IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


වැඩි මිලට බඩු වික්කොත් දැඩි දඬුවම්

(අංජුල මහික වීරරත්න)

ආපදා අවස්ථාවේ වැඩි මිලට බඩු විකුණා අයුතු ලාභ ගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මෙසේද පවසයි.

දැනට පවතින අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්තික ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇත. මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය සේවා හා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ නීති හා නියමයන් යටතේ නීතිවිරෝධී වේ.

ශ්‍රී ලාංකිය ප්‍රජාව ලෙස එකමුතුවෙන් ආදර්ශවත් ලෙස ක්‍රියා කළ යුතු මෙම අවස්ථාවේදී, පාරිභෝගික භාණ්ඩ අයුතු ලෙස ඉහළ මිලකට විකිණීමෙන් අයහපත් ලාභයක් ලබා ගැනීමට උත්සාහ කිරීම සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාවකි.

එම නිසා, වත්මන් අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මිල ඉහළ දැමීම, අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩා කර සගවා තබාගැනීම මගින් අයුතු හෝ කුඨ වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව දැනුම් දෙමි.

සියලුම වෙළඳුන් උපරිම සිල්ලර මිල සටහන් භාණ්ඩ එම මිලට ද, අනෙකුත් භාණ්ඩ සාධාරණ මිලකට අලෙවි කරමින්, සෑම පුරවැසියෙකුටම පාරිභෝගික භාණ්ඩ අඛණ්ඩව ලබාදීම තහවුරු කල යුතු වේ.

 



අදහස් (3)

වැඩි මිලට බඩු වික්කොත් දැඩි දඬුවම්

de silva Tuesday, 02 December 2025 08:16 AM

කුකුළු මස් වලට පාලන මිලක් තිබෙනවද ? එම මිල කොපමණද ?

:       0       0

dasun Tuesday, 02 December 2025 10:03 AM

වහාම ක්‍රියාත්මක විය යුතු නීතියක්. සුපිරි වෙළඳසැල් වලින්ම පටන් ගමු. උපරිම මිල සීමා අඩංගු ගැසට් නිවේදනය වූ වහාම ප්‍රකාශයට පත් කරන්න.

:       0       0

දිමුත් Tuesday, 02 December 2025 10:35 AM

මේ වෙලාවෙත් ඔහොම කරන අය නම් මිනිස්සු වෙන්න බැහැ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 255 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 305 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1228 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site