
(ඉන්දිකා රාමනායක)
මෝදර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට හැඳින්වෙන වැල්ලේ සාරංග කැමැත්තාගේ ඝාතන රැසකට සම්බන්ධ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය සමිට්පුර පදිංචි (25) තරුණයෙකු බවත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඝාතන හතරකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය කියයි.
2022 වසරේදී ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර කැලණි ගඟට දැමීම, 2023 වසරේදී සමිට්පුර ප්‍රදේශයේදී කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කිරීම, එම වසරේම අලිවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කිරීම, එම වසරේම බේරුවල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම, 2025 වසරේදී වත්තල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා බව පොලිසිය සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැල්ලේ සාරංගගේ ගෝලයෙක් අල්ලයි
de silva berlin Sunday, 02 November 2025 12:20 PM
පේනවා නේද මේ පුද්ගලයාගේ නඩු ඉක්මනට අහලා තීන්දුවක් දෙන්න පුළුවන් කම තිබුණා නම් මොහු ඇප පිට සිටිමින් අපරාධ දිගින් දිගටම කරන්න පෙලබෙන්නේ නැහැ. සමහර නඩු වසර 10-15 හෝ ඊට වැඩි කාලයක් ගතවෙන එක සමාජයට විශාල ප්‍රශ්නයක් වහාම කළ යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට විනිසුරුවරුන් බදවාගෙන පුහුණු කර තිබෙන අධිකරණ ගොඩනැගිලි එකවර නඩු 2-3 ඇසිය හැකි ආකාරයට නවීකරණය කරගෙන, අපරාධ සහ අනෙක් නඩු මාස කිහිපයක් තුළ අසා තීන්දුවක් දෙන තත්වයට ගෙන එන්න. අධිකරණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කරන්න ඕනේ...