IMG-LOGO

වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට

 (ජේ. කේ. එල්. චාමින්ද සහ ඩී. ජේ. විජේසිංහ)
 
වෙදනළාවක්  රැගෙන   වෛද්‍යවරියක් ලෙස  පෙනී සිටිමින් ඇල්පිටිය රෝහලේ රෝගීන් අසළ සැරිසැරූ කාන්තාවක්  අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
 
 අත්අඩංගුවට ගත් කාන්තාව පිලාන ප්‍ර දේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන විවාහක කාන්තාවක් බව අනාවරණය වී ඇත. 
 
සැකකාර කාන්තාව කුඩා කාලයේ සිටම  වෛද්‍යවරියක් බවට පත්කිරීමේ ආශාවක් ඇගේ  මිත්තනියට තිබී ඇති බවත්, ඇයට එය ඉටුකිරීමට නොහැකි වූ බවත්,  ඇය කලා අංශයෙන්  උසස්පෙළ හදරා පසුව මානසික උපදේශන පාඨමාලාවක් හදරා ඇති බවත් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
 
 වෙදනළාවද එම මිත්තනිය විසින්  මිලදීගෙන දී ඇති බවද පොලිසිය පවසයි.
 
මිත්තනියගේ  මිතුරියක් රෝහලේ ප්‍රතිකාර ලබන අතර  මිත්තනිය සතුටු කිරීම සඳහා වෙදනළාව රැගෙන  වෛද්‍යවරියක් ලෙස පෙනීසිට ඇති බවද පොලිසිය පවසයි.  
රෝහල් පොලිසිය ලද  තොරතුරක් මත  අන්අයෙකු ලෙස පෙනීසිටීමේ චෝදනාව යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකාර කාන්තාව  අද (18)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (10)

වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට

ලුම්බිණි Thursday, 18 April 2019 05:12 AM

වෙදනලාවක් අතේ තියාගෙන ඉන්න බොහෝ අයට හිතෙන්නේ කඩු කස්ථාන පැළඳගෙන ඉන්නවා වගෙයි.

:       0       0

Kumar Thursday, 18 April 2019 05:20 AM

වෙද නලාවක් ලඟ තියාගැනීම වරදක්ද?

:       3       117

පිටිගල මිලානෝ Thursday, 18 April 2019 05:32 AM

රටේ හිටපු රාජ්‍ය නායකයකුගේ බිරිඳකුත් අක්ෂි රෝග පිලිබඳ වෛදය වරියක් ලෙස පෙනී සිට කුඩා ළමුන්ට පවා බෙහෙත් දුන්නා. පුළුවන් නම් එයාවත් අල්ලන්නකෝ.

:       0       407

apeksha Thursday, 18 April 2019 07:17 AM

එ්ක එයාගේ අහිංසකකම... පව් මිනිස්සුන්ගේ එක එක මානසික මට්ටම් තියනවා ඒ වුණාට ඉතින් කරලා තියන්නේ බරපතල වරදක්...

:       0       17

nisar Thursday, 18 April 2019 07:44 AM

වෛද්‍යවරයෙක් උදැල්ලක් රැගෙන ගොවිපොලක ගොවියෙක් ලෙස පෙනීසිටියොත් අන්අයෙකු ලෙස පෙනීසිටීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනීද?

:       0       245

nadee Thursday, 18 April 2019 09:29 AM

ඕක ඔය තරම් ගණන් ගත යුතු දෙයක්ද?

:       0       110

ලේක්කෝ ගලබඩ Thursday, 18 April 2019 09:59 AM

බෞද්ධයෙක් වන මා කිතුනු පල්ලියට සහ හින්දු දේවාල වලට නිතර යනවා බාර හාර ඔප්පු කරන්න. අපේ රටේ රාජ්‍ය නායකයෝද එසේමයි. සමහරු හොරෙන්ම බිල්ලෙක් වගේ දේවාල තරාදියේත් කිරෙනවා අපි දැක ඇත. බලාගෙන යනකොට මේකත් 'අන් අයෙකු ලෙස පෙනී සිටීම' හේතු කොට ගෙන හිරේ යන වැඩක්නේ.

:       109       203

lankasriThursday, 18 April 2019 11:56 AM

ඔබ බෞද්ධයෙක් නම් කුමකට දේවාල, පල්ලිවලට යනවද? පිරිසිදු ශ්‍රී සත්ධර්මය තුළයි ඔබට සැබෑ නිවන ඇත්තේ. අප්‍රමාදීව ධර්මයේම හැසිරෙන්න.

:       0       118

piyal Thursday, 18 April 2019 11:17 AM

ඇය කළ වැරැද්ද මොකක්ද? මිත්තනිය සතුටු කිරීම වරදක්ද? ඇය බෙහෙත් දෙන්න ගියේ නෑනේ. එහෙම වුනොත් විකට ඇඳුම් තරඟ වලදී වෛද්‍යවරුන් ලෙස පෙනී ඉන්නත් බැහැනේ.

:       0       20

krishna Friday, 19 April 2019 07:36 AM

වෛද්‍යවරියක් ‍වගේ ඉඳලා කාව හරි රැවැට්ටුවේ නෑනේ... එයාගේ මිත්තණිය සතුටු කළා විතරයිනේ...

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 461 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site