්ලයික් 57 ක් දාලා තියෙන්නෙ .යහපාලනය කාලයේ පුද්ගලික වෙද විදුහලක් ක්‍රියාත්මක කරන්න හැදුවාම විරුද්ධව සිටියේ කවුද .එයට පෙර එජාප රජය තිබුන කාලයේ රාගම වෙද විදුහලට විරුද්ධව වුනේ කවුද මහත්තයෝ .ඔහේලග සංගමේම නොවේද.කොහොම හරි කමක් නැහැ දැන්වත් තමුන්ලාට ඇත්ත තේරීම ගැන සතුටුයි.

:       0       12

sam Saturday, 06 August 2022 10:24 AM

දොස්තරලා ලෙඩුන්ට ප්‍රතිකාර කරන එක හරියට කළාම ඇති. ඩොලර් හොයන එක ගැන උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ. එක දොස්තර කෙනෙක් කාබනික වගාව ගැන උපදෙස් දීලා වෙලා තියන හරිය හොඳටම ඇති...

:       66       31

Kuma Saturday, 06 August 2022 01:31 PM

SAITAM එකට විරුද්ධ වුණේ ඔයාලාම තමයි. දැන් බයිලා කියවනවා. ධම්මික පෙරේරා ඔය යෝජනාව ගෙනාවා මීට අවුරුදු ගාණකට පෙර... ඔයාලා ඉඩදුන්නේ නෑ කුමා...!

:       46       39

kamal Saturday, 06 August 2022 02:04 PM

අනේ මොලේ තරම... සල්ලි තියෙන රටක තමන්ගේ දරුවාට ඉස්පිරිතාලගත කරන්න තරම් ලෙඩක් හැදුණහම පැය ගණන්, දවස් ගණන් ගුවන් ගමන්වලට ගත කරලා ලංකාවට දුවගෙන එන්න තරම් මොලේ කචල් දෙමාපියන් කොහෙද ඉන්නේ? මේ ප්‍රකාශේ කරන්න කාරණේ තමයි මේ ගොල්ලන් දවසෙම කල්පනා කරකර ඉන්නේ මුදල් ඉපැයීම ගැනයි. ඒකයි මෙහෙම ඔල්මොරොන්දම් ගොබ්බ කතා වමාරන්නේ...!

:       66       23

ගමේ එකාලා Saturday, 06 August 2022 04:58 PM

ඔයාලා ඔයාලාගේ වැඩ හොඳටම කරගන්න ඒ ඇති. බල්ලගේ වැඩේ බූරුවා කරන්න හදනවා කියලා කියමනක් තියෙනවනේ...!

:       35       19

podi mole Saturday, 06 August 2022 05:24 PM

අපේ පොඩි එව්වොන්ටත් බෙහෙත් නැති රටේ පිටරට ළමයින්ගෙ ලෙඩ හොඳ කරන්න තොවිල් නටලද?

:       7       16

කිරි පුතා Saturday, 06 August 2022 05:48 PM

මහත්වරු ටික කුහක කමටයි ඉදිමුණු කමටයි එකට එකතු වෙලා සයිටම් එක වහ ගත්තා. ඒක හරියට කළා නම් වෙනත් රටවල්වල ළමයින් ඉගෙන ගන්න එනවා ඩොලර් ගෙවලා. අපේ ළමයි වෙනත් රටවලට යන එක නවතිනවා. එවැනි සම්පත් විනාශ කරලා දැන් වාද බයිලා කියනවා.

:       7       32

ශාමා Saturday, 06 August 2022 07:33 PM

ලංකාවෙන් බෙහෙත් ගන්න එනවානම් එන්නේ , හෙලවෙද කම වාගෙ වෙදකමක් ස්තාපනය කරා නම්. බටහිර වෙදකමට ලංකාවට එන්නෙ මොකටද? හොඳ හෙලවෙදකමක් ඇති ඉස්පිරිතාලයක් හැදුවා නම් හොදයි.

:       8       24

ඉද්දමල්ගොඩ Sunday, 07 August 2022 02:50 AM

දැන්ද මේගොල්න්ට තේරිලා තියෙන්නේ.

:       0       9

Chandi.a Sunday, 07 August 2022 03:53 AM

මෙදාපාර දොස්තරලා, දොස්තරලගෙන්ම ගුටිකන්න වගේ යන්නේ...!

:       0       4

Hema Sunday, 07 August 2022 07:49 AM

බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර ගන්න රෝගීන් එයි කියලා හිතන්න අමාරුයි. එහෙම නම් රජයේ රෝහල්වලට වැඩිය පහසුකම් වැඩි පෞද්ගලික රෝහල් ලංකාවේ තියෙනවා. මේක මෙයාගේ පෞද්ගලික අදහස් වෙන්නේ ඇති. අදහස හොඳයි. ඒ වුණා උනාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේේ අනිවාර්යෙන් කියයි ඔන්න දැන් රෝහල් පෞද්ගලීකරණය කරන්න යනව කියල. ලංකාවේ කරන්න බැරි ශෛලකර්ම ආදී ප්‍රතිකාර කරන්න ගොඩක් රෝගීන්ට යන්නේ ඉන්දියාවට.

:       0       7

සරත් මීගොඩ විතාන Sunday, 07 August 2022 12:11 PM

ඔබට මතකද ලංකාවේ මෙඩිකල් කොලේජ් ආරම්භ කරන්න දරපු උත්සහායට GMO එක කරපු දේ,සයිටම් එකට කරපු දේ,ලංකාවේ ඩොලර් ටික සේරම අපට වඩා දුප්ප්ත් රටවල මෙඩිකල් කොලේජ් වලට යවනවා,ඉතිං අපි හිගන්නෝ වෙන එක අහන්න දෙයක්ද,ඔබ මේ කතා කරන්නේ සද්භාවයෙන්ම නම් හෙටම ලංකාවේ මෙඩිකල් කොලේජ් ආරම්භ කරන්න.විදේශ විනිමය ඕනතරම් හොයාගන්න පුලුවන් විදේශ දරුවන්ගෙන්,කරුනකර ඔබ සැම අත්මාර්තකාමි නොවන්න.ලෙඩ්ඩු ලංකාවට ගේනවට වඩා සිසුවන් ගේන එක පහසු බව මතක තබා ගන්න.

:       0       5

de silva Monday, 08 August 2022 08:01 AM

තෙල් සංස්ථාවේ, වරායේ සහ දොස්තරලාගේ වෘත්තීය සමිති රටේ දැන් තියෙන තත්වයට වගකියන්න ඕනේ හැමදෙයක්ම දේශපාලකයෝ පිට දමලා බේරෙන්න ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. සයිටම් එක තිබුණා නම් දැන් රටේ ඩොලර් බිලියනයක් පමණ ඉතුරුවෙලා...

:       0       3

kasun Tuesday, 09 August 2022 02:21 PM

aniwaryenma pramithiyata anuwa paudgalika waidhya widhaa pihitu wiya yuthui

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 152 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 8 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 543 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 157 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 192 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 464 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site